Thursday, February 1, 2018

Scarlet Diva ඉතාලියානු චිත්‍රපටය ගැන ඔබ නොදත් දේ.....

Scarlet Diva (2000) on IMDb



මේක චිත්‍රපට්යක් වගේම Asia Argento කියන ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරියගේ ජීවිත කතාවෙන් කොටසකුත් වෙනවා. හරිම අමුතු ක්‍රමයකට හදපු, බලපුවහම එකපාරටම තේරුම් ගන්නත් අපහසු සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන්. මේකෙ සරාගි දර්ශනත් ගොඩාක් අඩංගු වෙනවා. කොහොම උනත් මේක පහත් පෙලේ ලිංගික දර්ශන රැගත් චිත්‍රපටයක් එහෙම නම් නොවන වගත් කියන්න ඕනි. මේ අධ්‍යක්ෂක වරිය මත්ද්‍රව්‍යවල්ට තදින්ම ඇබ්බැහිවෙලා ඉන්න කෙනෙක්. එයාගෙ ජීවිතේ මේ හැමදෙයක්ම බැලන්ස් කරගෙන චිත්‍රපට ලෝකය සාර්ථකව ජයගන්න අඩිතාලම දාගන්නේ කොහොමද කියල අපිට මේ චිත්‍රපටය කියල දෙනවා.




  •  මෙම චිත්‍රපටයේ සම නිශ්පාදකවරයා වන්නේ ඇගේම පියායි.

    මෙම චිත්‍රපටය රූ ගත්කරන කාල වකවානුවේ මෙහි ප්‍රධාන චරිත රඟපාන Asia Argento සහ  Jean Shepard සැබෑ ආදරවන්තයන් ලෙසට කල් ගත කර ඇත.

    මෙහි ඇති බොහෝ ජවනිකා ඇය සැබැවින්ම මුහුණදුන් අත් දැකීම් ඇසුරින් නිපදවා ඇත.

පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න.


මේ වනවිට ඇය ඉතාම සාර්ථක අධ්‍යක්ෂිකාවක්, තිර රචිකාවියක්, චිත්‍රපට නිශ්පාදකවරියක් මෙන්ම නිලියක්ද වනවා. ඇය රඟපෑ ඉතාම ජනප්‍රිය චරිතයක් වන්නේ වර්ෂ 2002හිදී තිරගතවූ "XXX" චිත්‍රපටයේ "යෙලේනා" නම් රුසියානු ඔත්තුකාරියගේ චරිතයයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු "Vin Diesel" මහතායි.



ඇය පිළිබඳ වැඩි විස්තර පහත ලින්කුවෙන් කියවන්න.
https://en.wikipedia.org/wiki/Asia_Argento

 මෙම් චිත්‍රපටය පහත ලින්ක් එක තුලින් සම්පූර්ණයෙන්ම නරඹන්නත් ඔබට පුලුවන්
WATCH "SCARLET DIVA" full film BY CLICKING THIS LINK

click on "SKIP AD" to visit the movie page....
 The movie page is as follows...




Friday, January 26, 2018

COSMIC SEX බෙන්ගාලි චිත්‍රපටය ඔබ නැරඹිය යුත්තේ ඇයි?


මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් නෙමෙයි ගොඩක්ම අමුතු චිත්‍රපටයක් කියල.
බොහොමයක් දෙනා කියන දෙයක් තමයි ඉන්දියාවෙ කලාත්මක චිත්‍රපටිවල උපත බෙන්ගාලය කියන එක. මේ චිත්‍රපටයත් ඒකට හොඳම උදාහරණයක්. වෙනත් බෙන්ගාල චිත්‍රපටවලට වඩා මේකේ තියෙන වෙනස තමා නිරුවත් දර්ශණ බොහොමයක් මේකෙ අඩංගු කරල තිබීම. ඒ නිසාම මේ චිත්‍රපටය ඉන්දියාව තුල ප්‍රදර්ශණය තහනම්. ඒ උනත් යූ ටියුබ් චැනලය ඔස්සේ පහත ලිංකුව තුලින් මුලු චිත්‍රපටයම නොමිලේම නරඹන්න ඔයාලට පුලුවන්. 
https://www.youtube.com/watch?v=MgVWqyA7tbo
මෙකේ කතාව හොඩනැඟිල තියෙන්නෙ තරුණයෙක් වටා. මෙයා මිනීමැරුමක් කරල ගෙදරින් පැනල යනවා. එහෙම යනකොට එයාගෙ උදව්වට මුලින්ම එන්නෙ ගණිකාවක්. ඒ ගණිකාව සමඟ එයාගෙ ගෙදරට යන තරුණයට නපුංශකයෙක් මුණ ගැහෙනවා. මේ නපුංශකයා මේ තරුණයට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. ඒ ආදරයෙන් බේරෙන්න මෙයා ඒ නපුංශකයවත් මරල එතනිනුත් පැනල යනවා. එහෙම යනකොට තමා එයාට හම්බ වෙන්නෙ එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වන අපූරු කාන්තාව. එයා මේ තරුණයට ජීවිතේ ගැන, ආදරය ගැන වගේම ලිංගිකත්වය ගැන බොහොම දේවල් කියා දෙනවා. නමුත් මෙයාලගෙ ශාන්ත නිස්කලංක ජීවිතේට කණකොකා හඬන දවසකුත් එනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඉතිං චිත්‍රපටිය බලලම තමා හොයාගන්න වෙන්නෙ.

ඔයාලත් ටිකක් සම්භාව්‍ය ගණයෙ ලස්සන චිත්‍රපටියක් බලන්න ආසනම් අනිවා මේක බලන්න. ඇත්තෙන්ම අපිට උනත් ඉගෙනගතයුතු දේවල් ගොඩක් මේ චිත්‍රපටය තුලින් කතා කරනවා. මේක ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් ගනනාවක් නියෝජනය කරපු ඒ වගේම සම්මාන උපයාගතපු චිත්‍රපටයක්.

මේ වීඩියෝවෙනම් තියෙන්නෙ ඒකෙ පූර්ව ප්‍රචාරක පටය විතරයි. චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙච්චි එකක් නිසා මම දැම්මෙ ලින්ක් එක විතරයි. මේ වීඩියෝව බලල හොඳයි කියල හිතෙනවනම් විතරක් ලින්ක් එකට ගිහින් චිත්‍රපටියත් බලන්න අමතක කරන්න එපා. 


මේක ගැන අන්තර්ජාලයේ පලවෙච්චි විවිධ අදහස් කීපයක් ඔයාල්ට පහත ලින්ක් වලින් බලා ගන්න පුලුවන්.


IMDb
Wikipedia

Tuesday, January 23, 2018

දවල් කෑමට ගිය මිතුරාට වූ දේ...A strange lunch with friend's wife...

මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු කෙටි චිත්‍රපටියක්. හරිම අමුතු කතාවක් තමා මේකෙන් කියවෙන්නෙ. විකෘති ආසාවන් තියෙන පුද්ගලයෙකුගෙ අහිංසක බිරිඳක් එයාගෙ පහත් ආසාවන් වෙනුවෙන් කරන එක්තරා විදියක කැප කිරීමක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන්. අපි ජීවත් වෙන සාමාජයේ මොනතරම් අමුතු දේවල් වෙනවද කියල මේක බලපුවහම මට හිතුන. ඔයාලත් බලලම තීරණය කරන්නකො මම හරිද වැරදිද කියල.



Wednesday, August 23, 2017

දෙරණ 360 හිරවුනු සනා

ජයසූරිය කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් වල පතාක යෝධයෙක්. දැන් මෙතුමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ව්ශ්‍රාම අරන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙ සභාපතිවරයා ලෙසට තව දුරටත් ක්‍රිකට් වලට තම දායකත්වය ලබා දෙනවා.
මෙතුමා තෝරණ අපේ කණ්ඩායමේ දක්ෂතා ගැනනම් අපිට සෑහීමකට පත්වෙන්න බැරි තත්වයකුයි දැනට උදාවෙලා තියෙන්නෙ. ඉතින් ඒ ගැන එතුමට කියන්න තියෙන්නෙ මොනවද කියල දැනගන්නනම් මේ සංවාදය අහල බලන්නම වෙනවා.



THE VIDEO


related links (videos)

Sanath Jayasuriya 189 vs India Sharjah 2000 | EXTENDED HIGHLIGHTS(video)

sanath jayasuriya dance at Jhalak Dikhla Jaa - gossipfirst.com 

Sanath Jayasuriya's Fastest 20-20 fifty

(derana kite festival) - 2017 (Sri Lanka) දෙරණ සරුංගල් සැණකෙලිය


This event was held in Gallface beach in Sri Lanka. It was a kite festival and players from all around the world participated.



 THE VIDEO

දෙරණ සරුංගල් සැණකෙලිය (derana kite festival... by rpuyasi

 Related links 
 how to make a kite video
Derana kite festival 2017 (official video)
World's most amazing kite festival
Dubai kite festival 2015


Wednesday, August 16, 2017

දැරණියගල මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැර - 2017







Deraniyagala maha saman dewala perahara 2017... by rpuyasi



Deraniyagala maha saman dewala perahara 2017... by rpuyasi

 දේවාලයට යන මාර්ගය
 මේ පැරණි ඒ වගේම බොහොම සුන්දර ස්ථානයක පිහිටල තියෙන සමන් දේවාලය ගැන positive review එකක් post කරන්නත් අමතක කරන්න එපා. එතකොට තමා අපිට  මේ වගේ හැංගිලා තියෙන වටිනා ස්ථාන ලොකෙටම ගෙනියන්න පුලුවන් වෙන්නෙ.
 

Saturday, August 5, 2017

කවදාවත් යන්න බැරි අපූරු ස්ථාන 10 ක්.....



අපි හැමෝම ආසයිනෙ සංචාර වලට. ඒ කියන්නෙ ලෝකෙ තියෙන අපූරු ස්ථාන බලන්න යන්න. ඒ නිසා තමයි මේ වගේ අපූරු ස්ථාන ගොඩක් සංචාරකයන් ආකර්ශනය කරගන්න ස්ථාන විදියට ලෝකෙ ගොඩක් රටවල් භාවිතා කරන්නෙ. මේ අතර තියෙනෙවා තවත් බොහොම අපූරු තැන් කීපයක් විවිධ හේතු නිසා මිනිස්සුන්ට බලන්න තියා කිට්ටුවට යන්නවත් තහනම් කරල තියෙන. මේ අපූරු වීඩියෝවෙන් පෙන්නන්නෙ අන්න ඒ වගේ මිනිස්සුන්ට යාම තහනම් ස්ථාන කීපයක්. ඔයාල බලලම තීරණය කරන්නකො මේව බලන එක තහනම් කරල තියෙන එක සාධාරණද අසාධාරණද කියලා.