Wednesday, May 1, 2019

හරිම බරපතලයි!!

මේ වීඩියෝව බැලුවහම අපේ රටේ දේශපාලනය ගැන හරිම කලකිරීමක් ඇති වෙනවා. මේ ඇමතිතුමා කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එතුමාට පුළුවන්ද එතුමාගෙ අමාත්‍යාංශය යටතෙ තියෙන ආයතනයක වෙන දේවල් ගැන වගකීමෙන් මිදෙන්න? වෙන රටකනම් අදාල ඇමතිවරයා ඉල්ලා අස්වෙන්නත් අදාල නිළධාරීන් ඉවත් කරන්නත් තරම් බරපතල වැරැද්දක් මේක. අපි බලා ඉමු; ඉස්සරහට මොනවා වෙයි ද කියලා. 

Friday, April 19, 2019

Let's memorize things better.......අමතක වීම අමතක කරමු...

We all have memory issues. But it effects most on the people who are getting ready for certain exams. This amazing video shows some amazing techniques which are useful in the process of recalling things. 

අමතක වීම අපි හැමෝටම වගේ තියෙන රෝගයක්නෙ. විශේෂයෙන් ඔය විභාග වලට හෙම සූදානම් වෙන අය මේ රෝගය නිසා හරියට පීඩා විඳිනවා. එහෙම අයට ඒ කියන්නෙ අපි හැමෝටම වගේ ගොඩාක්ම වැදගත්වෙන තොරතුරු තියෙන හරිම ප්‍රයෝගනවත් වීඩියෝවක් තමා මම අද ඔයාලට ඉදිරිපත් කරන්නෙ. මේකෙ තියෙන සමහර ට්‍රික්ස් මමත් අත්හදා බැලුවා. කියන්නත් සන්තෝශයි; ඒවා හරිම සාර්ථකයි. අර මුලින්ම ඉදිරිපත් කරන සූත්‍රය නම් මට ටිකක් සංකීර්ණ වැඩියි වගෙ හැබැයි අවසාන හරියෙදි ඉදිරිපත් කරන උපක්‍රම නම් මගේ වැඩවලට ගොඩාක් ප්‍රයෝජනවත් උනා. ඔයාලත් මේ වීඩියෝව නරඹල අත්හදා බලන්නකො. මටනම් ෂුවර් එකක් හරි ඔයාලට හරියන ට්‍රික් එකක් මේකෙ තියේවි කියලා.

Saturday, April 13, 2019

Secrets of the real Shaolin temple... ෂැවොලින් ආරාමයේ නියම රහස් මෙන්න...

Secrets of the real Shaolin temple....
Shaolin temple is the heart of martial arts. Almost all kind of martial art styles in the current world has some kind of connection to this amazing temple. (even karate). Visiting this temple and training in it is a dream of almost all martial artists in the world.



මාෂල් ආර්ට්ස් නැත්නම් සටන් කලා පිලිබඳ උනන්දුවක් දක්වන හැම කෙනෙක්ම හොඳින්ම වගේම හොඳටම අහල තියෙන තැනක් තමා ෂැවොලින් ආරාමය (Shaolin Monastery/Shaolin Temple) කියලා කියන්නෙ. මේක ගැන අහල තිබුනට මේක ගැන ඇත්තම තොරතුරු දන්න ඈයොනම් බොහොම ටික දෙනයි ඉන්නෙ කියලයි මම හිතන්නෙ. ඒකට හේතුව තමා මේ ආරාමය සටන් කලා ශිල්පයන් වගේම ශිල්පීනුත් බිහිකරන ආයතනයක් විදියට විවිධ කෝණ වලින් විවිධ චිත්‍රපට මඟින් අපට පෙන්වලා තිබීම. මේ අතරෙ මේ ආරාමය හා ඒකෙ විස්තර ගැන ඇත්තම පෙන්වන අවස්ථා තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්.

මේ ආරාමය පිහිටලා තියෙන්නෙ අපි කවුරුත් දන්න විදියට චීන රටෙ. මේකෙ මුල ක්‍රි.ව. 5වන සියවස දක්වාම දිවෙනවා කියලයි ඉතිහාසයේ තියෙන්නෙ. මෙන්න මේ ඓතිහාසික වටිනාකම නිසාම ෂැවොලින් ආරාමය මේ වෙනකොට යුනෙස්කෝ (UNESCO) සංවිධානය මඟින් ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. (හරියට අපේ සීගිරිය වගේ). බෞද්ධ ආරාමයක් වෙන මේ ආරාමයේ ආදිකතෘ වරයා ලෙස කියවෙන බටෞ (Batuo) කියන ස්වාමීන් වහන්සේ පැමිණිලා තියෙන්නෙ ඉන්දියාවෙ ඉඳන් බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්න කියලා මේකෙ ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඈත අතීතයේ ඉඳලාම අධිරාජ්‍යවරුන්ගේ අනුග්‍රහය ලබලා තියෙන මේ අපූරු ආරාමයට සටන් කලාව හඳුන්වාදීල තියෙන්නෙ 17වන සියවසේදී පමණ බෝධිධර්ම කියන හිමිනම විසින් කියලයි ඉතිහාසය දෙස් දෙන්නෙ. එදා ඉඳන් අද දක්වාම මේ ආරාමය මෙන්න මේ සටන් කලාවන් ගැන නමගිය ශිල්පීන් වගේම සටන කලා උපක්‍රම බිහිකරපු ආයතනයක් විදියට මුළු ලෝකය පුරාම ප්‍රචලිතව තියෙනවා. මේ ස්වාමීන් වහන්සේත් ඉන්දියාවේ ඉඳලා තමයිලු චීන රටට ගිහින් තියෙන්නෙ.  

ඒ වගේම මේ අපූරු ආරමයට සතුරු කරදර වලිනුත් අඩුවක් වෙලා නෑ. ඒ නිසාම මේක කිහිප වරක්ම විනාශ වෙලා ගිහින් නැවත ඒ නටඹුන් මතම ගොඩ නැඟිලා තියෙන බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

කොහොම නමුත් ලෝකය පුරාවටම සටන් කලාවන් ප්‍රචලිත කරන්න, ප්‍රචාරය කරන්න මේ ආරාමයෙන් ඈත අතීතයේ ඉඳන්ම වෙලා තියෙන්නෙ අනගිභවනීය සේවයක්. ඒකට හොඳම උදාහරනය තමා ජපානය මූලික කරගෙන බිහිවෙලා තියෙන කරාතේ සටන් කලාව. මේ සටන් කලාවේ පවා ඇතැම් ශිල්පීය ක්‍රම ලැබිල තියෙන්නෙ මේ ෂැවොලින් ආරාමය මඟින් බවට මේවෙනවිට සාක්ෂි සහිතව ඔප්පුවෙලා තියෙනවා.

මේ අපූරු ආරාමය ගැන ඇත්තෙන්ම කියවෙන, ඇත්තෙන්ම පෙන්වන වැඩසටහන් බිහිවෙලා තියෙන්නෙ ඉතාම ස්වල්පයක් කියල මම මුලින් කිව්වනෙ. මම අද මෙතන ඉදිරිපත් කරලා තියෙන්නෙ ඒවගේ එක වැඩසටහනක්. මේ වැඩසටහන මඟින් මේ ආරාමය ගැන හොඳ වැටහීමක් අපිට ගන්න පුළුවන් කියන් එකයි මගේ හැඟීම. ඔයාලට බලල මට කියන්නකො මම හරිද වැරදිද කියලා. ඒ වගේම මේවගේ වෙනත් වැඩසටහන් තියෙනවනම් comment එකකින් ඒ ගැන සඳහන් කරන්නත් අමතක කරන්න එපා.

Monday, April 8, 2019

All about the Flash..ෆ්ලෑෂ් ගැන නියම පැටිකිරියම මෙන්න

All about the flash...
ෆ්ලෑෂ් ගැන නියම පැටිකිරියම මෙන්න 


The flash is the fastest man in the world. But he had never run for the Olympics and he never will as he is only live in the world of comics. 



මේ කියන්නෙ ඇඩෝබ් ෆ්ලෑෂ් ගැන නම් නෙමෙයි; මේ කියන්නෙ අර බොහොම වේගෙන් දුවන හාදයා, ආං ඒ ෆ්ලෑෂ් ගැන. මෙයා ලංකාවෙත් එක්තරාකාලයක රූපවාහිනිය හරහා අපේ ආලින්දයට ආව කියන එක මටනම් මතකයි. අපි ඒ කාලෙ මේ වේගෙන් දුවන පොරගෙ කතා හරිම ආශාවෙන් නැරඹුවත් මට මතකයි. කොහොම හරි දැන් නම් මෙයාගෙ අළුතෙන් විකාශනය වෙන රූපවාහිනී මාලා නාටකය අපේ නාලිකාවක් හරහා නම් විකාශනය නොවෙනවා කියලයි මම හිතන්නෙ. කොහොම උනත් මේ කියන්න හදන්නෙ ඒ රූපවාහිනී කතා මාලාවල් දෙකම ගැන නෙමෙයි; ඒකෙ ඉන්න වීරයා ෆ්ලෑෂ් ගැන. මෙයා දුවන දිවිල්ලට අපේ ඇඟේ මයිල් ස්මයිල් වෙනවා. හැබැයි මෙයා ජීවත් වෙන්නෙ හා උපත ලැබුවෙ කොමික් කලාව හරහා. ඇමරිකාවෙ චිත්‍රකථා කලාව තමා මේ කොමික් කලාව විදියට විකාශනය වෙලා අද වෙනවිට හොලිවුඩයත් ආක්‍රමණය කරන්න තරම් ප්‍රභල වෙලා තියෙන්නෙ.. හැබැයි ඉතිං ඇමරිකාවෙ එහෙම උනාට ලංකාවෙනම් කීයටවත් එහෙම වෙන්නෙ නෑ.  ලංකාවෙ චිත්‍රකථා ශිල්පියො ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්නෙ. කොහොම හරි අපි ආයෙත් ට්‍රැක් එකෙන් පිට පැන්නා නේද?

හරි මෙන්න එහෙනම් කෙටියෙන්ම පූර්විකාව. මේ වීඩියෝවෙන් කියවෙන්නෙ මම අර මුලින් කියපු ෆ්ලෑෂ් වීරයගෙ උපත, එයාගෙ බලයන් හා එයා මෙතෙක් ගත් කරපු රහසිගත හා අපූරු ජීවිතේ ගැන අපූරු තොරතුරු කීපයක්. බලලම රස විඳින්නකො එහෙනම් ඔහේලා.     







Friday, March 29, 2019

Super cool Audi A6 - 2019.....සුපිරි අවුඩි මෝටර් රථයක සුපිරි සවාරියක්!



Audi is known as one of the most comfortable vehicles in the world. The Audi is a product from Germany and they only produce high-lux cars. They are specially concerned about the safety options of their products. Only richest people are capable of afford an Audi.
අවුඩි කියල කියන්නෙ ජර්මනිය පාදක කරගත්තු සුපිරි මෝටර් රථ නිෂ්පාදක සමාගමක්. මේ ගොල්ලන්ගෙ නිශ්පාදනය කරන්නෙ අධි සුඛෝපභෝගී මෝටර් රථ පමණයි. ඒ වගේම ඒවායේ ආරක්ෂාවත් ඉතාම ඉහල මට්ටමක පවතිනවා. ඒ නිසාම මේ වර්ගයේ මෝටර් රථ පාවිච්චි කරන්නෙ ලෝකයේ ඉහලම පෙලේ ධනවතුන් පමණයි. (මේ මෝටර් රථ සමාගමත් ලංකාවට ළඟදි ඒමට නියමිත වොක්ස්වැගන් සමාගමේ අතු සමාගමක්. ඒ නිසා සමහරවිට අවුඩි නිපදවෙන කම්හලකුත් ඉදිරි අනාගත්යේදී ලංකාවෙ ඇතිවෙන්න යම්කිසි ඉඩකඩක් තියෙනවා. )

කොහොම උනත් මේ වීඩියෝවෙ පෙන්වන මෝටර් රථ වර්ගය හඳුන්වන්නෙ A6 sedan කියන සුරතල් නාමයෙන්. මේක ඇත්තෙන්ම අති සුඛෝපභෝගී මෝටර් රථයක්. ඒ වගේම අවුඩි සමාගමේ නිපදවෙන බොහොම ජනප්‍රිය මෝටර් රථ ඛාණ්ඩයක්. මේ වර්ගය මේ වෙනකොට 2019 වර්ශය සඳහාත් යාවත්කාල කිරීමට අවුඩි සමාගම පියවර අරන් තියෙනවා.  

Saturday, March 16, 2019

මාර ට්‍රික්ස් ඕයි මෙව්වා! Tricked her to take her cloths off!!

පුරුෂයා සිය බිරින්දෑට කඩය බාර දී මදකට එලියට යයි. ඒ අතර ඔහුව සොයා පැමිණෙන්නේ ණය කාරයෙකි. කඩේ සිටින ලස්සන කාන්තාව දකින ණය හිමියා සිය ණය මුදල පියවා ගැනීමට වෙනත් ක්‍රමයක් සොයා ගනී. තමාට වූ ණය නොපියවන ඒ පුරුෂයා ගැන ණය හිමියා තුල ඇත්තේ කෝපයකි. ණය මුදල වෙනුවට එම ස්ත්‍රිය රවටා ඇගේ නිරුවත බලා ගැනීමට ණය හිමියා උගුලක් අටවයි. මේ ස්ත්‍රිය ද එසේ මෙසේ ස්ත්‍රියක් නොවේ. හොඳින් පදම් වූ, කටසැර කතකි. ඇය ඔහුගේ උගුලේ අසුවේ ද? සිය නිරුවත මේ අමුත්තා ඉදිරියේ විදහා දක්වයි ද? දැනගන්න නම් දැන්ම මේ අපූරු වීඩියෝව බලන්න.