Thursday, April 19, 2018

Nymphomaniac (කාමයට ඇබ්බැහි වූ කෙල්ල)

 Nymphomaniac (කාමයට ඇබ්බැහි වූ කෙල්ල)




මේක ටිකක් විශේෂ චිත්‍රපටයක්. මේක විශේෂ වෙන්න එක හේතුවක් තමා මේකෙ අඩංගු වෙලා තියෙන ලිංගික දර්ශණවල තියෙන තාත්විකභාවය. ඇත්තටම sex කරන දර්ශණ අඩංගුවෙලාතියෙන ලෝක සිනමාවෙ ප්‍රධාන ධාරාවෙ චිත්‍රපට ගොන්නට මේක අයිති වෙනවා. එහෙම දර්ශණ අඩංගු වුනාට මේක පහත් පෙලේ කාම (porn) චිත්‍රපටයක්නම් නෙමෙයි කියන එකත් මතක තියාගන්න. මේකෙ versions කීපයක් තියෙනවා. සියලු දර්ශණ මඟ නොහැර බලන්නනම් uncut version  එක බලන්න වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ  Charlotte Gainsbourg කියන එංගලන්ත නිළිය විසින්. මේකෙ අඩංගු අධි තාත්වික ලිංගික ධර්ශණ වලට වෙනත් නිළියක් භාවිතා කරපු බවක් තමා ඇයනම් කියන්නෙ. මේකෙ අඩංගු වෙලා තියෙන්නෙ හරිම අපූරු කථා පුව්තක්. එකතරා මහළු පුද්ගලයෙකුට පාළු ස්ථානයක වැටිල ඉන්න තරුණියක් හමු වෙනවා. මේ තරුණිය එයාගෙ කතා පුවත මේ මහළු පුදගලයාට විස්තර කරල දෙනවා. මේ තරුණිය ලිංගික ආසාවන්ට වහල් වූ තැනැත්තියක්. එයා ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. කොටින්ම කියනවා නම් මේ තරුණියගෙ මුළු ජීවිතේම sex මත තමා ගොඩනැඟිල තියෙන්නෙ. ඉතින් මේ කතා පුවත අහන මහළු පුදගලයා එක්තරා විදියකට තිරිහන් වෙනවා කිව්වොත් ඒක නිවැරදියි. කොහොම උනත් මේ කතා පුවත අහන මේ මහල්ලට අන්තිමට වෙන දේ නම් එච්චර සුන්දර සිදුවීමක් නෙවෙයි. මේ චිත්‍රපටය ඉතාම දිගු එකක්. ඒ නිසාම මේක එලි දක්වල තියෙන්නෙ වොලියුම්ස් දෙකකින්. ඒ කොටස් දෙකම 2013 වසරෙදි ලොක සිනමාවට එකතු වුනා. මේ වීඩියෝවෙ මේ චිත්‍රපටය ගැන කෙටි විවරණයකුත් චිත්‍රපටයේ කොටස් දෙකේ පූර්ව ප්‍රචාරක පටත් අඩංගු වෙනවා. ඔයාල බලලම කියන්නකො ඔයාලට මොකද හිතුනෙ කියලා. මේ චිත්‍රපටයේ කොටස් දෙකම ටොරට් වලින් බා ගන්න මේ වෙනකොට අවස්ථාව සැලසිලා තියෙනවා. 

 තව විස්තර බලා ගන්න ඕනිනම් මෙන්න මේ ලින්ක් හරහා ඔයාලට ඒක කරගන්න පුළුවන්.


වීඩියෝව පහතින් නරඹන්න





Thursday, April 12, 2018

Suzuki Swift ගැන ඔබ නොදැන සිටි නියම ඇත්ත මෙන්න...The real truth about Suzuki Swift; test drive and review..

Suzuki Swift ගැන ඔබ නොදැන සිටි නියම ඇත්ත මෙන්න...



Suzuki Swift කියල කියන්නෙ අද වන් විට ලංකාවෙ වාහන පාවිච්චි කරන අය අතරෙ ගොඩක් ජනප්‍රිය මෝටර් රථ මාදිලියක්. මේ මෝටර් රථය ගොඩක්ම උචිත වෙන්නේ නගර තුල මෝටර් රථ ධාවනය කරන්නන්ට. ඒක එහෙම වෙන්න හේතු අපිට මේ වීඩියෝව නැරඹීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තට ඒකට ප්‍රධාන හේතු විදියට කියවෙන්නෙ මේ මෝටර් රථයේ හුරු බුහුටි නිමාව, හැසිරවීමට ඇති පහසුව හා ඉන්ධන කාර්යක්ෂමතාවය. මෙහෙම කියන්නෙ මේ මෝටර් රථයේ නිෂ්පාදකයො. ඒක ඇත්තටම එහෙමද කියන එක වගේම මේ මෝටර් රථ මාදිලියේ ඇති වෙනත් වාසි හා අවාසිත් මේ වීඩියෝවෙන් මනාව පැහැදිලි කරල දෙනවා.

 වීඩියෝව පහතින් නරඹන්න..watch video below...

Tuesday, April 10, 2018

මෙන්න ටොයෝටා යාරිස් ගැන නියම ඇත්ත... Toyota Yaris test dreive and review; the hard truth...



ටොයෝටා යාරිස් (TOYOTA YARIS)  කියන්නෙ ලංකාවෙ ගොඩක් දෙනා අතරෙ බොහොම ජනප්‍රිය කාර් එකක්. මේ තමා මට හොයා ගන්න පුළුවන් වෙච්චි හොඳම යාරිස් රිවීව් එක. මේ රිවීව් එකේ කාර් එක ගැන හොඳ විස්තරයක් දෙනවා. හොඳ විතරක් නෙවෙයි අඩුපාඩුත් ලස්සනට පෙන්නල දෙනවා. බලලම කියන්නකො ඔයාල මොකද හිතන්නෙ කියලා.

 වීඩියෝව පහතින් නරඹන්න....Watch the video below..

Friday, March 30, 2018

එදිරිසිංහ ට්‍රස්ට් විශ්වාසය බිඳී... ගණුදෙනුකරුවෝ මූලස්ථානය වටලති.



එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතනයකි. ඊ.ටී.අයි. යනු ඔවුන් සතු මූල්‍ය සමාගමක් වන අතර එමගින් ආකර්ෂණීය පොලී අනුපාත ලබා දෙමින් ගණුදෙනුකරුවන්ගේ මුදල් තැන්පතු ලබා ගනී. අද වනවිට මෙම මූල්‍ය සමාගම බිඳ වැටීමකට ලක් වී ඇති බවක් පෙනී යයි. ඒ ඔවුන් සිය ගණුදෙනුකරුවන්ට නියමිත මුදල් හෝ පොලී ලබාදීමට අපොහොසත්ව ඇති තත්වයකට පත්ව ඇති නිසාය. මෙනිසා අපහසුතාවයට ලක්වූ ගණුදෙනු කරුවෝ ආයතනයේ මූලස්ථානය වටා රැස්වී උද්ඝෝෂණය කර මුදල් නැවත ඉල්ලාසිටින ඉතා අසරණ තත්වයකට පත්ව සිටිති. මෙමෙ වීඩියෝවෙන් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා කීපයකි. කණගාටුවට කරුණනම් අධික ලාභය පසුපස හඹායාම නිසා ශ්‍රී ලාංකිකයන් තවත් පිරිසක් නිකරුණේ අමාරුවේ වැටී ඇතිබව අපට පෙනී යාමයි. හිතවත් ශ්‍රී ලාංකිකයිනි! දැන්වත් මෙවන් රැවටිලිකාරයින්ට හසුවීම නවතා ගන්න. ලංකා බැංකුව, මහජන බැංකුව වැනි ලංකාවේ ඉහලම පෙලේ බැංකු වලට පවා ලබාදිය නොහැකිතරම් පොලියක් වෙනත් කුඩා මූල්‍ය සමගමක් විසින් ඔබට පිරිනමන්නේ කෙසේද? ඔබට සිතීමට කාලය දැන් එළඹ ඇත. පමා නොවී අදම ඔබේ මුදල් රාජ්‍ය බැංකුවක රැකවරණයට පත් කරන්න.

 වීඩියෝව පහතින් නරඹන්න...


Thursday, March 29, 2018

අළුත් අවුරුදු නැකැත් සීට්ටුව 2018






වීඩියෝව නැරඹීම සඳහා පහතින් ක්ලික් කරන්න...

 





Tuesday, March 13, 2018

Black sails... මුහුදේ මාරයෝ...

මුහුදේ මාරයෝ

මෙයනම් ඉතාම රසවත් රූපවාහිනී මාලා නාටකයකි. එහි, විශිෂ්ඨ ඝනයේ රූප රචනයක් අඩංගු විය යුතු සියලු අංගෝපාංග අඩු නැතුවම අඩංගු වී ඇතිබව පැකිලීමකින් තොරවම පැවසිය හැක. 

මෙහි කතා සාරය ගොඩ නැඟී ඇත්තේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ අති බිහිසුණුම, කෲරම හා විනාශකාරීම යැයි හංවඩු ගැහී ඇති ලොව පතලව සිටි හා ලෝකයේ සැබැවින්ම විසූ මුහුදු මංකොල්ල කරුවන් පිරිසක් වටාය. ඔවුන් සැබැවින්ම අප අසා තිබෙන පරිදි කිසිදු හිතක් පපුවක් නැති මිනීමරුවන් පිරිසක්ද එසේනම් ඔවුන් එසේ වීමට බලපෑ හේතු මොනවාද යන කරුණු මෙන්ම ඔවුන්ද අප මෙන්ම විවිද මානුෂීය ගුණාංගද කැටිවූ මානවයන් පිරිසක්මය යන කරුණද මෙම මාලා නාටකයෙන් මනාව පිළිබිඹු කර ඇත. කෲරතමයන් ඔවුන් පමණකම නොවේ; බලය හා ධනය හඹාගිය බටහිර ලෝකයේ සුදු අධිරජවරුන්ගේ දැඩි කෲරත්වයද මෙම නාටකයෙන් පෙන්වා දී ඇත. 

මෙයට අමතරව අප කවුරුත් අසා ඇති "සම්පත් දූපත නැතහොත් treasure island" නවකතාවේ චරිතද මෙම මාලා නාටකයේ විවිධ භූමිකා රඟති. ඇත්තෙන්ම මෙය එම නවකතාවේ පසුබිම් පිවිසුම ලෙසද ඇතැමුන් හඳුන්වති.

 මෙම මාලා නාටකය සීසන්ස් හතරකින් සමන්විතය. එසේම මෙහි නිරුවත් හා බෲන්ගාරත්මක දර්ශනයන්ද මහත් රාශියක් අඩංගුවේ. එසේම බිහිසුණු සටන්, කෲර හා මිලේච්ච ඝාතන හා ලේ වැගිරවීම් ආදියද හරි හරියට අඩංගුය. කොටින්ම කියතොත් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු රූපවාහිනී මාලා නාටකයකි.

 ඔබ ටොරන්ට් ගැන දන්නේ නම් මෙහි සියලු සීසන්ස් ටොරන්ට් හරහා භාගත කර ගැනීමට ඔබට පුලුවන. මෙහි අඩංගු ත්‍රාශය, භීතිය, බෘංගාරය හා කෘතුහලය දනවන බොහෝ දර්ශණ ඉහල පෙලේ හොලිවුඩ් චිත්‍රපටයක තරම්ම විශිෂ්ඨ බවින් යුතු බවද නොකියාම බැරිය. 

Friday, February 23, 2018

BELOVED SISTERS දෙසොහොයුරියන්ගේ ආදර අන්දරය....




අතිශය රූමත් වංශවත් සොහොයුරියන් දෙදෙනෙකි. ඇත්තෙන්ම ඔවුන් සතු එකම ධනය වන්නේද ඔවුන්ගේ රූමත් බවයි. මවගේ එකම අභිප්‍රාය ඔවුන්ව වංශවත් ධනවතුන්ට විවාහ කර දීමයි. වැඩිමල් දියණිය මවගේ අවවාදය පිළිපදිමින් එවැනි වංශවතෙකු හා විවාහ වේ. නමුත් එම විවාහයේ ආදරය රහිත විවාහයකි. ඔය අතර දෙසෝයුරියන්ගේ ලෝකයට එක් වන්නේ කඩවසම්, තරුණ ලේඛකයෙකි. ඔහු ධනවතෙකු නොවූවත් ඔහු සතුව ඇත්තේ විසල් හදවතකි. එය ආදරය උතුරායන හදවතකි. එම ආදරය සොහොයුරියන් දෙදෙනාටම පොදුවේ ගලා යයි. ඔවුන් දෙදෙනාම එකසේ ඔහුට ආදරය කරයි. ආරම්භය ඉතාම සුන්දරය. තිදෙනාම ආදර සෙල්ලම් වලින් මහත් වින්දනයක් ලබති. ක්‍රමයෙන් දෙසොහොයුරියන්ගේ ආදර සෙල්ලම ආදර යුද්දයක් බවට පෙරලෙන්නේ ඔවුන්ටද නොදැනීමය.

මෙය ජර්මානු චිත්‍රපටයකි. එහි කතා තේමාව ඉතාම ප්‍රභල අතර ප්‍රේක්ෂකයා මුළු කාලය පුරාම රඳවා ගැනීමට තරම් රසවත් බවකින්ද යුක්තය. ආදරය, බෘංගාරය, සිනහව, කඳුල මෙන්ම පළිගැනීම හා ක්‍රෝධය වැනි මානුෂ ගුණාංග ද මේ චිත්‍රපටය පුරාම මනාව විහිදුවා ඇත. කෙටියෙන් කියතොත් මේ වනාහි බලන්න වටින චිත්‍රපටයකි. මෙහි ඇත්තේ මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමනකි. එය නරඹා චිත්‍රපටය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

මෙම චිත්‍රපටය පහත ලින්ක් එක මගින් ඔන්ලයින් හරාහා සම්පූර්ණයෙන්ම නැරඹිය හැක. 

CLICK HERE TO WATCH THE FULL FILM, "BELOVED SISTERS"