Saturday, August 18, 2018

Kolomba sanniya back??.....ඔන්න කොළඹ සන්නිය ආයෙත් එනවලු??

Kolamba sanniya was one of the most popular films in the Sri Lnka. This is not the original one but the remake depending on the previous one. The film is almost as good as the older one. You can laugh during most of film's run time.

ඔන්න කොළඹ සන්නිය ආයෙත් එනවලු??



අපි හැමෝම බොහොම ආශාවෙන් බලපු පරණ චිත්‍රපටියක් තමා කොළඹ සන්නිය. මේ සුපිරි කොමඩියෙ අළුත් කොටසක් ළඟදිම රිදී තිරයට පායනවළු. මේ තියෙන්නෙ ඒකෙ පූර්ව ප්‍රචාරක පටයලු. ඔන්න කලිං කොළඹ සන්නිය බලපු අයටයි නොබලපු අයටයි අපූරු අවස්ථාවක් උදාවෙලා ආපහු බඩ අල්ලගෙන හිනාවෙන්න.

Tuesday, August 14, 2018

දකුණු අප්‍රිකාවට ලංකාවෙ කොල්ලො බැටේ දුන්න මැච් දෙකේ HIGHLIGHTS මෙන්න!

දකුණු අප්‍රිකාවට ලංකාවෙ කොල්ලො බැටේ දුන්න මැච් දෙකේ HIGHLIGHTS මෙන්න! 

ලංකාව එකදිගට මැච් 11ක් පැරදුණාට පස්සෙ දකුණු අප්‍රිකා ටීම් එකට එරෙහිව පල්ලෙ කැලේ ක්‍රීඩාංගනයෙදි ජයග්‍රහණයක් වාර්ථා කලා. ඊළඟ මැච් එකත් දින්නෙ අපේ උන්ම තමා. මේ තියෙන්නෙ ඒ මැච් දෙකේ විශේෂ අවස්ථා. බලන්න බැරි වෙච්චි අය බලා ගන්න. බලන්නම වටින මැච් තමා අප්ප මෙව්වා.

4th ODI



5th ODI

Sunday, August 12, 2018

Toyota C-HR!!... දැනට තියෙන හොඳම SUV එක ද? හරියටම දැනගන්න මේක බලන්න!



 TOYOTA C-HR IS A TOP QUALITY VEHICLE. IT IS ALSO ONE OF THE STYLI EST VEHICLES IN THE MARKET. IT HAS ALMOST ALL THE COOL FEATURES ONE COULD EXPECT FROM A TOP LEVEL SUV INCLUDING SAFETY FEATURES. 

මේක මේ වෙනකොට ලංකාවෙ ජනප්‍රියවේගන යන වාහනයක්. ගොඩක් අය මේ වාහනේ පෙනුමට කැමැත්තක් දක්වනවා. පෙනුම වගේම වැඩත් හොඳද කියල කාටහරි හිතෙනවනවානම් මේ වීඩියෝම අනිවා බලන්න. මේ වීඩියෝව තරම් වෙන කිසිම වීඩියෝවකින් මේ වාහනේ ගැන සිංහලෙන් විස්තර දක්වන්නෙ නෑ කියන එකනම් මට ෂුවර්.




Tuesday, August 7, 2018

"Feast of love" "අප පිනවන ආදරය" සිනමා පටය ඔබ නැරඹිය යුත්තේ ඇයි?




 Feast of love is a brilliant romantic drama which tells us about the complexity of the LOVE. This excellent film shows how the LOVE affects our lives through multiple characters who are experiencing different prospects of love. Anyway, this not one of those serious movies no one can really understand. Instead, this moves has a great sense of humor as well as a great deal of romance in it. This film does not suitable for minors as it contains lots of nudity from the beginning to the end. 

ආදරය ගැන කියවෙන සිනමා සිත්තම් අප කොතෙකුත් නරඹා ඇත. ඇත්තෙන්ම සෑම සිනමා පටයකින්ම පාහේ ආදරයේ යම් පැතිකඩක් ගැන විග්‍රහ කරයි. "The feast of love" සිනමා කෘතිය, එහි නමින්ම කියවෙන්නාක් මෙන්, ආදරය, විවිධ කෝණවලින් විග්‍රහ කෙරෙන අපූර්වතම සිනමා කෘතියකි. මෙහි සිටින සියළු චරිත ආදරය විවිධාකාරයෙන් විඳින අයුරු, ආදරයෙන් සතුට මෙන්ම දුක තම ජීවිතයට ලඟාකරගන්නා අයුරු අපට පෙනේ. කෙනෙකුගේ සිතේ තවෙකෙකු වෙනුවෙන් උපදින ආදරය ඒ තැනැත්තා තුලම හෝ වෙනත් අයෙකුතුල තවත් කෙනෙකු කෙරෙහි උපදින ආදරයට කිසිසේත්ම සංසන්දනය කල නොහැක. ආදරය යනු එතරම්ම සංකීර්ණ දෙයකි. නමුත් අප සියළුදෙනා ආදරය ලැබීමට, ආදරය විඳීමට කැමැත්තෝ වෙමු. ආදරයේ සංකීර්ණත්වය සිනමාකෘතියකින් සරළව හා සම්පූර්ණව පැහැදිලි කිරීම කිසිදාකල නොහැක්කක් නමුත්, මෙම සිනමා පටයේ නිර්මාණකරුවන් ඒ සඳහා ඉතා විශිෂ්ඨ උත්සාහයක් දරා ඇතිවගනම් පැකිලීමකින් තොරවම පැවසිය හැක.

ඉතා සංකීර්ණ මාතෘකාවක් සාකච්ඡා කෙරෙතත්, මෙම අපූර්ව සිනමා පටය දිග හැරෙන්නේ ඉතා සරල හා වින්දනාත්මක ආකාරයෙනි. එමෙන්ම නරඹන්නන් සිනමා පටයට ඇඳ බැඳ තබා ගැනීමට අවශ්‍යය පදමට හාස්‍යය හා බෘංගාරයද මෙයට එකතු වී ඇත. අභව්‍ය සිද්ධි තාත්වීකරණය කරමින්, ප්‍රේක්ෂකයන් සිහින ලෝකයකට ගෙනයන බොහොමයක් චිත්‍රපට නිපදවන හොලිවුඩය තුලින් බිහිවූ - තරමක් වෙනස් මගක් ගන්නා නමුත් - අගනාම හා වටිනාම සිනමා දෘශ්‍යකාව්‍යයක් ලෙසට මෙම අපූරු සිනමා සිත්තම හැඳින්විය හැක්කේ එනිසාමය.

Sunday, July 15, 2018

මෙන්න අළුත්ම ඉලෙක්ට්‍රික් කාර් එක....Mahindra e2o Plus

 An awesome vehicle with all necessities for a Sri lankana family.
මම හිතන්නෙ මේක වැඩිවෙන ඉන්ධන වියදමට අපූරු විසඳුමක්. මේ කාර් එකේ මිලත් එහෙමකට වැඩි නෑ. ලංකාවෙ වෙළඳපොලේ නම් රුපියල් ලක්ෂ 25 විතර වගේ තමා වෙන්නෙ. පවුලේ වාහනයක් විදියට වගේම ටවුමේ වාහනයක් (ට්‍රැෆික් එකේ යන්න එන්න ඔබින) විදියටත් ලංකාවෙ අපිට ගැලපෙන වාහනයක් කියල මට හිතෙනවා. ගොඩක් විච්චූර්ණනම් නෑ. හැබැයි ඕනෙකරන උපාංග වගේම පහසුකම් අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝව බලල තීරණය කරන්නකො මම හරිද කියලා.




Friday, July 13, 2018

Some weird stuffs recorded by CCTV cams.....CCTV කැමරාවල සටහන් වෙච්චි අමුතු සිදුවීම් පෙලක් මෙන්න...

CCTV cams are almost everywhere. Some of these has captured some of the weirdest stuffs happens around us. Watch this video and you will be surprised to your core.
බලන්නම වටිනව බොලන්ල...
මේකෙ එක සිදු වීමක් තියෙනවා හාමුදුරුවරු දෙන්නෙක් ෆෝන් එකක් උස්සන. බෞද්ධයෙක් හැටියට ලැජ්ජාවට කාරණයක් උනත්, ඒ දෙන්න ලංකාවෙ දෙනමක් නොවීම ගැන සංතෝෂයි. සමහරු හිතනවනෙ පිටරට හාමුදුරුවරු ලංකාවෙ හාමුදුරුවරුන්ට වඩා ශීලවන්තයි කියල. ඒක එහෙමම නෑ කියන එක මේකෙන් ඔප්පු වෙනව වගේ.


Wednesday, July 11, 2018

"Cherry", a strangly odd love story...."චෙරි".... අමුතු ආදර කතාව.....



Cherry is a coming of age love story of a boy who fall in love with an older woman and with her young daughter. The story is simply awesome. Not only because it contains lots of nudity but also because this story has many twists and some of them are dreams of every living teenager on the planet.

 ඒරොන් කියන්නෙ ඉතාමත්ම දක්ෂ ඉංජිනේරු සිසුවෙක්. මෙයාගෙ දක්ෂතාවය නිසාම මෙයාට පුළුවන් වෙනවා අඩු වයසින් රටේ තියන ඉහලම පෙලේ විශ්ව විද්‍යාලයකට ඇතුල්වෙන්න ශිෂ්‍යත්වයක් දිනා ගන්න. හැබැයි මෙයාගෙ තවත් සැඟවුණු දක්ෂතාවයකුත් තියෙනවා. ඒ තමා චිත්‍ර ඇඳීමේ හැකියාව. මෙයාගෙ චිත්‍ර ටිකක් අමුතුයි. එයාටම ආවේණික සෛලියකට තමා මෙයා චිත්‍ර අඳින්නෙ. මෙයා චිත්‍ර වලට දක්වන ආශාව නිසාම එයා සිය කැමැත්තෙන්ම ඒ විද්‍යාලයේ චිත්‍ර පාඨමාලාවත් හදාරන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදි තමා මෙයාට මුණ ගැහෙන්නෙ ලින්ඩා කියන හරි අපූරු කාන්තාව. මෙයා වැඩිමල් කාන්තාවක්. කොටින්ම කියනවනම් ඒරොන්ගෙ වයසට ආසන්න වයසක් දුවක් ඉන්න අම්ම කෙනෙක්. ඒත් ඉතිං ඒවගේ දේකට පුළුවන්ද ආදරයකට භාදා කරන්න. හැබැයි මේක බොහෝ දුරට ඒක පාර්ශ්වික ආදරයක්. ඒ කියන්නෙ ලින්ඩා ඒරොන්ට සලකන්නෙ තමන්ගෙ හොඳ යාලුවෙකුට සමානව විතරයි කියන එක. හැබැයි ලින්ඩගෙ දුව, ඒ කියන්නෙ බෙත්, ඒරොන් දැක්ක දවසෙ ඉඳන් ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි මේකත් බොහෝ දුරට ඒක පාර්ශ්වික වෙච්ච ආදරයක්. ඒකට හේතුව තමා ඒරොන් බෙත්ව දකින්නෙ කුඩා දැරියක් විදියට වීම හා ඔහු තුල ලින්ඩාට තියෙන ආදරය. ඔය අතරෙ ලින්ඩාගෙ ආදරවන්තයා, ඒ කියන්නෙ වෙස් කියන පොලිස් නිළධාරිය වගේම ඒරොන්ගෙ විද්‍යාලයේම ඉන්න ඒරොන්ගෙ තාවකාලික ආදරවන්තිය ඩාර්සිත් ඉන්න්නවා. ඉතින් මේ චරිත අතරෙ සිදුවෙන විවිධාකාර වූ හැල හැප්පීම් අතරතුර මේ අමුතු ආදර කතාවත් හරි අමුතු විදියකට ගලාගෙන යනවා.

මූලිකවශයෙන් ගත්තොත්, මේක ප්‍රහසනයක්, ඒ කියන්නෙ කොමඩියක් කියලත් කියන්න පුළුවන්. නමුත් මේ කතාව ඇසුරින් අපිට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයකුත් තියෙනවා. කොහොම වුනත් මේ අපූරු කතාව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්චි චිත්‍රපටයක් බවත් කියන්නම ඕනි. මොකද මේකෙ තියන කතා සාරය වගේම ඇතැම් දර්ශණත් ඉතාම බෘන්ගාරාත්මකයි.

ඉතිං මේ අතිශය බෘන්ගාරාත්මක පස්කොන් ආදර කතාව කොයි අතකට යොමුවෙයිද කියලා ඔයාලට දැනගන්න ඕනෙනම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. ඔබ චිත්‍රපට ලෝලයෙක් නම්, මේක නැරඹීමට ගතකරන කාලය කිසිසේත්ම අපතේ නොගිය කාලයක් බවට පිළිගනු ඇතිබවට මට විශ්වාසයි. මේ ච්ත්‍රපටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 35ක් පමණ වෙනවා. ඒ වගේම මේ ච්ත්‍රපටයේ IMDb දර්ශක අගය 6.8 වැනි ඉහල අගයක් ගන්නවා.