Friday, March 29, 2019

Super cool Audi A6 - 2019.....සුපිරි අවුඩි මෝටර් රථයක සුපිරි සවාරියක්!



Audi is known as one of the most comfortable vehicles in the world. The Audi is a product from Germany and they only produce high-lux cars. They are specially concerned about the safety options of their products. Only richest people are capable of afford an Audi.
අවුඩි කියල කියන්නෙ ජර්මනිය පාදක කරගත්තු සුපිරි මෝටර් රථ නිෂ්පාදක සමාගමක්. මේ ගොල්ලන්ගෙ නිශ්පාදනය කරන්නෙ අධි සුඛෝපභෝගී මෝටර් රථ පමණයි. ඒ වගේම ඒවායේ ආරක්ෂාවත් ඉතාම ඉහල මට්ටමක පවතිනවා. ඒ නිසාම මේ වර්ගයේ මෝටර් රථ පාවිච්චි කරන්නෙ ලෝකයේ ඉහලම පෙලේ ධනවතුන් පමණයි. (මේ මෝටර් රථ සමාගමත් ලංකාවට ළඟදි ඒමට නියමිත වොක්ස්වැගන් සමාගමේ අතු සමාගමක්. ඒ නිසා සමහරවිට අවුඩි නිපදවෙන කම්හලකුත් ඉදිරි අනාගත්යේදී ලංකාවෙ ඇතිවෙන්න යම්කිසි ඉඩකඩක් තියෙනවා. )

කොහොම උනත් මේ වීඩියෝවෙ පෙන්වන මෝටර් රථ වර්ගය හඳුන්වන්නෙ A6 sedan කියන සුරතල් නාමයෙන්. මේක ඇත්තෙන්ම අති සුඛෝපභෝගී මෝටර් රථයක්. ඒ වගේම අවුඩි සමාගමේ නිපදවෙන බොහොම ජනප්‍රිය මෝටර් රථ ඛාණ්ඩයක්. මේ වර්ගය මේ වෙනකොට 2019 වර්ශය සඳහාත් යාවත්කාල කිරීමට අවුඩි සමාගම පියවර අරන් තියෙනවා.  

Saturday, March 16, 2019

මාර ට්‍රික්ස් ඕයි මෙව්වා! Tricked her to take her cloths off!!

පුරුෂයා සිය බිරින්දෑට කඩය බාර දී මදකට එලියට යයි. ඒ අතර ඔහුව සොයා පැමිණෙන්නේ ණය කාරයෙකි. කඩේ සිටින ලස්සන කාන්තාව දකින ණය හිමියා සිය ණය මුදල පියවා ගැනීමට වෙනත් ක්‍රමයක් සොයා ගනී. තමාට වූ ණය නොපියවන ඒ පුරුෂයා ගැන ණය හිමියා තුල ඇත්තේ කෝපයකි. ණය මුදල වෙනුවට එම ස්ත්‍රිය රවටා ඇගේ නිරුවත බලා ගැනීමට ණය හිමියා උගුලක් අටවයි. මේ ස්ත්‍රිය ද එසේ මෙසේ ස්ත්‍රියක් නොවේ. හොඳින් පදම් වූ, කටසැර කතකි. ඇය ඔහුගේ උගුලේ අසුවේ ද? සිය නිරුවත මේ අමුත්තා ඉදිරියේ විදහා දක්වයි ද? දැනගන්න නම් දැන්ම මේ අපූරු වීඩියෝව බලන්න. 

Friday, March 1, 2019

රහස් හොයන චීන්නු ගැන කියවෙන Detective Chinatown 2018...

රහස් හොයන චීන්නු ගැන කියවෙන Detective Chinatown 2018



මේක සැබැවින්ම පට්ට (චීන) ෆිල්ම් එකක්. මේක බලනකම් මමනම් කවදාවත් හිතල තිබුනෙ නෑ චීන්නු ලෝකෙ වෙන දේවල් වගේම මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් කවදහරි දවසක අල්ල ගනිවී කියලා. මගේ සිතුවිල්ල වැරදියි කියල ඔප්පු කරපු බෙස්ට ෆිල්ම් එක තමා මේක. මේක ලොකෙවටේ හොයල තියෙන ආධායම විතරක් ඩොලර් මිලියන 544ක්. කජු ඇට ද කොස් ඇට ද අප්පා!!! ඩොලර් කිව්වම ඇඟ හිරිවැටිල යනව නේ ද??

හැබැයි එකක් කියන්න ඕනෙ.ඒ තමා මේක මේ තරම් විශාල ආධායමක් උපයගන්න සුදුසු මට්ටමේ සුපිරි ෆිල්ම් එකක්ම තමා කියන එක.

මේකෙ ප්‍රධාන චරිතෙ ඒ කියන්නෙ මේ කියන චීන රහස් පරික්ෂකයා අපි සාමාන්‍යයෙන් දැකල තියෙනෙ වෙනත් රහස් පරීක්ෂකයන්ට වඩා ගොඩාක්ම වෙනස් පොරක්. මෙයාට ඉන්නෙ ලෝකෙ කෙනෙකුට ඉන්න පුළුවන් ඉන්න පුළුවන් මෝඩම යාළුවෙක්. හැබැයි මේ මෝඩ යාළුවත් එක්තරා විදියක් වැඩකාරයෙක්. මූ කරන මැටි වැඩ වලිනුත් අපේ රහස් පරීක්ෂක යාළුවගෙ ඒ කියන්නෙ ප්‍රධාන පරීක්ෂකවරයාගෙ කටයුතු වලට නොසිතූ වාසි උදා වෙනවා. මෙයාලා අපි දැකල තියෙන වෙනින් රහස් පරීක්ෂකයන්ට වඩා ඒ කියන්නෙ ජේම්ස් බොන්ඩ්ලට වඩා වෙනස් වෙන තවත් ලක්ෂණයක් තමා කුපාඩියො නොවීම. මේ ගොල්ලන්ට යන යන තැන තියා කොහෙත්ම කෙල්ලො නෑ. ට්‍රයි කලත් වැටෙන්නෙත් නෑ. කෙල්ලෙක් පස්සෙන් ආවත් සෙට් කරගන්න තරම් පිනකුත් නෑ!! හැකියාවකුත් නෑ. හැබැයි රහස් හොයන්නනම් උපරිම දක්ෂතාවයක් උපතින්ම ගෙනල්ල තියෙනවා.

මේ ගොල්ලන්ගෙ හැකියාව වර්ධනය වෙලා තියෙන්නෙ එක්තරා ගේම් එකකට පින් සිද්ද වෙන්න. මේ ගේම් එක ප්ලේ කරන අය අතරින් හොඳම වැඩ්ඩො දහ දෙනාම මේ රහස් පරීක්ෂක වැඩේට සම්බන්ධයි. එක එක්කෙනාට එයාලටම අනන්‍ය වෙච්චි සුවිශේෂි හැකියාවන් තියෙනවා. හැබැයි මෙයාල වැඩ කරන්නෙ එක ටීම් එකක් හැටියට නෙවෙයි! වෙන වෙනම. මොකද මේ ගොල්ලන්ට භාර වෙලා තියෙන පරීක්ෂණය සාර්ථකව ඉවර කලොත් එහෙම කරන පළමු වැන්නට විශාල ත්‍යාග මුදලක් හිමි වෙනවා. ඉතින් ඒක ගන්න මෙයාල පුදුම රේස් එකක් තමා යන්නෙ.

ඉතින් මේ රේස් එක දිනන්නෙ කවු ද? මොකද්ද මේ ගොල්ලන්ට විසඳන්න ලැබිල තියෙන අරුම පුදුම පරීක්ෂණය? අන්තිමට මෙයාල මේක සාර්ථකව විසඳයි ද?  මේව දැනගන්න නම් මේ ෆිල්ම් එක ඔයාල බලන්නම වෙනවා.

මම මෙතන දාල තියෙන්නෙ මේ ෆිල්ම් එකේ දර්ශණවලට අදාල පොඩි වීඩියෝ එකක්. ඒක බලලා ඔයාලට ෆිල්ම් එක ගැන දල අදහසක් එයි කියල මම හිතනවා..

Monday, January 21, 2019

ඔන්න 2019දී අපිට ඔස්ට්‍රේලියාවෙ ස්ථිර පදිංචියට යන්න සුපිරි චාන්ස් එකක් ඇවිල්ලා...Migrate to Australia in 2019...

ඔන්න 2019දී අපිට ඔස්ට්‍රේලියාවෙ ස්ථිර පදිංචියට යන්න සුපිරි චාන්ස් එකක් ඇවිල්ලා...Migrate to Australia in 2019... 

ඔස්ට්‍රේලියාවෙ රස්සාවක් කරන එක වගේම ඔස්ට්‍රේලියාවෙ ස්ථිර පදිංචියට යන එක ලංකාවෙ අපි ගොඩ දෙනෙකුගෙ හීනයක්. ඔන්න දැන් ඒකට අවස්ථාවක් හිමි කරල දෙන්න ඔස්ට්‍රේලියා රජය සූදානම්. ඇත්තෙන්ම මේ අවස්ථාව ලබල දෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ කැන්බරා ප්‍රාන්තය. මේ වීඩියෝව බැලුවහම ඔස්ට්‍රේලියාවට යන්න හීන මවන ඔයාලට අනුගමනය කරන්න ඕනෙ පාත් එකගැන දළ අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට මේ සම්බන්ධයෙන් වැදගත්වෙන ලින්ක්ස් ටිකත් පෙන්නල දීල තියෙනවා.

හැබැයි මගේනම් ඔස්ට්‍රේලියාවට පදිංචියට යන්න කියල කිසිම අදහසක් නෑ. ඒත් ඉතිං බොහෝ ජනයාගේ හිතසුව පිණිස මේක ශෙයා කරන එක වැදගත් කියලා හිතුනා.






 සුදුසුකම් සහිත රැකියා ලයිස්තුව 

Sunday, December 2, 2018

රාවණා - විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව යක්ඛයන්ගේ නැගී සිටීම (නොවැම්බර් 25දා විකාශණය වූ පළමු කොටස) RAWANA EPI 01 (TV DERANA)



මෙච්චරකල් ඉන්දියාවෙන් ගෙන්නන මෙගා නාට්‍ය රැල්ලකට යටවෙලා හිටපු අපිට, ඒ මට්ටමටත් වඩා ඉදිරියට ගිය සුපිරි ගණයේ අපේම කථාවක් මෙගා නාට්‍යයක් විදියට නරඹන්න අවස්ථාව උදාවෙලා ඔන්න. ඒ දෙරණ රූපවාහිණී නාලිකාව ඔස්සේ විකාශණය වෙන මෙන්න මේ ටෙලි සිත්තම නිසා. මේකෙ කථාව අපි මෙච්චරකල් අහල තියෙන රාම-රාවණා කියන ඉන්දියානු මොඩල් එකෙන් වෙනස්ව අපේ රාවණා රජ්ජුරුවන්ගෙ නියම විස්තර ඉතිහාසයට අනුව, නියම මූලාශ්‍ර ඇසුරින් නිර්මාණය කරල තියෙනවා කියල තමා දෙරණ කියන්නෙ. කථාව බලාගෙන යද්දි ඒකෙ ඇත්ත නැත්ත වඩාත් හොඳින් වටහාගන්න අපිට පුළුවන් වෙයි. කොහොම උනත්, මේක ඉතාම උසස් ආකාරයකින්, නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඉදිරිපත්කරල තියෙන බවනම් පලවෙනි කොටසෙ ඉඳන්ම බොහොම පැහැදිලිව පේනවා. 

Tuesday, November 20, 2018

ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ කොල්ලොටික එන්ගලන්තෙ සුද්දන්ව ලකුණු 219කින් පරද්දපු 5වෙනි එක්දින තරඟෙ HIGHLIGHTS මෙන්න...

ලංකාවයි එන්ගලන්තෙයි අතරෙ පැවතිච්ච 2018 තරඟාවලිය අපේ ටීම් එකට එච්චරම සාර්ථක තරඟාවලියක් නොවුනත්, එක තරඟයක් තිබ්බා ලංකාවෙ කොල්ලො ටික එන්ගලන්තෙ සුද්දන්ට බඩ යන්න නෙලපු. ඒ තමා පස්වෙනි එක්දින තරඟය. මේ අඟනා වටිනා තරඟේ ඔරිජිනල් හයිලයිට්ස් ටික අපිට දැන් නරඹන්න පුළුවන් වෙලා තියෙනවා, මෙන්න මේ පහත දැක්වෙන වීඩියෝවෙන්. කොහොම උනත්, මේකනම් අප්පා බලන්නම වටින සුපිරිම තරඟයක්.