Tuesday, February 11, 2020

Making of tsunami 2020 film...සුනාමි චිත්‍රපටය නිර්මාණය උනේ මෙන්න මෙහෙමයි!!


Making of tsunami 2020 film...සුනාමි චිත්‍රපටය නිර්මාණය උනේ මෙන්න මෙහෙමයි!!

සෝමරත්න දිසානායක කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්; සුපිරි වැඩකරුවෙක්. එතුමාගේ දක්ෂතාවය එතුමා අපේ රටට දායාද කරල තියෙන අගනා වටිනා චිත්‍රපට ගොන්නෙන්ම මොනවාට පැහැදිලි වෙනවා. එතුමාගේ අළුත්ම නිර්මාණය තමා සුනාමි චිත්‍රපටය. මේක ඇත්තෙන්ම විශාල වියදමක් දරලා කරපු සුවිශේෂ නිර්මාණයක්. ඒ වගේ දැවැන්ත නිර්මාණ කරන්න අපේරට වගේ පොඩි වෙළඳපලක් තියෙන රටක නිර්මාණකරුවෙක් ඉදිරිපත් වීමම ලොකු දෙයක්. මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී එතුමා ප්‍රමුඛ සුනාමි චිත්‍රපට කණ්ඩායම අරගෙන තියෙන වෙහෙස හා උත්සාහය මේ වීඩියෝවෙන් මනාව පැහැදිලි වෙනවා. මේ පෝස්ට් එක එතුමන්ලාගේ අගනා වටිනා උත්සාහයට උපහාරයක්ම වේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා.





The trailer

Link to the official YouTube channel...https://www.youtube.com/channel/UCXfcFh1OgLty4h0XU_UYeSA

Friday, January 17, 2020

People are absolutely awesome.සුපිරි වැඩ්ඩන්ගේ සුපිරිම වැඩ මෙන්න...

We all are extreme machines. We can do anything. The only thing need is a lot of commitment. The result shall be as incredible as what we see in this video.

මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට කරන්න බැරි වැඩක් නෑ කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ වීඩියෝ බලපුවහමයි. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා කරන්න මුන්ට පිස්සු කියලත්. කවුරු කොහොම හිතුවත්, තමන්ගෙ සිරුර හා මනස පාලනය කරගෙන, මිනිස්සුට ඇත්තටම සුපර්මෑන් කෙනෙක්ගෙ තත්වෙට පත්වෙන්න පුළුවන් කියලා මේවා බැලුවහම ඔප්පු වෙනවා. කවුරු කොහොම කිව්වත්, මේවගෙ වැඩ පෙන්නන්නනම්, මනසෙත් මනා පාලනයක් තිබිය යුතුමයි කියලයි මට හිතෙන්නෙ. මෙච්චර මනස දියුණුකිරීම ගැන දන්න අය ඉන්න අපේ රටේ මේවගේ වැඩ්ඩො බිහිවෙන්නෙ නැත්තේ ඇයි? මට මේක මාර ප්‍රශ්ණයක්. හැබැයි, සැඟවෙච්චි දක්ෂයො ඉන්නවා වෙන්නත් පුළුවන්.


Sunday, January 12, 2020

කොළඹ වරාය නගරය ගැන ඇත්ත ඇති සැටියෙන් දැනගන්න මේක බලන්න.

කොළඹ වරාය නගරය ගැන චතුර අල්විස් ඉදිරිපත්කරන සුපිරි වැඩසටහන මෙන්න. අපිත් මේ ගැන විවිධ දේවල් අහල තිබ්බට මේකගැන නියම ඇත්ත දැනගෙන හිටියෙ නෑනෙ. ඉතින් ඒ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න මේක බලමු.


Extreme Bulletproof vehicles....ගන්නවනම් මෙන්න බඩු!

ගන්නවනම් මෙන්න බඩු!

These are the advanced bullet proof vehicles available for VIP protection. They have multiple options to protect passengers. Just watch and learn!

බුලට් ෆෲෆ් කිව්වට මේ සුපිරි භාණ්ඩ ටික ඊටත් වඩා ඉදිරියට ඩිවලොප් කරලයි තියෙන්නෙ.සමහර ඒවා යුධ ටැංකි නාශක බෝම්බයකටවත් විනාශ කරන්න බෑ. ඊට අමතරව ප්‍රභූන්ගේ ආරක්ෂාවට වෙනත් ආරක්ෂිත උපක්‍රමත් මේවට අන්තර්ගතයි. බලලම කියන්නකො ඔයාට ගන්න අවස්ථාවක් ආවොත් මොන වෙහිකල් එකද තෝරගන්නෙ කියලා.


Sunday, November 24, 2019

ඩයලොග් එකේ ඇප් හදලා සල්ලි හොයන්නෙ මෙන්න මෙහෙමයි

ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදලා සල්ලි හොයන ලේසිම හා හරියටම වැඩකරණ ක්‍රමයක් ගැන කතා කරන නිසයි මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ. මේකට ඇප් හැදීම ගැන කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ. ඕනෙ වෙන්නෙ නිර්මාණශීලී හැකියාවක් හා මාර්කටින් පිළිබඳ යම් හැකියාවක් විතරයි. අනික මේක ඩයලොග් ආයතනය විසින් කරන දෙයක්. සල්ලි දෙන්නෙත් එයාල හරහාමයි. මේ ඇප් හදන ලින්ක් එක මම පහලින් දාලා තියෙනවා.






Thursday, November 21, 2019

මැතිවරණ කොමසාරිස්තුමා දෙරණට කිව්වේ මොනවා ද?

මෙන්න අපි කවුරුත් ආදරය කරන මැතිවරණ කොමසාරිස්තුමා දෙරණෙ චතුර සමඟ කරපු විශේෂ සාකච්ඡාව මුල සිට අගටම.




Tuesday, November 19, 2019

Asterix full film.....

We all love Asterix. I have came across a Asterix film and though of sharing it with you guys. Watch it and enjoy! Don't forget to comment what you think of it.
Become a Patron!

අපි හැමෝම කැමතියිනෙ සූර පප්පටයි, ජිම් පප්පටයි එයාගෙ ගමේ ඇත්තන්ටයි එයාල රෝමන්කාරයන්ගෙන් ගන්න ආතල් වලටයි. මෙන්න ඒකට නියම අවස්ථාවක් උදාවෙලා! නිකම්ම නෙමෙයි! සින්හලෙන් හඬත් කවලා. බලලා රසවිඳලා කොමෙන්ට් එකකුත්දාලම යන්න හොඳේ.