Suntan
Suntan is a 2016 Greek film directed by Argyris Papadimitropoulos. This amazing story is narrated around a middle age doctor who fall in love with a tourist girl half his age.
නිරුවත් නගරය
අපි වැඩිය අහල තියෙන්නෙ, බලල තියෙන්නෙ ඇමරිකන් චිත්‍රපටි එහෙම නැත්නම් ඉන්දියන් චිත්‍රපටි. හැබැයි ලෝක සිනමාව කියන්නෙ මේ දෙකේ එකතුවක් විතරක් නෙමෙයි කියන එක බොහොම අවධාරණයෙන් කියන්න ඕනෙ.
මේ අපි අද කතාකරන චිත්‍රපටය ඒකට තියෙන හොඳම උදාහරණයක්. මේ අපූරු සිනමා පටය බිහිවෙලා තියෙන්නෙ යුරෝපයෙන්; හරියටම කියනවනම් ග්‍රීසියෙන්. ඔයගොල්ලො බොහෝ දෙනක් සමහරවිට ග්‍රීක සිනමාවක් ගැන අහලවත් නැතුව ඇති. නමුත් මේ රටේ බොහොම පොහොසත් ඒ වගේම දියුණු සිනමා කලාවක් තියෙනවා.
මම මේකට නිරුවත් නගරය කියලා හැඳින්වුවට මෙකෙ නියම නම තමා "SUNTAN". මේ වචනෙ තේරුම ගත්තොත් "හිරු එලියට පිළිස්සුණු සම" වගේ තේරුමක් තමා ඒකට එන්නෙ. ඉතිං එහෙමෙ හමක් ලබා අන්න නම් ඉරු එලිය තපින්න එපෑයැ. එහෙම හිරු එලිය තපින්න එන මානව මානවිකාවන්ගෙ ප්‍රකට තේරීමක් වෙච්චි බොහොම පොඩි හැබැයි ඉතාම ප්‍රකට දූපතක් තමා මේ කථා පුවතට පාදක වෙන්නෙ. මේ ගොල්ල බොහොමයක් තමන්ගෙ සම සම්පූර්ණයෙන්ම හිරු එළියට නිරාවරණය කරමින් ඒ කියන්නෙ උපන් ඇඳුමින් තමා ඉර එලිය තපින්නෙ. ඉතිං එ හින්ද මම හිතුව මේ කථාවට "නිරුවත් නගරය" කියල නම දාන එකේ කිසිම වරදක් නෑ කියල.
කොහොම උනත් මේ කථා පුවතෙ ප්‍රධාන චරිතය වෙන්නෙ මේ නගරයට අළුතින් පත්වෙලා එන මැදිවියේ වෛද්‍යවරයෙක්. මෙයා තනිකඩයෙක් වගේම ජීවිතය තුලින් බලාපොරොත්තු වෙච්චි අරමුණු කරා ලඟා වෙන්න බැරි වෙච්චි එක්තරා ආකාරයක පරාජිතයෙක්. මෙයා මේ නගරෙට එන්නෙ සාමකාමී, නිදහස් ජීවිතයක් ගත කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. මෙන්න මේ අහිංසක වෛද්‍යවරයගෙ සාමකාමී ජීවිතය උඩු යටුකුරු වෙන්නෙ රූමත්, ලාබාල තරුණියක් නොසිතූ විරූ ලෙසට ඔහුට මුණ ගැසීමෙන්. මේ කෙල්ල බොහොම දඟකාර, හැඩකාර සුකෝමල තරුණියක් විතරක් නෙමෙයි ජීවත් වෙනව කියන්නෙ විනෝද වීම පමණක් කියල හිතන බොහොම විසේකාර ගැටිස්සියක්. මෙයාට ඒ වගේම හැසිරීම් රටාවක් තියෙන හරිම අපූරු යාළුවො කණ්ඩායමකුත් ඉන්නවා. මේ ගොල්ලන්ගෙ ජීවිතවල සීමා මායිම් නෑ. ජීවිතේ හරිම සැහැල්ලුයි. ඒ වගේම සරලයි.
ඉතිං මේ අපූරු තරුණියගෙ සහ එයාගෙ අපූරු යාළුවො කණ්ඩායමේ අළුත්ම බිල්ල වෙන්නෙ මේ අහිංසක වෛද්‍යවරයා. හැබැයි ඒක ඉතිං ඒ ගොල්ල හිතා මතා කරන දේකුත් නෙමෙයි. මේ සැහැල්ලු ජීවිත පැවැත්මෙන් වශී වෙන මේ වෛද්‍යවරයා මේ අපූරු තරුණියට ආදරය කරන්න පටන් ගන්නවා. මේ ලාබාල කෙල්ලත්, වෛද්‍යවරයාගෙ ප්‍රේමයට මුළින් මුළින් අනුබල දක්වනවා. ඒ විතරක් නෙමෙයි, වරක් ඔහු සමඟ ලිංගිකවත් හැසිරෙනවා. නමුත් එතැන් පටන් ඔහුව දැඩි ලෙස මඟ හරිනවා.
අපේ අහිංසක එයාගෙ අහිංසක කම අත්හැරලා නියම දුෂ්ඨයෙක් බවට පත් වෙන්නෙ මෙන්න මේ සිදු වීමත් එක්ක. එයා කෙල්ලව ලබා ගන්න නොකරන දෙයක් නෑ. නොවිඳිනා අපහාසයක් නෑ. හැබැයි මේ හැම දේකින්ම වෙන්න ඔහුව තව තවත් පහලටම ඇද වැටීම. කොච්චර ඇද වැටෙනවද කිව්වොත් ඔහු අවසානයේ ඔහුගෙ රැකියාවත් අහිම කර ගන්නවා. හැබැයි එහෙම උනා කියල මේ මැදිවියේ මනමාලයා තමාගේ උත්සාහයනම් අත හරින්නෙ නෑ.
ඉත්ං මේ කථාව මෙතනිං නවතින්නෙ නෑ. තව ඉදිරියට ගලාගෙන ගිහිං නොසිතූ විරූ අවසානයක් ලඟා කරගන්නවා.
කොහොම උනත් මේක ආදර කතාවක්වත්, විහිළු කතාවක්වත් එහෙම නැත්නම් ශෝකාන්තයක්වත් නම් නෙමෙයි. මේ හැමදේකම එකතුවක් වගේම මිනිස් ජීවිතයේ තවත් අපූරු පැතිකඩක්, මානව සබඳතාවල අපූරු පැතිකඩක් හෙලි කරන සුවිශේෂ සිනමා නිර්මාණයක්. කොටින්ම කියනවානම නැරඹිය යුතුම චිත්‍රපටයක්. මේකෙ තියෙන අති විශාල නිරුවත් දර්ශණ ප්‍රමාණය නිසා මේ චිත්‍රපටය අනිවා ගැලපෙන්නෙ වැඩිහිටියන්ට පමණමයි කියලත් අවධාරණය කරන්න ඕනි. ඒ වගේම මේකෙ පැහැදිලි පිටපත් අන්තර්ජාලය හරහා නොමිලයේම නරඹන්න පුළුවන් බවත් කියන්න ඕනෙ.
The trailer..
No comments:
Post a Comment