Showing posts with label mathara robbery. Show all posts
Showing posts with label mathara robbery. Show all posts

Monday, June 25, 2018

මාතර ස්වර්ණාභරණ මංකොල්ලය - සැබැවින්ම සිදුවූයේ කුමක් ද?




2018 ජූනි මස 22 දා මාතර නගරයේ ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ලකෑමට පැමිණි කොල්ල කල්ලියක් හා මාතර පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. මෙහිදී එක් පොලිස් කොස්තාපල් වරයෙක් වෙඩි වැදී මිය ගිය අතර පසුව සිදුකල හෝදිසි මෙහෙයුම් වලදී කොල්ල කල්ලියේ බොහෝ දෙනෙකු අත් අඩංගුවටත් ගත්තා.

මෙම සිදු වීම දෙස විශ්ලේෂණාත්මකව බැලීමේදී පෙනී යන එක් කාරණයක් තමා මේ කොල්ල කල්ලි සතුව ඉතා නවීණ අවි ආයුධ තිබෙන බව. එසේම පොලිසිය සතුව කබා, හෙල්මට් වැනි (වෙඩි නොවදින) ආරක්ෂිත ආවරණ නොමැති බවත්, ඔවුන්ට මෙවැනි අවස්ථාවකට හොඳින් මුහුණ දීමට ප්‍රමාණවත් පුහුණුවක් නොමැතිබවත් මෙම සිදු වීම හරහා පෙනී යනවා. එවැනි දේ තිබුණානම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවනු ඇතිබව මගේ නම් හැඟීමයි.