Tuesday, March 13, 2018

Black sails... මුහුදේ මාරයෝ...

මුහුදේ මාරයෝ

මෙයනම් ඉතාම රසවත් රූපවාහිනී මාලා නාටකයකි. එහි, විශිෂ්ඨ ඝනයේ රූප රචනයක් අඩංගු විය යුතු සියලු අංගෝපාංග අඩු නැතුවම අඩංගු වී ඇතිබව පැකිලීමකින් තොරවම පැවසිය හැක. 

මෙහි කතා සාරය ගොඩ නැඟී ඇත්තේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ අති බිහිසුණුම, කෲරම හා විනාශකාරීම යැයි හංවඩු ගැහී ඇති ලොව පතලව සිටි හා ලෝකයේ සැබැවින්ම විසූ මුහුදු මංකොල්ල කරුවන් පිරිසක් වටාය. ඔවුන් සැබැවින්ම අප අසා තිබෙන පරිදි කිසිදු හිතක් පපුවක් නැති මිනීමරුවන් පිරිසක්ද එසේනම් ඔවුන් එසේ වීමට බලපෑ හේතු මොනවාද යන කරුණු මෙන්ම ඔවුන්ද අප මෙන්ම විවිද මානුෂීය ගුණාංගද කැටිවූ මානවයන් පිරිසක්මය යන කරුණද මෙම මාලා නාටකයෙන් මනාව පිළිබිඹු කර ඇත. කෲරතමයන් ඔවුන් පමණකම නොවේ; බලය හා ධනය හඹාගිය බටහිර ලෝකයේ සුදු අධිරජවරුන්ගේ දැඩි කෲරත්වයද මෙම නාටකයෙන් පෙන්වා දී ඇත. 

මෙයට අමතරව අප කවුරුත් අසා ඇති "සම්පත් දූපත නැතහොත් treasure island" නවකතාවේ චරිතද මෙම මාලා නාටකයේ විවිධ භූමිකා රඟති. ඇත්තෙන්ම මෙය එම නවකතාවේ පසුබිම් පිවිසුම ලෙසද ඇතැමුන් හඳුන්වති.

 මෙම මාලා නාටකය සීසන්ස් හතරකින් සමන්විතය. එසේම මෙහි නිරුවත් හා බෲන්ගාරත්මක දර්ශනයන්ද මහත් රාශියක් අඩංගුවේ. එසේම බිහිසුණු සටන්, කෲර හා මිලේච්ච ඝාතන හා ලේ වැගිරවීම් ආදියද හරි හරියට අඩංගුය. කොටින්ම කියතොත් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු රූපවාහිනී මාලා නාටකයකි.

 ඔබ ටොරන්ට් ගැන දන්නේ නම් මෙහි සියලු සීසන්ස් ටොරන්ට් හරහා භාගත කර ගැනීමට ඔබට පුලුවන. මෙහි අඩංගු ත්‍රාශය, භීතිය, බෘංගාරය හා කෘතුහලය දනවන බොහෝ දර්ශණ ඉහල පෙලේ හොලිවුඩ් චිත්‍රපටයක තරම්ම විශිෂ්ඨ බවින් යුතු බවද නොකියාම බැරිය. 

Friday, February 23, 2018

BELOVED SISTERS දෙසොහොයුරියන්ගේ ආදර අන්දරය....




අතිශය රූමත් වංශවත් සොහොයුරියන් දෙදෙනෙකි. ඇත්තෙන්ම ඔවුන් සතු එකම ධනය වන්නේද ඔවුන්ගේ රූමත් බවයි. මවගේ එකම අභිප්‍රාය ඔවුන්ව වංශවත් ධනවතුන්ට විවාහ කර දීමයි. වැඩිමල් දියණිය මවගේ අවවාදය පිළිපදිමින් එවැනි වංශවතෙකු හා විවාහ වේ. නමුත් එම විවාහයේ ආදරය රහිත විවාහයකි. ඔය අතර දෙසෝයුරියන්ගේ ලෝකයට එක් වන්නේ කඩවසම්, තරුණ ලේඛකයෙකි. ඔහු ධනවතෙකු නොවූවත් ඔහු සතුව ඇත්තේ විසල් හදවතකි. එය ආදරය උතුරායන හදවතකි. එම ආදරය සොහොයුරියන් දෙදෙනාටම පොදුවේ ගලා යයි. ඔවුන් දෙදෙනාම එකසේ ඔහුට ආදරය කරයි. ආරම්භය ඉතාම සුන්දරය. තිදෙනාම ආදර සෙල්ලම් වලින් මහත් වින්දනයක් ලබති. ක්‍රමයෙන් දෙසොහොයුරියන්ගේ ආදර සෙල්ලම ආදර යුද්දයක් බවට පෙරලෙන්නේ ඔවුන්ටද නොදැනීමය.

මෙය ජර්මානු චිත්‍රපටයකි. එහි කතා තේමාව ඉතාම ප්‍රභල අතර ප්‍රේක්ෂකයා මුළු කාලය පුරාම රඳවා ගැනීමට තරම් රසවත් බවකින්ද යුක්තය. ආදරය, බෘංගාරය, සිනහව, කඳුල මෙන්ම පළිගැනීම හා ක්‍රෝධය වැනි මානුෂ ගුණාංග ද මේ චිත්‍රපටය පුරාම මනාව විහිදුවා ඇත. කෙටියෙන් කියතොත් මේ වනාහි බලන්න වටින චිත්‍රපටයකි. මෙහි ඇත්තේ මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමනකි. එය නරඹා චිත්‍රපටය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

මෙම චිත්‍රපටය පහත ලින්ක් එක මගින් ඔන්ලයින් හරාහා සම්පූර්ණයෙන්ම නැරඹිය හැක. 

CLICK HERE TO WATCH THE FULL FILM, "BELOVED SISTERS"

Saturday, February 17, 2018

2017 වසරේ ලොව හෙල්ලූ චිත්‍රපටි 10ය මෙන්න...10 highest grossing films of 2017




2017 කියන්නෙ ලෝක සිනමාවට සුපිරිම චිත්‍රපටි ගනනාවක්ම එකතුවෙච්චි සුපිරි වසරක්. මේව බොහොමයක් අධායම් වාර්ථා සුණු විසුණු කරමින් තමා ලෝකෙ පුරාම තිරගත වෙලා තියෙන්නෙ. ඒවා අතරින් ලෝකෙ වැඩිම ආධායම් ලබා ගත්ත ඒ කියන්නේ ලෝකෙ පුරාම වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ට චිත්‍රපටි 10 ගැන තමා මේ වීඩියෝවෙන් කියවෙන්නෙ. මේවා ඔක්කොම හොලිවුඩ් චිත්‍රපට වීමත් විශේෂයක්. බහුතරයක්ම ඒවා මහ විශාල වියදමක් දරල තමා හදල තියෙන්නෙ. ඒ වගේම හොලිවුඩය හොල්ලගෙන ඉන්න නළු නිළියො තමා මේවයෙන් බොහොමයකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ. කොහොම උනත් මේවා එකක් නෑරම බලන්න හරි අපූරු චිත්‍රපටි පෙළක් වගත් කියන්න ඕනෙ. බලල නැත්නම් අනිවා බලන්න. ටොරන්ට් සයිට් වල මේ හැම ෆිල්ම් එකක්ම නොමිලේම බා ගන්න අවස්ථාව සලසලා තියෙනවා. ක්‍රමේනම් මම කියන්නෙ නෑ. දන්නෙ නැත්නම් පොඩ්ඩක් හොයල බලන්න. බයිස්කෝප් එල්.කේ වෙබ් අඩවිය හරහාත් මේ චිත්‍රපටි ලබා ගන්න ක්‍රම සලසලා තියෙනවා. ලෝකල් වීඩියෝ ෂොප් වලත් අනිවා ඇති.

Tuesday, February 6, 2018

The Warriors Gate...සරලයි...ත්‍රාසජනකයි....




මේක නම් හරිම අපූරු චිත්‍රපටියක්. මුල ඉඳන් අගටම, කිසිම කම්මැලිකමක් නැතුව බලා ඉන්න පුලුවන් චිත්‍රපටියක්. ඒ වගේම මේක චීන-ප්‍රංශ චිත්‍රපටියක්. ඒ කියන්නේ මේක හදන්න මේ රටවල් දෙකේම නිර්මාණකරුවන් දායක වෙලා තියෙනවා. මූලිකවම ගත්තොත්, මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ කියන්නෙ මෙකෙ අපිව කුල්මත් කරවන සටන් ජවනිකා රැසක් අඩංගු වෙලා තියෙනවා. ඒ එක්කම මේක විනෝදය, කෘතුහලය හා ත්‍රාශය ගෙනදෙන විද්‍යාප්‍රභන්ධ චිත්‍රපටියකුත් වෙනවා.

මේ අපූරු චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ඉස්කෝලෙ යන කොලු ගැටයෙක්. මේකා නිකම්ම නිකම් කොලු ගැටයෙක් නෙවෙයි වීඩියෝ ගේම් ඔස්තාද් කෙනෙක්. මෙයාට එයාගෙ චීන යාලුවෙක්ගෙන් හරි අපූරු තෑග්ගක් ලැබෙනවා. බැලූ බැල්මට ඒක වේවැල් වලින් වියපු පෙට්ටියක්. නමුත් මේක වෙනත් රාජධානියකට පිවිසෙන දොරටුවක් කියල පස්සෙ හෙලි වෙනවා. හැම කොල්ලෙක්ම වගේ මේ කොල්ලත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ලස්සන චීන කෙල්ලෙක් පස්සෙන් මේ දොරෙන් අර චීන රාජධානියට පිවිසෙනවා. එතන ඉඳන් තමා නියම කතාව පටන් ගන්නෙ. එයා දන්න ඔක්කොම වැඩයි තව අමතර වැඩයි පෙන්නල ඒ රටේ ඔටුන්න හිමි කුමාරිකාව මිලේච්ච හමුදාවකින් බෙර්‍රගන්න දරන උත්සාහය මේ කතාවෙන් හරි අපූරුවට පෙන්නල තියෙනවා.

කොහොම උනත් මේ අපූරු චිත්‍රපටයට මූල්‍යමය වශයෙන් නම් එච්චරම සාර්තක වෙන්න බැරි වෙලා තියෙනබවකුයි පේන්නෙ. ඇමරිකානු ඩොලර් මිලියන 48ක් වැය කලත් උපයගන්න සමත් වෙලා තියෙන්නෙ ඒ වියදමෙන් පොඩි කොටසක් විතරයි. හොලිවුඩ් චිත්‍රපටයක් තරම්ම අපූරුවට නිර්මාණය කරල තිබුනත්, ඒ තරම් ප්‍රචාරක හැකියාවක් නොතිබීම මේකට හේතුවෙන්න ඇති කියලයි මට හිතුනෙ. මම මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් මේ එක්කම දාල තියෙනවා. ඔයාල ඒක බලල තීරණය කරන්න මේක බලන්න තරම් වටින චිත්‍රපටයක්ද නෙවෙයිද කියල

  The Warriors Gate (2016) on IMDb

Thursday, February 1, 2018

Scarlet Diva ඉතාලියානු චිත්‍රපටය ගැන ඔබ නොදත් දේ.....

Scarlet Diva (2000) on IMDb



මේක චිත්‍රපට්යක් වගේම Asia Argento කියන ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරියගේ ජීවිත කතාවෙන් කොටසකුත් වෙනවා. හරිම අමුතු ක්‍රමයකට හදපු, බලපුවහම එකපාරටම තේරුම් ගන්නත් අපහසු සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන්. මේකෙ සරාගි දර්ශනත් ගොඩාක් අඩංගු වෙනවා. කොහොම උනත් මේක පහත් පෙලේ ලිංගික දර්ශන රැගත් චිත්‍රපටයක් එහෙම නම් නොවන වගත් කියන්න ඕනි. මේ අධ්‍යක්ෂක වරිය මත්ද්‍රව්‍යවල්ට තදින්ම ඇබ්බැහිවෙලා ඉන්න කෙනෙක්. එයාගෙ ජීවිතේ මේ හැමදෙයක්ම බැලන්ස් කරගෙන චිත්‍රපට ලෝකය සාර්ථකව ජයගන්න අඩිතාලම දාගන්නේ කොහොමද කියල අපිට මේ චිත්‍රපටය කියල දෙනවා.




  •  මෙම චිත්‍රපටයේ සම නිශ්පාදකවරයා වන්නේ ඇගේම පියායි.

    මෙම චිත්‍රපටය රූ ගත්කරන කාල වකවානුවේ මෙහි ප්‍රධාන චරිත රඟපාන Asia Argento සහ  Jean Shepard සැබෑ ආදරවන්තයන් ලෙසට කල් ගත කර ඇත.

    මෙහි ඇති බොහෝ ජවනිකා ඇය සැබැවින්ම මුහුණදුන් අත් දැකීම් ඇසුරින් නිපදවා ඇත.

පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න.


මේ වනවිට ඇය ඉතාම සාර්ථක අධ්‍යක්ෂිකාවක්, තිර රචිකාවියක්, චිත්‍රපට නිශ්පාදකවරියක් මෙන්ම නිලියක්ද වනවා. ඇය රඟපෑ ඉතාම ජනප්‍රිය චරිතයක් වන්නේ වර්ෂ 2002හිදී තිරගතවූ "XXX" චිත්‍රපටයේ "යෙලේනා" නම් රුසියානු ඔත්තුකාරියගේ චරිතයයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු "Vin Diesel" මහතායි.



ඇය පිළිබඳ වැඩි විස්තර පහත ලින්කුවෙන් කියවන්න.
https://en.wikipedia.org/wiki/Asia_Argento

 මෙම් චිත්‍රපටය පහත ලින්ක් එක තුලින් සම්පූර්ණයෙන්ම නරඹන්නත් ඔබට පුලුවන්
WATCH "SCARLET DIVA" full film BY CLICKING THIS LINK

click on "SKIP AD" to visit the movie page....
 The movie page is as follows...




Friday, January 26, 2018

COSMIC SEX බෙන්ගාලි චිත්‍රපටය ඔබ නැරඹිය යුත්තේ ඇයි?


මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් නෙමෙයි ගොඩක්ම අමුතු චිත්‍රපටයක් කියල.
බොහොමයක් දෙනා කියන දෙයක් තමයි ඉන්දියාවෙ කලාත්මක චිත්‍රපටිවල උපත බෙන්ගාලය කියන එක. මේ චිත්‍රපටයත් ඒකට හොඳම උදාහරණයක්. වෙනත් බෙන්ගාල චිත්‍රපටවලට වඩා මේකේ තියෙන වෙනස තමා නිරුවත් දර්ශණ බොහොමයක් මේකෙ අඩංගු කරල තිබීම. ඒ නිසාම මේ චිත්‍රපටය ඉන්දියාව තුල ප්‍රදර්ශණය තහනම්. ඒ උනත් යූ ටියුබ් චැනලය ඔස්සේ පහත ලිංකුව තුලින් මුලු චිත්‍රපටයම නොමිලේම නරඹන්න ඔයාලට පුලුවන්. 
https://www.youtube.com/watch?v=MgVWqyA7tbo
මෙකේ කතාව හොඩනැඟිල තියෙන්නෙ තරුණයෙක් වටා. මෙයා මිනීමැරුමක් කරල ගෙදරින් පැනල යනවා. එහෙම යනකොට එයාගෙ උදව්වට මුලින්ම එන්නෙ ගණිකාවක්. ඒ ගණිකාව සමඟ එයාගෙ ගෙදරට යන තරුණයට නපුංශකයෙක් මුණ ගැහෙනවා. මේ නපුංශකයා මේ තරුණයට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. ඒ ආදරයෙන් බේරෙන්න මෙයා ඒ නපුංශකයවත් මරල එතනිනුත් පැනල යනවා. එහෙම යනකොට තමා එයාට හම්බ වෙන්නෙ එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වන අපූරු කාන්තාව. එයා මේ තරුණයට ජීවිතේ ගැන, ආදරය ගැන වගේම ලිංගිකත්වය ගැන බොහොම දේවල් කියා දෙනවා. නමුත් මෙයාලගෙ ශාන්ත නිස්කලංක ජීවිතේට කණකොකා හඬන දවසකුත් එනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඉතිං චිත්‍රපටිය බලලම තමා හොයාගන්න වෙන්නෙ.

ඔයාලත් ටිකක් සම්භාව්‍ය ගණයෙ ලස්සන චිත්‍රපටියක් බලන්න ආසනම් අනිවා මේක බලන්න. ඇත්තෙන්ම අපිට උනත් ඉගෙනගතයුතු දේවල් ගොඩක් මේ චිත්‍රපටය තුලින් කතා කරනවා. මේක ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් ගනනාවක් නියෝජනය කරපු ඒ වගේම සම්මාන උපයාගතපු චිත්‍රපටයක්.

මේ වීඩියෝවෙනම් තියෙන්නෙ ඒකෙ පූර්ව ප්‍රචාරක පටය විතරයි. චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙච්චි එකක් නිසා මම දැම්මෙ ලින්ක් එක විතරයි. මේ වීඩියෝව බලල හොඳයි කියල හිතෙනවනම් විතරක් ලින්ක් එකට ගිහින් චිත්‍රපටියත් බලන්න අමතක කරන්න එපා. 


මේක ගැන අන්තර්ජාලයේ පලවෙච්චි විවිධ අදහස් කීපයක් ඔයාල්ට පහත ලින්ක් වලින් බලා ගන්න පුලුවන්.


IMDb
Wikipedia

Tuesday, January 23, 2018

දවල් කෑමට ගිය මිතුරාට වූ දේ...A strange lunch with friend's wife...

මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු කෙටි චිත්‍රපටියක්. හරිම අමුතු කතාවක් තමා මේකෙන් කියවෙන්නෙ. විකෘති ආසාවන් තියෙන පුද්ගලයෙකුගෙ අහිංසක බිරිඳක් එයාගෙ පහත් ආසාවන් වෙනුවෙන් කරන එක්තරා විදියක කැප කිරීමක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන්. අපි ජීවත් වෙන සාමාජයේ මොනතරම් අමුතු දේවල් වෙනවද කියල මේක බලපුවහම මට හිතුන. ඔයාලත් බලලම තීරණය කරන්නකො මම හරිද වැරදිද කියල.