Tuesday, May 29, 2018

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයනුත් මුදලට තරඟ පාවා දීල? ලැජ්ජයි අප්පා....

මෙච්චර කාලයක් ලංකාවෙ ක්‍රිකට් ලෝකය ඉදිරියේ ඉස්සරහින් තියපු එක කාරණයක් තමා මුදලට තරඟ පාවා දෙන ක්‍රීඩකයො නොසිටීම. අපි තරඟ පැරදුනත් අපේ ක්‍රීඩකයො මහත්මා ක්‍රීඩාකයො නේද කියල හරි සතුටු වෙන්න අපිට පුළුවන්කම තිබුන. නමුත් මේ හෙලිදරව්වත් එක්ක ඒ සතුටත් අපෙන් ගිලිහිලා යනවා. මේක ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙච්ච දැවැන්ත කළු පැල්ලමක්.


Monday, May 14, 2018

ලෝකයේ විශිෂ්ඨතම ඩබල් කැබ් රථයේ හැකියාවන් මෙන්න.... The best double cab in the world....




ශ්‍රී ලංකාවෙ අපි අතරෙ ගොඩක්ම ජනප්‍රිය ඩබල් කැබ් රථ වශයෙන් හඳුන්වන්න පුළුවන් ටොයෝටා, නිශාන් හා මිට්සුබිෂි යන ජපන් සමාගම් වලින් නිපදවනු ලබන ඩබල් කැබ් රථ. මේවා හඳුන්වන්නෙ off road වාහන විදියට. ඒ කියන්නෙ මේවා වඩාත්ම උචිත වෙන්නෙ සාමාන්‍ය පාරවල්වල ධාවනයට වඩා දුෂ්කර පාරවල්වල ධාවනය කිරීමට. මේ හැකියාවන් වර්ධනය කිරීමට මේ රථවලට විශේෂාංග ගනනාවක් හඳුන්වාදීල තියෙනවා. මේ විශේෂාංග උපරිමයටම දියුණුකරල තියෙන off road තත්වයන්ට වඩාත්ම උචිතතම ඩබල් කැබ් රථය විදියට ලෝකයේ, විශේෂයෙන් යුරෝපයේ නමක් දිනාගෙන තියෙන්නෙ ඉහත නම සඳහන් ඩබල් කැබ් රථ වර්ග වලින් එකක්වත් නොවීම විශේෂත්වයක්. ඇත්තටම ඒ ගෞරවය හිමිවෙලා තියෙන්නෙ අමෙරිකානු සමාගමක් වන Ford සමාගම මගින් වෙළඳපලට හඳුන්වාදී ඇති Ford ranger ඩබල් කැබ් රථයට. මේ රථයේ හැකියාවන් විශේෂයෙන් off road හැකියාවන් ඉතාම පැහැදිලිව විදහා දක්වන වීඩියෝවක් තමා අද මම ඔයාලට ගෙනල්ල තියෙන්නෙ. මේ හැකියාවන් වෙනත් සියලුම ඩබල් කැබ් රථ වලට වඩා ගව් ගනනාවක් ඉදිරියෙන් තියෙන බව මේ වීඩියෝව නරඹුවහම ඔයාලටත් තේරේවි.

වීඩියෝව පහතින් නරඹන්න.......,


Sunday, May 6, 2018

The deadliest road in the world...


 The deadliest road in the world...





ලෝකයේ භයංකරම පාරවල්වල වාහන එලවන පිස්සු ඩ්‍රවාලා....මේව දැක්කම අපිටත් පිස්සු හැදෙනවා... Crazy drivers....



අපේ රටෙත් තියෙනවා කැඩිච්ච, බිඳිච්ච වගේම වල ගොඩැලි පිරුණු මාර්ග වලට වඩා වාරි මාර්ග වලට කිට්ටුවෙන් යන පාරවල් සෙට් එකක්. ඔයාල වාහන එලවන අයනම් දන්නව ඇති මේ වගේ පාරවල්වල වාහන එලවන එක කොච්චර ත්‍රාශජනක වගේම භයංකර අත් දැකීමක්ද කියල. අපේ ඒ පාරවල් මේ වීඩියෝවෙ පෙන්වන සමහර පාවවල් එක්ක සංසංදනය කරල බලපුවහම ගොඩක් දියුණුයි වගේම සුරක්ෂිතයි. මේ පාරවල් සමහරක් වැටිල තියෙන්නෙ මහා දිය ඇලි මැදින්. වාහනේක තියා පයිං යන්නවත් හිතෙන්නෙ නැති තරමට නොදියුණු හා භයංකර තත්වයක තමා සමහර පාරවල් තියෙන්නෙ. ඇත්තටම මේ ඩ්‍රවාලට පිස්සු නැත්නම් මේ වගේ අවධානම් පාරක තමන්ගේ වාහනය එලවන එකක් නෑ කියල ඕනෙම කෙනෙකුට හිතෙන එක පුදුමයක් නෙවෙයි. මේක මම කියනවට වඩා ඔයාලම බලල තීරණය කරන එක තමා වඩාත්ම සුදුසු. 


වීඩියෝව පහතින් නරඹන්න. Watch video below...



Thursday, April 19, 2018

Nymphomaniac (කාමයට ඇබ්බැහි වූ කෙල්ල)

 Nymphomaniac (කාමයට ඇබ්බැහි වූ කෙල්ල)




මේක ටිකක් විශේෂ චිත්‍රපටයක්. මේක විශේෂ වෙන්න එක හේතුවක් තමා මේකෙ අඩංගු වෙලා තියෙන ලිංගික දර්ශණවල තියෙන තාත්විකභාවය. ඇත්තටම sex කරන දර්ශණ අඩංගුවෙලාතියෙන ලෝක සිනමාවෙ ප්‍රධාන ධාරාවෙ චිත්‍රපට ගොන්නට මේක අයිති වෙනවා. එහෙම දර්ශණ අඩංගු වුනාට මේක පහත් පෙලේ කාම (porn) චිත්‍රපටයක්නම් නෙමෙයි කියන එකත් මතක තියාගන්න. මේකෙ versions කීපයක් තියෙනවා. සියලු දර්ශණ මඟ නොහැර බලන්නනම් uncut version  එක බලන්න වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ  Charlotte Gainsbourg කියන එංගලන්ත නිළිය විසින්. මේකෙ අඩංගු අධි තාත්වික ලිංගික ධර්ශණ වලට වෙනත් නිළියක් භාවිතා කරපු බවක් තමා ඇයනම් කියන්නෙ. මේකෙ අඩංගු වෙලා තියෙන්නෙ හරිම අපූරු කථා පුව්තක්. එකතරා මහළු පුද්ගලයෙකුට පාළු ස්ථානයක වැටිල ඉන්න තරුණියක් හමු වෙනවා. මේ තරුණිය එයාගෙ කතා පුවත මේ මහළු පුදගලයාට විස්තර කරල දෙනවා. මේ තරුණිය ලිංගික ආසාවන්ට වහල් වූ තැනැත්තියක්. එයා ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. කොටින්ම කියනවා නම් මේ තරුණියගෙ මුළු ජීවිතේම sex මත තමා ගොඩනැඟිල තියෙන්නෙ. ඉතින් මේ කතා පුවත අහන මහළු පුදගලයා එක්තරා විදියකට තිරිහන් වෙනවා කිව්වොත් ඒක නිවැරදියි. කොහොම උනත් මේ කතා පුවත අහන මේ මහල්ලට අන්තිමට වෙන දේ නම් එච්චර සුන්දර සිදුවීමක් නෙවෙයි. මේ චිත්‍රපටය ඉතාම දිගු එකක්. ඒ නිසාම මේක එලි දක්වල තියෙන්නෙ වොලියුම්ස් දෙකකින්. ඒ කොටස් දෙකම 2013 වසරෙදි ලොක සිනමාවට එකතු වුනා. මේ වීඩියෝවෙ මේ චිත්‍රපටය ගැන කෙටි විවරණයකුත් චිත්‍රපටයේ කොටස් දෙකේ පූර්ව ප්‍රචාරක පටත් අඩංගු වෙනවා. ඔයාල බලලම කියන්නකො ඔයාලට මොකද හිතුනෙ කියලා. මේ චිත්‍රපටයේ කොටස් දෙකම ටොරට් වලින් බා ගන්න මේ වෙනකොට අවස්ථාව සැලසිලා තියෙනවා. 

 තව විස්තර බලා ගන්න ඕනිනම් මෙන්න මේ ලින්ක් හරහා ඔයාලට ඒක කරගන්න පුළුවන්.


වීඩියෝව පහතින් නරඹන්න





Thursday, April 12, 2018

Suzuki Swift ගැන ඔබ නොදැන සිටි නියම ඇත්ත මෙන්න...The real truth about Suzuki Swift; test drive and review..

Suzuki Swift ගැන ඔබ නොදැන සිටි නියම ඇත්ත මෙන්න...



Suzuki Swift කියල කියන්නෙ අද වන් විට ලංකාවෙ වාහන පාවිච්චි කරන අය අතරෙ ගොඩක් ජනප්‍රිය මෝටර් රථ මාදිලියක්. මේ මෝටර් රථය ගොඩක්ම උචිත වෙන්නේ නගර තුල මෝටර් රථ ධාවනය කරන්නන්ට. ඒක එහෙම වෙන්න හේතු අපිට මේ වීඩියෝව නැරඹීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තට ඒකට ප්‍රධාන හේතු විදියට කියවෙන්නෙ මේ මෝටර් රථයේ හුරු බුහුටි නිමාව, හැසිරවීමට ඇති පහසුව හා ඉන්ධන කාර්යක්ෂමතාවය. මෙහෙම කියන්නෙ මේ මෝටර් රථයේ නිෂ්පාදකයො. ඒක ඇත්තටම එහෙමද කියන එක වගේම මේ මෝටර් රථ මාදිලියේ ඇති වෙනත් වාසි හා අවාසිත් මේ වීඩියෝවෙන් මනාව පැහැදිලි කරල දෙනවා.

 වීඩියෝව පහතින් නරඹන්න..watch video below...

Tuesday, April 10, 2018

මෙන්න ටොයෝටා යාරිස් ගැන නියම ඇත්ත... Toyota Yaris test dreive and review; the hard truth...



ටොයෝටා යාරිස් (TOYOTA YARIS)  කියන්නෙ ලංකාවෙ ගොඩක් දෙනා අතරෙ බොහොම ජනප්‍රිය කාර් එකක්. මේ තමා මට හොයා ගන්න පුළුවන් වෙච්චි හොඳම යාරිස් රිවීව් එක. මේ රිවීව් එකේ කාර් එක ගැන හොඳ විස්තරයක් දෙනවා. හොඳ විතරක් නෙවෙයි අඩුපාඩුත් ලස්සනට පෙන්නල දෙනවා. බලලම කියන්නකො ඔයාල මොකද හිතන්නෙ කියලා.

 වීඩියෝව පහතින් නරඹන්න....Watch the video below..