Sunday, July 15, 2018

මෙන්න අළුත්ම ඉලෙක්ට්‍රික් කාර් එක....Mahindra e2o Plus

 An awesome vehicle with all necessities for a Sri lankana family.
මම හිතන්නෙ මේක වැඩිවෙන ඉන්ධන වියදමට අපූරු විසඳුමක්. මේ කාර් එකේ මිලත් එහෙමකට වැඩි නෑ. ලංකාවෙ වෙළඳපොලේ නම් රුපියල් ලක්ෂ 25 විතර වගේ තමා වෙන්නෙ. පවුලේ වාහනයක් විදියට වගේම ටවුමේ වාහනයක් (ට්‍රැෆික් එකේ යන්න එන්න ඔබින) විදියටත් ලංකාවෙ අපිට ගැලපෙන වාහනයක් කියල මට හිතෙනවා. ගොඩක් විච්චූර්ණනම් නෑ. හැබැයි ඕනෙකරන උපාංග වගේම පහසුකම් අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝව බලල තීරණය කරන්නකො මම හරිද කියලා.




Friday, July 13, 2018

Some weird stuffs recorded by CCTV cams.....CCTV කැමරාවල සටහන් වෙච්චි අමුතු සිදුවීම් පෙලක් මෙන්න...

CCTV cams are almost everywhere. Some of these has captured some of the weirdest stuffs happens around us. Watch this video and you will be surprised to your core.
බලන්නම වටිනව බොලන්ල...
මේකෙ එක සිදු වීමක් තියෙනවා හාමුදුරුවරු දෙන්නෙක් ෆෝන් එකක් උස්සන. බෞද්ධයෙක් හැටියට ලැජ්ජාවට කාරණයක් උනත්, ඒ දෙන්න ලංකාවෙ දෙනමක් නොවීම ගැන සංතෝෂයි. සමහරු හිතනවනෙ පිටරට හාමුදුරුවරු ලංකාවෙ හාමුදුරුවරුන්ට වඩා ශීලවන්තයි කියල. ඒක එහෙමම නෑ කියන එක මේකෙන් ඔප්පු වෙනව වගේ.


Wednesday, July 11, 2018

"Cherry", a strangly odd love story...."චෙරි".... අමුතු ආදර කතාව.....



Cherry is a coming of age love story of a boy who fall in love with an older woman and with her young daughter. The story is simply awesome. Not only because it contains lots of nudity but also because this story has many twists and some of them are dreams of every living teenager on the planet.

 ඒරොන් කියන්නෙ ඉතාමත්ම දක්ෂ ඉංජිනේරු සිසුවෙක්. මෙයාගෙ දක්ෂතාවය නිසාම මෙයාට පුළුවන් වෙනවා අඩු වයසින් රටේ තියන ඉහලම පෙලේ විශ්ව විද්‍යාලයකට ඇතුල්වෙන්න ශිෂ්‍යත්වයක් දිනා ගන්න. හැබැයි මෙයාගෙ තවත් සැඟවුණු දක්ෂතාවයකුත් තියෙනවා. ඒ තමා චිත්‍ර ඇඳීමේ හැකියාව. මෙයාගෙ චිත්‍ර ටිකක් අමුතුයි. එයාටම ආවේණික සෛලියකට තමා මෙයා චිත්‍ර අඳින්නෙ. මෙයා චිත්‍ර වලට දක්වන ආශාව නිසාම එයා සිය කැමැත්තෙන්ම ඒ විද්‍යාලයේ චිත්‍ර පාඨමාලාවත් හදාරන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදි තමා මෙයාට මුණ ගැහෙන්නෙ ලින්ඩා කියන හරි අපූරු කාන්තාව. මෙයා වැඩිමල් කාන්තාවක්. කොටින්ම කියනවනම් ඒරොන්ගෙ වයසට ආසන්න වයසක් දුවක් ඉන්න අම්ම කෙනෙක්. ඒත් ඉතිං ඒවගේ දේකට පුළුවන්ද ආදරයකට භාදා කරන්න. හැබැයි මේක බොහෝ දුරට ඒක පාර්ශ්වික ආදරයක්. ඒ කියන්නෙ ලින්ඩා ඒරොන්ට සලකන්නෙ තමන්ගෙ හොඳ යාලුවෙකුට සමානව විතරයි කියන එක. හැබැයි ලින්ඩගෙ දුව, ඒ කියන්නෙ බෙත්, ඒරොන් දැක්ක දවසෙ ඉඳන් ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි මේකත් බොහෝ දුරට ඒක පාර්ශ්වික වෙච්ච ආදරයක්. ඒකට හේතුව තමා ඒරොන් බෙත්ව දකින්නෙ කුඩා දැරියක් විදියට වීම හා ඔහු තුල ලින්ඩාට තියෙන ආදරය. ඔය අතරෙ ලින්ඩාගෙ ආදරවන්තයා, ඒ කියන්නෙ වෙස් කියන පොලිස් නිළධාරිය වගේම ඒරොන්ගෙ විද්‍යාලයේම ඉන්න ඒරොන්ගෙ තාවකාලික ආදරවන්තිය ඩාර්සිත් ඉන්න්නවා. ඉතින් මේ චරිත අතරෙ සිදුවෙන විවිධාකාර වූ හැල හැප්පීම් අතරතුර මේ අමුතු ආදර කතාවත් හරි අමුතු විදියකට ගලාගෙන යනවා.

මූලිකවශයෙන් ගත්තොත්, මේක ප්‍රහසනයක්, ඒ කියන්නෙ කොමඩියක් කියලත් කියන්න පුළුවන්. නමුත් මේ කතාව ඇසුරින් අපිට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයකුත් තියෙනවා. කොහොම වුනත් මේ අපූරු කතාව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්චි චිත්‍රපටයක් බවත් කියන්නම ඕනි. මොකද මේකෙ තියන කතා සාරය වගේම ඇතැම් දර්ශණත් ඉතාම බෘන්ගාරාත්මකයි.

ඉතිං මේ අතිශය බෘන්ගාරාත්මක පස්කොන් ආදර කතාව කොයි අතකට යොමුවෙයිද කියලා ඔයාලට දැනගන්න ඕනෙනම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. ඔබ චිත්‍රපට ලෝලයෙක් නම්, මේක නැරඹීමට ගතකරන කාලය කිසිසේත්ම අපතේ නොගිය කාලයක් බවට පිළිගනු ඇතිබවට මට විශ්වාසයි. මේ ච්ත්‍රපටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 35ක් පමණ වෙනවා. ඒ වගේම මේ ච්ත්‍රපටයේ IMDb දර්ශක අගය 6.8 වැනි ඉහල අගයක් ගන්නවා.

Monday, June 25, 2018

මාතර ස්වර්ණාභරණ මංකොල්ලය - සැබැවින්ම සිදුවූයේ කුමක් ද?




2018 ජූනි මස 22 දා මාතර නගරයේ ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ලකෑමට පැමිණි කොල්ල කල්ලියක් හා මාතර පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. මෙහිදී එක් පොලිස් කොස්තාපල් වරයෙක් වෙඩි වැදී මිය ගිය අතර පසුව සිදුකල හෝදිසි මෙහෙයුම් වලදී කොල්ල කල්ලියේ බොහෝ දෙනෙකු අත් අඩංගුවටත් ගත්තා.

මෙම සිදු වීම දෙස විශ්ලේෂණාත්මකව බැලීමේදී පෙනී යන එක් කාරණයක් තමා මේ කොල්ල කල්ලි සතුව ඉතා නවීණ අවි ආයුධ තිබෙන බව. එසේම පොලිසිය සතුව කබා, හෙල්මට් වැනි (වෙඩි නොවදින) ආරක්ෂිත ආවරණ නොමැති බවත්, ඔවුන්ට මෙවැනි අවස්ථාවකට හොඳින් මුහුණ දීමට ප්‍රමාණවත් පුහුණුවක් නොමැතිබවත් මෙම සිදු වීම හරහා පෙනී යනවා. එවැනි දේ තිබුණානම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවනු ඇතිබව මගේ නම් හැඟීමයි.

Sunday, June 17, 2018

(පිස්සු කෙල්ලෝ) බිකිනි නැටුම ... Crazy girls Bikini dance...



(පිස්සු කෙල්ලෝ) බිකිනි නැටුම

කෝමද ඒක??

මේව තමා කෙල්ලන්ට කාලෙන් කාලෙට හැදෙන අමුතු ලෙඩ..... අනේ මන්ද අපේ කෙල්ලන්ටත් මෙහෙම ලෙඩ හැදෙයි ද?

Saturday, June 16, 2018

ජීවිතේනම් මේ වගෙයි!!....Anni Felici ...(Those happy days!)



For those who are looking for high quality artistic films, Anna Felici is a top level choice. It contains a story of a family which has a artist as the father and a woman who try to adjust her life to fit her husbands life style, as the mother. When she crosses boundaries while in this process of adjusting her life, everything changes up side down.
ලෝක සිනමාවේ රස තැන් සොයාගෙන යන සිනමා ලෝලීන්ට වැදගත්වෙයි කියල හිතෙන බොහොම රසවත් ෆිල්ම් එකක් තමා මේ තියෙන්නෙ. මේක හැබැයි අමෙරිකානු ෆිල්ම් එකක් නම් නෙවෙයි. යුරෝපයේ සිනමාව අමෙරිකානු සිනමාවට වඩා ගැඹුරු ඉසව් හොයාගෙන යන සිනමාවක් කියන දේ මේ සිනමා පටයෙනුත් මනාව පැහැදිලි වෙනවා. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ කලාකරුවෙක් හා ඔහුගේ බිරිඳගේ ජීවිතය. කලාකරුවෙකු නිසාම ඔහු ගතකරන ජීවිතය වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට වඩා වෙනස්. ඉතිං මේ වෙනසට අනුගතවෙන්න ඔහුගේ බිරිඳ දරන උත්සාහයත් ඒ නිසා ඇතිවෙන විවිදාකාර හැල හැප්පීම්නුත් මේ සිනමා පටයෙන් මනාව පිළිබිඹු වෙනවා. ගොඩාක් යුරෝපා සිනමා පට වලට ආවේනික වෙලා තියෙන නිරුවත නිදහසේ පෙන්වීම මේ චිත්‍රපටයටත් බෙහෙවින් අදාලයි. ඒ කොහොම උනත් කම්මැලි නැතුව රස විඳිමින් නරඹන්න පුලුවන් සිනමා පටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය. මේක නරඹල ඔයාලට පුලුවන් චිත්‍රපටය ගැන දල අදහසක් ගන්න. ටොරන්ට් අඩවිවල මේ චිත්‍රපටය ඇතුලත් වෙලා තියෙන නිසා මේ සිනමා පටය පහසුවෙන් ලබා ගන්නත් බැරිකමක් නෑ. 



 (Original name) - Anni Felici
 (English title) - Those happy days
 (Production year) - 2013
(country of origin) - Itali
 (IMDB rate) - 6.4

Thursday, June 7, 2018

රුසියානු රතු කිරිල්ලී.... Red sparrow.......




ජෙනිෆර් ලෝරන්ස් ( Jennifer Lawrence) කියන්නෙ ලොකෙ පුරාම නමක් දිනා ගත්ත ඉතා ජනප්‍රිය හොලිවුඩ් නිලියක්. මේ සුපිරි හොලිවුඩ් නිලිය ගොඩක්ම ජනප්‍රිය උනේ Hunger games  හා  X-men කියන චිත්‍රපටි මාලාවන් හරහා. මේ චිත්‍රපටි නරඹපු නැති කෙනෙක් නැති තරම්. මෙන්න මේ සුපිරි නිලියගෙ අළුත්ම චිත්‍රපටිය තමා Red sparrow කියල කියන්නෙ. මේ චිත්‍රපටියෙ මෙච්චර කාලෙකට මේ සුපිරි නිළිය ලෝකෙට හංගගෙන හිටපු එහෙම නැත්නම් හෙලි දරව් නොකරපු පැත්තක් පෙන්නනවා; නැත්නම් හෙලිදරව් කරනවා. ඒ තමා ඇගේ නිරුවත. කොහොම උනත් මේ චිත්‍රපටය සුපිරි ගණයේ හොලිවුඩ් චිත්‍රපටයක් වෙන්නෙ ඒ හේතුව විතරක් හින්දම නම් නෙමෙයි. මේක ඇත්තෙනම ත්‍රාශජනක් ජවනිකාවලින් පිරිච්ච (action packed) ෆිල්ම් එකක්. ඒ වගේම හිත කීරි ගස්වන ලේ වැගිරවීම් ගනනාවකුත් මේ ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා. කතාව කෙටියෙන් කියනවානම්, මේක ගොඩ නැගිල තියෙන්නෙ හදිසි අනතුරක් නිසා තමන්ගෙ ප්‍රොෆෙෂන් එක අහිමි වෙච්චි නැටුම් ශිල්පිණියක් තමන්ගෙ හා තමන්ගෙ ආබාධිත මවගෙ පැවැත්ම වෙනුවෙන් රුසියානු ඔත්තු කාරිණියක් බවටපත්වීම කියන කාරණය මුල් කරගෙන. මේ මූලික කතා සාරය වර්ණවත් කරන්න මේකට ඉතාම සාර්ථක විදියට තවත් කොටස් එකතු වෙලා තියෙනවා. මේක නිර්මාණය කරල තියෙන්නෙ ෆ්‍රැන්සිස් ලෝරන්ස්  (Francis Lawrence) කියන ඉතාම ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. මෙතුමා තමයි Hunger games චිත්‍රපට මාලාව නිර්මාණය කලෙත් කියලා මම නතර වෙන්නම්.

මේ වීඩියෝවෙ දැක්වෙන්නෙ මේ ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය එහෙම නැත්නම් official trailar  එක. මේක බලල ඔයාලට පුළුවන් චිත්‍රපටය ගැන දළ අදහසක් ලබා ගන්න. මේකෙ 1080P BLUE RAY පිටපත් මේ වෙනකොට ටොරන්ට් සයිට්වලින් බා ගන්න පහසුකම් සැලසිලා තියෙනවා.