Tuesday, November 20, 2018

ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ කොල්ලොටික එන්ගලන්තෙ සුද්දන්ව ලකුණු 219කින් පරද්දපු 5වෙනි එක්දින තරඟෙ HIGHLIGHTS මෙන්න...

ලංකාවයි එන්ගලන්තෙයි අතරෙ පැවතිච්ච 2018 තරඟාවලිය අපේ ටීම් එකට එච්චරම සාර්ථක තරඟාවලියක් නොවුනත්, එක තරඟයක් තිබ්බා ලංකාවෙ කොල්ලො ටික එන්ගලන්තෙ සුද්දන්ට බඩ යන්න නෙලපු. ඒ තමා පස්වෙනි එක්දින තරඟය. මේ අඟනා වටිනා තරඟේ ඔරිජිනල් හයිලයිට්ස් ටික අපිට දැන් නරඹන්න පුළුවන් වෙලා තියෙනවා, මෙන්න මේ පහත දැක්වෙන වීඩියෝවෙන්. කොහොම උනත්, මේකනම් අප්පා බලන්නම වටින සුපිරිම තරඟයක්. 



Friday, November 16, 2018

Action-packed Sri lanka parliament...A must see video...අපේ පාර්ලිමේන්තුවෙ ඇත්තන්ගෙ කියුම් කෙරුම් මෙන්න....

My intention is not to blame any body! BUT...... This is insane.
කාටවත් දොස් කියන්න නම් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. මේ සිදු වීම් පෙලේ හරි වැරද්ද තෝර ගන්න එක ඔබලාටම බාරයි.







Tuesday, November 6, 2018

Toyota C-HR ; Toyota පවුලේ අළුත්ම සාමාජිකයා මෙන්න...

Toyota C-HR is the latest vehicle introduced by the Toyota company specially for the European market. It is a compact SUV with a sporty look. It is definitely not a family vehicle. But if you are in a in-between stage where you need a family vehicle yet do not wish to change completely from your old lifestyle this could be the vehicle you are looking for.

Toyota C-HR එක අපිට හුරු පුරුදු ටොයෝටා වාහනවල හැඩයට වඩා ටිකක් අමුතුම හැඩයක් තියෙන වාහනයක් කියන එක බැලූ බැල්මටම පේනවා. මේ පෙනුමට සමහරු කැමතියි වගේම සමහර පිරිසක් එච්චරම කැමැත්තක් දක්වන්නෙ නෑ. කොහොම උනත් මේ අපූරු වාහනේ යුරෝපයේ වාහන වෙළඳපොළ ඉලක්ක කරගෙන නිපදවන ලද්දක් බවයි කියවෙන්නෙ. මේ විදියෙ compact design වලට යුරෝපයේ හොඳ ඉල්ලුමක් තියෙනවලු. මේ වාහනේ දැන් දැන් ලංකාවෙත් තැනින් තැන දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම උනත් මේක පවුලේ වාහනයකට වඩා කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ වාහනයක් විදියට තමා වඩාත්ම උචිත වෙන්නෙ. පවුලේ වාහනයක අඩංගුවෙලා තියෙන යම් යම් උපාංග හා පහසුකම් මේ වාහනේ නෑ. හැබැයි ලංකාව වගේ පොඩි රටක ටිකක් දුර ගමනකට උනත් මේ වගේ වාහනයකුත් පවුලකට උනත් සෑහෙනවා. 





  

Friday, October 19, 2018

Suntan a great Greek film...නිරුවත් නගරය...


Suntan
Suntan is a 2016 Greek film directed by Argyris Papadimitropoulos. This amazing story is narrated around a middle age doctor who fall in love with a tourist girl half his age.


නිරුවත් නගරය
අපි වැඩිය අහල තියෙන්නෙ, බලල තියෙන්නෙ ඇමරිකන් චිත්‍රපටි එහෙම නැත්නම් ඉන්දියන් චිත්‍රපටි. හැබැයි ලෝක සිනමාව කියන්නෙ මේ දෙකේ එකතුවක් විතරක් නෙමෙයි කියන එක බොහොම අවධාරණයෙන් කියන්න ඕනෙ.
මේ අපි අද කතාකරන චිත්‍රපටය ඒකට තියෙන හොඳම උදාහරණයක්. මේ අපූරු සිනමා පටය බිහිවෙලා තියෙන්නෙ යුරෝපයෙන්; හරියටම කියනවනම් ග්‍රීසියෙන්. ඔයගොල්ලො බොහෝ දෙනක් සමහරවිට ග්‍රීක සිනමාවක් ගැන අහලවත් නැතුව ඇති. නමුත් මේ රටේ බොහොම පොහොසත් ඒ වගේම දියුණු සිනමා කලාවක් තියෙනවා.
මම මේකට නිරුවත් නගරය කියලා හැඳින්වුවට මෙකෙ නියම නම තමා "SUNTAN". මේ වචනෙ තේරුම ගත්තොත් "හිරු එලියට පිළිස්සුණු සම" වගේ තේරුමක් තමා ඒකට එන්නෙ. ඉතිං එහෙමෙ හමක් ලබා අන්න නම් ඉරු එලිය තපින්න එපෑයැ. එහෙම හිරු එලිය තපින්න එන මානව මානවිකාවන්ගෙ ප්‍රකට තේරීමක් වෙච්චි බොහොම පොඩි හැබැයි ඉතාම ප්‍රකට දූපතක්  තමා මේ කථා පුවතට පාදක වෙන්නෙ. මේ ගොල්ල බොහොමයක් තමන්ගෙ සම සම්පූර්ණයෙන්ම හිරු එළියට නිරාවරණය කරමින් ඒ කියන්නෙ උපන් ඇඳුමින් තමා ඉර එලිය තපින්නෙ. ඉතිං එ හින්ද මම හිතුව මේ කථාවට "නිරුවත් නගරය" කියල නම දාන එකේ කිසිම වරදක් නෑ කියල.

කොහොම උනත් මේ කථා පුවතෙ ප්‍රධාන චරිතය වෙන්නෙ මේ නගරයට අළුතින් පත්වෙලා එන මැදිවියේ වෛද්‍යවරයෙක්. මෙයා තනිකඩයෙක් වගේම ජීවිතය තුලින් බලාපොරොත්තු වෙච්චි අරමුණු කරා ලඟා වෙන්න බැරි වෙච්චි එක්තරා ආකාරයක පරාජිතයෙක්. මෙයා මේ නගරෙට එන්නෙ සාමකාමී, නිදහස් ජීවිතයක් ගත කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. මෙන්න මේ අහිංසක වෛද්‍යවරයගෙ සාමකාමී ජීවිතය උඩු යටුකුරු වෙන්නෙ රූමත්, ලාබාල තරුණියක් නොසිතූ විරූ ලෙසට ඔහුට මුණ ගැසීමෙන්. මේ කෙල්ල බොහොම දඟකාර, හැඩකාර සුකෝමල තරුණියක් විතරක් නෙමෙයි ජීවත් වෙනව කියන්නෙ විනෝද වීම පමණක් කියල හිතන බොහොම විසේකාර ගැටිස්සියක්. මෙයාට ඒ වගේම හැසිරීම් රටාවක් තියෙන හරිම අපූරු යාළුවො කණ්ඩායමකුත් ඉන්නවා. මේ ගොල්ලන්ගෙ ජීවිතවල සීමා මායිම් නෑ. ජීවිතේ හරිම සැහැල්ලුයි. ඒ වගේම සරලයි.

ඉතිං මේ අපූරු තරුණියගෙ සහ එයාගෙ අපූරු යාළුවො කණ්ඩායමේ අළුත්ම බිල්ල වෙන්නෙ මේ අහිංසක වෛද්‍යවරයා. හැබැයි ඒක ඉතිං ඒ ගොල්ල හිතා මතා කරන දේකුත් නෙමෙයි. මේ සැහැල්ලු ජීවිත පැවැත්මෙන් වශී වෙන මේ වෛද්‍යවරයා මේ අපූරු තරුණියට ආදරය කරන්න පටන් ගන්නවා. මේ ලාබාල කෙල්ලත්, වෛද්‍යවරයාගෙ ප්‍රේමයට මුළින් මුළින් අනුබල දක්වනවා. ඒ විතරක් නෙමෙයි, වරක් ඔහු සමඟ ලිංගිකවත් හැසිරෙනවා. නමුත් එතැන් පටන් ඔහුව දැඩි ලෙස මඟ හරිනවා.

අපේ අහිංසක එයාගෙ අහිංසක කම අත්හැරලා නියම දුෂ්ඨයෙක් බවට පත් වෙන්නෙ මෙන්න මේ සිදු වීමත් එක්ක. එයා කෙල්ලව ලබා ගන්න නොකරන දෙයක් නෑ. නොවිඳිනා අපහාසයක් නෑ. හැබැයි මේ හැම දේකින්ම වෙන්න ඔහුව තව තවත් පහලටම ඇද වැටීම. කොච්චර ඇද වැටෙනවද කිව්වොත් ඔහු අවසානයේ ඔහුගෙ රැකියාවත් අහිම කර ගන්නවා. හැබැයි එහෙම උනා කියල මේ මැදිවියේ මනමාලයා තමාගේ උත්සාහයනම් අත හරින්නෙ නෑ.

ඉත්ං මේ කථාව මෙතනිං නවතින්නෙ නෑ. තව ඉදිරියට ගලාගෙන ගිහිං නොසිතූ විරූ අවසානයක් ලඟා කරගන්නවා.

කොහොම උනත් මේක ආදර කතාවක්වත්, විහිළු කතාවක්වත් එහෙම නැත්නම් ශෝකාන්තයක්වත් නම් නෙමෙයි. මේ හැමදේකම එකතුවක් වගේම මිනිස් ජීවිතයේ තවත් අපූරු පැතිකඩක්, මානව සබඳතාවල අපූරු පැතිකඩක් හෙලි කරන සුවිශේෂ සිනමා නිර්මාණයක්. කොටින්ම කියනවානම නැරඹිය යුතුම චිත්‍රපටයක්. මේකෙ තියෙන අති විශාල නිරුවත් දර්ශණ ප්‍රමාණය නිසා මේ චිත්‍රපටය අනිවා ගැලපෙන්නෙ වැඩිහිටියන්ට පමණමයි කියලත් අවධාරණය කරන්න ඕනි. ඒ වගේම මේකෙ පැහැදිලි පිටපත් අන්තර්ජාලය හරහා නොමිලයේම නරඹන්න පුළුවන් බවත් කියන්න ඕනෙ. 




The trailer..

Tuesday, October 16, 2018

Worst crash tests ever...ක්‍රෑෂ් ටෙස්ට් එක ඉහලින්ම ෆේල් වෙච්චි වාහන ටික මෙන්න...


This video shows some vehicles which have gained lowest possible crash test scores. Some of these vehicles are budget vehicles and some are older but popular models.

මම හිතන්නෙ වාහනයක් ගන්න වගේම කවදහරි වාහනයක යන්න 
හිතාගෙන ඉන්න කෙනෙක් උනත්, ඒ කියන්න සහෝ මම උඹල හැම එකෙක්ම බලන්නම ඕනි වීඩියෝවක් තමා මෙන්න මේක. අපේ රට ජපන් වාහන වල සොහොන් පිට්ටනිය කියන්නෙ කට කහනවට එහෙම නෙමෙයිනෙ. අපි හැමෝම වගේ ට්‍රයි කරන්නෙ පරණ හරි කමක් නෑ ජපන් වාහනයක් අර  ගන්නනෙ. අන්න ඒ වගේ අපේ රටේ ජනප්‍රිය පරණ ජපන් වාහන මොඩල් කීපයකුත් මේ ටෙස්ට් එක ඉහලින්ම ෆේල් වෙනවා මේ අපූරු වීඩියෝවෙ හැටියට. ඒ විතරක් නෙමෙයි, හුන්ඩායි i10, walkswagan polo වගේ අපි බොහොම ආරක්ෂිතයි කියල හිතාගෙන ඉන්න budget කාර් මොඩල් කීපයකුත් අපූරුවට ඉහලින්ම ටෙස්ට් එක ෆේල් වෙන ආකාරය මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්. 





Saturday, August 18, 2018

Kolomba sanniya back??.....ඔන්න කොළඹ සන්නිය ආයෙත් එනවලු??

Kolamba sanniya was one of the most popular films in the Sri Lnka. This is not the original one but the remake depending on the previous one. The film is almost as good as the older one. You can laugh during most of film's run time.

ඔන්න කොළඹ සන්නිය ආයෙත් එනවලු??



අපි හැමෝම බොහොම ආශාවෙන් බලපු පරණ චිත්‍රපටියක් තමා කොළඹ සන්නිය. මේ සුපිරි කොමඩියෙ අළුත් කොටසක් ළඟදිම රිදී තිරයට පායනවළු. මේ තියෙන්නෙ ඒකෙ පූර්ව ප්‍රචාරක පටයලු. ඔන්න කලිං කොළඹ සන්නිය බලපු අයටයි නොබලපු අයටයි අපූරු අවස්ථාවක් උදාවෙලා ආපහු බඩ අල්ලගෙන හිනාවෙන්න.

Tuesday, August 14, 2018

දකුණු අප්‍රිකාවට ලංකාවෙ කොල්ලො බැටේ දුන්න මැච් දෙකේ HIGHLIGHTS මෙන්න!

දකුණු අප්‍රිකාවට ලංකාවෙ කොල්ලො බැටේ දුන්න මැච් දෙකේ HIGHLIGHTS මෙන්න! 

ලංකාව එකදිගට මැච් 11ක් පැරදුණාට පස්සෙ දකුණු අප්‍රිකා ටීම් එකට එරෙහිව පල්ලෙ කැලේ ක්‍රීඩාංගනයෙදි ජයග්‍රහණයක් වාර්ථා කලා. ඊළඟ මැච් එකත් දින්නෙ අපේ උන්ම තමා. මේ තියෙන්නෙ ඒ මැච් දෙකේ විශේෂ අවස්ථා. බලන්න බැරි වෙච්චි අය බලා ගන්න. බලන්නම වටින මැච් තමා අප්ප මෙව්වා.

4th ODI



5th ODI