ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ලෝලීන්ට සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් මේ ලඟදි සිද්ද උනා. අවුරුදු ගානකට පස්සෙ (2015 අග භාගයෙන් පස්සෙ) අපි වන්ඩේ සීරීස් එකක් ජය ගත්තා. ඒ බන්ග්ලාදේශයට එරෙහිව. ඉතිං ඒ තරඟාවලියෙ අපිට සීරීස් එකේ ජය තහවුරු කරපු දෙවෙනි වන්ඩේ මැච් එකේ හයිලයිට්ස් තමා මේ තියෙන්නෙ. ඔන්න එහෙනම් බලලා සතුටු වෙන්න. අවිශ්ක ප්‍රනාන්දුගෙ සුපිරි බැටිං සහිත මේ අගනා වටිනා තරඟය අපි වගේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන අයට ගෙන දෙන සතුට ඉතිං කියලා නිම කරන්න නම් බෑ.
Awesome videos! Funny videos! Scary videos! Movie trailers! and more....
Tuesday, July 30, 2019
Friday, June 21, 2019
ලංකාවෙ කොල්ලො ටික එංගලන්ත ටීම් එකේ හුලං බැස්සුවෙ මෙන්න මෙහෙමයි!
ලංකාවෙ කොල්ලො ටික එංගලන්ත ටීම් එකේ හුලං බැස්සුවෙ මෙන්න මෙහෙමයි!
ක්‍රිකට් ලෝලියෙක් විදියටත්, ශ්‍රී ලාංකිකයෙකු විදියටත් ආඩම්බර වෙන්න පුළුවන් වෙච්ච දවසක් තමා අද දවස. අපේ ටීම් එක පාරෙ සෙල්ලම් කරන කොල්ලො කට්ටියක් ගානට ගනන් අරන් හිටපු හැමෝටම ආපහු සැරයක් හිතල බලන්න, ලංකාව කියන්නෙ ගේමක් දෙන්න පුළුවං කණ්ඩායමක් කියන එක ඔප්පු කරන්න පුළුවං විදියෙ ගේමක් දෙන්න අපේ කොල්ලො ටිකට අද පුළුවං උනා. ඒකට විශාල දායකත්වයක් දුන්නෙ මැතිවුස්, අවිශ්ක සමඟ මාලිංග. බැටිංවල නං අඩුපාඩු තිබ්බා; ඒ උනත් අපි තාම ගේමෙ ඉන්නවා කියල සතුටු වෙන්න පුළුවං දවසක් අද. මේ මැච් එක බැලුවෙ නැත්නම් මෙන්න තියෙනවා විශේෂ අවස්තා. ඔබ ලාංකිකයෙක් නම් අනිවාර්යයෙන් නරඹන්න. අමතක කරන්න එපා.
Thursday, June 6, 2019
SL vs AFGHANISTAN .. අපේ කිරිකැට් ටීම් එක මේ පාර වල්ඩ් කප් එකේදී ඇෆ්ගනිස්ථාන් ටීම් එකට බැටේ දුන්නෙ මෙන්න මෙහෙමයි!!
ඔන්න කොල්ලනේ/කෙල්ලනේ, අපේ කිරිකට් ටීම් එක ඇෆ්ගනිස්ථානෙට නෝන්ඩි නොවී යාන්තම් ජාමෙ බේර ගත්තා. අපි ඉතිං ඒ මැච් එකවත් බලලා වින්දනයක් ලබා ගනිමු. හැබැයි ඉතිං අපේ කෂ්ටිය තව මහා ගොඩාරියක් තමන්ගෙ දක්ෂතා හෙම ඉහල නංවා නොගත්තොතිං අකුලගෙන ආපහු ලංකාවටම පල්ලම් බහිනව ඇර වෙනින් කොරන්ඩ දෙයක්නං ඉතිරිවෙන එකක් නෑ ඕං.
Friday, May 24, 2019
The other side of police trained dogs...පොලිස් නිල සුනඛය ගැන දන්න කථාවේ නොදන්න පැත්ත මෙන්න...
Dogs in the police forces are doing an important job under various categories. In fact, these dogs helps our police officers to identify illegal materials such as drugs and weapons. These dogs are specially trained.
ලෝකයේ තියෙන දියුණුතම උපකරණවලට හසු නොවෙන ඇතැම් දේ හසුකර ගන්න බල්ලන්ගෙ පිහිට පතන්න අපිට තාමත් සිද්ද වෙලා තියෙනවා. ඒ සඳහා ඇතිකරල තියෙන විධිමත් ආයතනය විදියට තමා මේ පොලිස් නිල සුනඛ කොට්ටාශය හඳුන්වන්න වෙන්නෙ. සාමාන්‍ය බල්ලෙක් සුවිශේෂී හැකියාවන් සහිත නිල සුනඛයෙක් කරන්න මේ කොට්ටාශයේ ඉන්න නිළධාරීන් සමත්. ඉතිං මේ අපූරු ක්‍රියාවලිය සිද්දවෙන ආකාරය පැහැදිලිකරගන්න තමා මේ වීඩියෝව නිර්මාණය වෙලා තියෙන්නෙ. මේක ඇත්තෙන්ම බලන්න වටින හරිම අපූරු වීඩියෝවක්.
ලෝකයේ තියෙන දියුණුතම උපකරණවලට හසු නොවෙන ඇතැම් දේ හසුකර ගන්න බල්ලන්ගෙ පිහිට පතන්න අපිට තාමත් සිද්ද වෙලා තියෙනවා. ඒ සඳහා ඇතිකරල තියෙන විධිමත් ආයතනය විදියට තමා මේ පොලිස් නිල සුනඛ කොට්ටාශය හඳුන්වන්න වෙන්නෙ. සාමාන්‍ය බල්ලෙක් සුවිශේෂී හැකියාවන් සහිත නිල සුනඛයෙක් කරන්න මේ කොට්ටාශයේ ඉන්න නිළධාරීන් සමත්. ඉතිං මේ අපූරු ක්‍රියාවලිය සිද්දවෙන ආකාරය පැහැදිලිකරගන්න තමා මේ වීඩියෝව නිර්මාණය වෙලා තියෙන්නෙ. මේක ඇත්තෙන්ම බලන්න වටින හරිම අපූරු වීඩියෝවක්.
Friday, May 17, 2019
Major General Jaghath dias finally meets Chathira Alvis.... 57 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා චතුර සමඟ.....
In short, this is a "must watch" discussion for each and every one of us, Sri Lankans.
කෙටියෙන් කියනවානම් බැලිය යුතුම සාක්ච්ඡාවක්....
කෙටියෙන් කියනවානම් බැලිය යුතුම සාක්ච්ඡාවක්....
Wednesday, May 8, 2019
සරත් ෆොන්සේකා, විමල් වීරවන්ශ, උදය ගම්මන්පිල හා ඩිලාන් පෙරේරා මැතිසබයේදී දැක්වූ උණුසුම්ම අදහස් කීපය මෙන්න....
මේ ඉන්න මන්ත්‍රීවරු කීපදෙනා විවිධ පක්ෂ කීපයකට අයිති, මතවාදයන් කීපයක් නියෝජනය කරන කණ්ඩායමක් උනත්, මේ කට්ටිය අතරෙ තියෙන අපූරු සමානතාවයක් මම දකිනවා. ඒ තමා මොවුන් සියළුදෙනාම එකසිතින් අපේ රටට ආදරය කරන, අපේ රට ගැන කැක්කුමක් තියන අය වීම. මම විතරක් නෙමෙයි; අපේ රටේ බොහෝ දෙනා මේකට එකඟයි කියන එකත් මම දන්නවා. අපි මේ ගතකරන්නෙ මේ වගේ අයගෙ සේවය අපේ රටට අත්‍යාවශ්‍ය කාලයක්. මේ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් උපරිමය මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න අපේ රටේ නායකයො කටයුතු කරයි කියලා මම හිතනවා. විශේෂයෙන් ෆෝන්සේකා මහත්මයාගෙ සේවය අපිට මේ වෙලාවෙ හරිම වැදගත් .
Subscribe to:
Posts (Atom)