Sunday, December 2, 2018

රාවණා - විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව යක්ඛයන්ගේ නැගී සිටීම (නොවැම්බර් 25දා විකාශණය වූ පළමු කොටස) RAWANA EPI 01 (TV DERANA)



මෙච්චරකල් ඉන්දියාවෙන් ගෙන්නන මෙගා නාට්‍ය රැල්ලකට යටවෙලා හිටපු අපිට, ඒ මට්ටමටත් වඩා ඉදිරියට ගිය සුපිරි ගණයේ අපේම කථාවක් මෙගා නාට්‍යයක් විදියට නරඹන්න අවස්ථාව උදාවෙලා ඔන්න. ඒ දෙරණ රූපවාහිණී නාලිකාව ඔස්සේ විකාශණය වෙන මෙන්න මේ ටෙලි සිත්තම නිසා. මේකෙ කථාව අපි මෙච්චරකල් අහල තියෙන රාම-රාවණා කියන ඉන්දියානු මොඩල් එකෙන් වෙනස්ව අපේ රාවණා රජ්ජුරුවන්ගෙ නියම විස්තර ඉතිහාසයට අනුව, නියම මූලාශ්‍ර ඇසුරින් නිර්මාණය කරල තියෙනවා කියල තමා දෙරණ කියන්නෙ. කථාව බලාගෙන යද්දි ඒකෙ ඇත්ත නැත්ත වඩාත් හොඳින් වටහාගන්න අපිට පුළුවන් වෙයි. කොහොම උනත්, මේක ඉතාම උසස් ආකාරයකින්, නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඉදිරිපත්කරල තියෙන බවනම් පලවෙනි කොටසෙ ඉඳන්ම බොහොම පැහැදිලිව පේනවා. 

Tuesday, November 20, 2018

ලංකාවෙ ක්‍රිකට් ටීම් එකේ කොල්ලොටික එන්ගලන්තෙ සුද්දන්ව ලකුණු 219කින් පරද්දපු 5වෙනි එක්දින තරඟෙ HIGHLIGHTS මෙන්න...

ලංකාවයි එන්ගලන්තෙයි අතරෙ පැවතිච්ච 2018 තරඟාවලිය අපේ ටීම් එකට එච්චරම සාර්ථක තරඟාවලියක් නොවුනත්, එක තරඟයක් තිබ්බා ලංකාවෙ කොල්ලො ටික එන්ගලන්තෙ සුද්දන්ට බඩ යන්න නෙලපු. ඒ තමා පස්වෙනි එක්දින තරඟය. මේ අඟනා වටිනා තරඟේ ඔරිජිනල් හයිලයිට්ස් ටික අපිට දැන් නරඹන්න පුළුවන් වෙලා තියෙනවා, මෙන්න මේ පහත දැක්වෙන වීඩියෝවෙන්. කොහොම උනත්, මේකනම් අප්පා බලන්නම වටින සුපිරිම තරඟයක්. 



Friday, November 16, 2018

Action-packed Sri lanka parliament...A must see video...අපේ පාර්ලිමේන්තුවෙ ඇත්තන්ගෙ කියුම් කෙරුම් මෙන්න....

My intention is not to blame any body! BUT...... This is insane.
කාටවත් දොස් කියන්න නම් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. මේ සිදු වීම් පෙලේ හරි වැරද්ද තෝර ගන්න එක ඔබලාටම බාරයි.







Tuesday, November 6, 2018

Toyota C-HR ; Toyota පවුලේ අළුත්ම සාමාජිකයා මෙන්න...

Toyota C-HR is the latest vehicle introduced by the Toyota company specially for the European market. It is a compact SUV with a sporty look. It is definitely not a family vehicle. But if you are in a in-between stage where you need a family vehicle yet do not wish to change completely from your old lifestyle this could be the vehicle you are looking for.

Toyota C-HR එක අපිට හුරු පුරුදු ටොයෝටා වාහනවල හැඩයට වඩා ටිකක් අමුතුම හැඩයක් තියෙන වාහනයක් කියන එක බැලූ බැල්මටම පේනවා. මේ පෙනුමට සමහරු කැමතියි වගේම සමහර පිරිසක් එච්චරම කැමැත්තක් දක්වන්නෙ නෑ. කොහොම උනත් මේ අපූරු වාහනේ යුරෝපයේ වාහන වෙළඳපොළ ඉලක්ක කරගෙන නිපදවන ලද්දක් බවයි කියවෙන්නෙ. මේ විදියෙ compact design වලට යුරෝපයේ හොඳ ඉල්ලුමක් තියෙනවලු. මේ වාහනේ දැන් දැන් ලංකාවෙත් තැනින් තැන දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම උනත් මේක පවුලේ වාහනයකට වඩා කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ වාහනයක් විදියට තමා වඩාත්ම උචිත වෙන්නෙ. පවුලේ වාහනයක අඩංගුවෙලා තියෙන යම් යම් උපාංග හා පහසුකම් මේ වාහනේ නෑ. හැබැයි ලංකාව වගේ පොඩි රටක ටිකක් දුර ගමනකට උනත් මේ වගේ වාහනයකුත් පවුලකට උනත් සෑහෙනවා. 





  

Friday, October 19, 2018

Suntan a great Greek film...නිරුවත් නගරය...


Suntan
Suntan is a 2016 Greek film directed by Argyris Papadimitropoulos. This amazing story is narrated around a middle age doctor who fall in love with a tourist girl half his age.


නිරුවත් නගරය
අපි වැඩිය අහල තියෙන්නෙ, බලල තියෙන්නෙ ඇමරිකන් චිත්‍රපටි එහෙම නැත්නම් ඉන්දියන් චිත්‍රපටි. හැබැයි ලෝක සිනමාව කියන්නෙ මේ දෙකේ එකතුවක් විතරක් නෙමෙයි කියන එක බොහොම අවධාරණයෙන් කියන්න ඕනෙ.
මේ අපි අද කතාකරන චිත්‍රපටය ඒකට තියෙන හොඳම උදාහරණයක්. මේ අපූරු සිනමා පටය බිහිවෙලා තියෙන්නෙ යුරෝපයෙන්; හරියටම කියනවනම් ග්‍රීසියෙන්. ඔයගොල්ලො බොහෝ දෙනක් සමහරවිට ග්‍රීක සිනමාවක් ගැන අහලවත් නැතුව ඇති. නමුත් මේ රටේ බොහොම පොහොසත් ඒ වගේම දියුණු සිනමා කලාවක් තියෙනවා.
මම මේකට නිරුවත් නගරය කියලා හැඳින්වුවට මෙකෙ නියම නම තමා "SUNTAN". මේ වචනෙ තේරුම ගත්තොත් "හිරු එලියට පිළිස්සුණු සම" වගේ තේරුමක් තමා ඒකට එන්නෙ. ඉතිං එහෙමෙ හමක් ලබා අන්න නම් ඉරු එලිය තපින්න එපෑයැ. එහෙම හිරු එලිය තපින්න එන මානව මානවිකාවන්ගෙ ප්‍රකට තේරීමක් වෙච්චි බොහොම පොඩි හැබැයි ඉතාම ප්‍රකට දූපතක්  තමා මේ කථා පුවතට පාදක වෙන්නෙ. මේ ගොල්ල බොහොමයක් තමන්ගෙ සම සම්පූර්ණයෙන්ම හිරු එළියට නිරාවරණය කරමින් ඒ කියන්නෙ උපන් ඇඳුමින් තමා ඉර එලිය තපින්නෙ. ඉතිං එ හින්ද මම හිතුව මේ කථාවට "නිරුවත් නගරය" කියල නම දාන එකේ කිසිම වරදක් නෑ කියල.

කොහොම උනත් මේ කථා පුවතෙ ප්‍රධාන චරිතය වෙන්නෙ මේ නගරයට අළුතින් පත්වෙලා එන මැදිවියේ වෛද්‍යවරයෙක්. මෙයා තනිකඩයෙක් වගේම ජීවිතය තුලින් බලාපොරොත්තු වෙච්චි අරමුණු කරා ලඟා වෙන්න බැරි වෙච්චි එක්තරා ආකාරයක පරාජිතයෙක්. මෙයා මේ නගරෙට එන්නෙ සාමකාමී, නිදහස් ජීවිතයක් ගත කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. මෙන්න මේ අහිංසක වෛද්‍යවරයගෙ සාමකාමී ජීවිතය උඩු යටුකුරු වෙන්නෙ රූමත්, ලාබාල තරුණියක් නොසිතූ විරූ ලෙසට ඔහුට මුණ ගැසීමෙන්. මේ කෙල්ල බොහොම දඟකාර, හැඩකාර සුකෝමල තරුණියක් විතරක් නෙමෙයි ජීවත් වෙනව කියන්නෙ විනෝද වීම පමණක් කියල හිතන බොහොම විසේකාර ගැටිස්සියක්. මෙයාට ඒ වගේම හැසිරීම් රටාවක් තියෙන හරිම අපූරු යාළුවො කණ්ඩායමකුත් ඉන්නවා. මේ ගොල්ලන්ගෙ ජීවිතවල සීමා මායිම් නෑ. ජීවිතේ හරිම සැහැල්ලුයි. ඒ වගේම සරලයි.

ඉතිං මේ අපූරු තරුණියගෙ සහ එයාගෙ අපූරු යාළුවො කණ්ඩායමේ අළුත්ම බිල්ල වෙන්නෙ මේ අහිංසක වෛද්‍යවරයා. හැබැයි ඒක ඉතිං ඒ ගොල්ල හිතා මතා කරන දේකුත් නෙමෙයි. මේ සැහැල්ලු ජීවිත පැවැත්මෙන් වශී වෙන මේ වෛද්‍යවරයා මේ අපූරු තරුණියට ආදරය කරන්න පටන් ගන්නවා. මේ ලාබාල කෙල්ලත්, වෛද්‍යවරයාගෙ ප්‍රේමයට මුළින් මුළින් අනුබල දක්වනවා. ඒ විතරක් නෙමෙයි, වරක් ඔහු සමඟ ලිංගිකවත් හැසිරෙනවා. නමුත් එතැන් පටන් ඔහුව දැඩි ලෙස මඟ හරිනවා.

අපේ අහිංසක එයාගෙ අහිංසක කම අත්හැරලා නියම දුෂ්ඨයෙක් බවට පත් වෙන්නෙ මෙන්න මේ සිදු වීමත් එක්ක. එයා කෙල්ලව ලබා ගන්න නොකරන දෙයක් නෑ. නොවිඳිනා අපහාසයක් නෑ. හැබැයි මේ හැම දේකින්ම වෙන්න ඔහුව තව තවත් පහලටම ඇද වැටීම. කොච්චර ඇද වැටෙනවද කිව්වොත් ඔහු අවසානයේ ඔහුගෙ රැකියාවත් අහිම කර ගන්නවා. හැබැයි එහෙම උනා කියල මේ මැදිවියේ මනමාලයා තමාගේ උත්සාහයනම් අත හරින්නෙ නෑ.

ඉත්ං මේ කථාව මෙතනිං නවතින්නෙ නෑ. තව ඉදිරියට ගලාගෙන ගිහිං නොසිතූ විරූ අවසානයක් ලඟා කරගන්නවා.

කොහොම උනත් මේක ආදර කතාවක්වත්, විහිළු කතාවක්වත් එහෙම නැත්නම් ශෝකාන්තයක්වත් නම් නෙමෙයි. මේ හැමදේකම එකතුවක් වගේම මිනිස් ජීවිතයේ තවත් අපූරු පැතිකඩක්, මානව සබඳතාවල අපූරු පැතිකඩක් හෙලි කරන සුවිශේෂ සිනමා නිර්මාණයක්. කොටින්ම කියනවානම නැරඹිය යුතුම චිත්‍රපටයක්. මේකෙ තියෙන අති විශාල නිරුවත් දර්ශණ ප්‍රමාණය නිසා මේ චිත්‍රපටය අනිවා ගැලපෙන්නෙ වැඩිහිටියන්ට පමණමයි කියලත් අවධාරණය කරන්න ඕනි. ඒ වගේම මේකෙ පැහැදිලි පිටපත් අන්තර්ජාලය හරහා නොමිලයේම නරඹන්න පුළුවන් බවත් කියන්න ඕනෙ. 




The trailer..

Tuesday, October 16, 2018

Worst crash tests ever...ක්‍රෑෂ් ටෙස්ට් එක ඉහලින්ම ෆේල් වෙච්චි වාහන ටික මෙන්න...


This video shows some vehicles which have gained lowest possible crash test scores. Some of these vehicles are budget vehicles and some are older but popular models.

මම හිතන්නෙ වාහනයක් ගන්න වගේම කවදහරි වාහනයක යන්න 
හිතාගෙන ඉන්න කෙනෙක් උනත්, ඒ කියන්න සහෝ මම උඹල හැම එකෙක්ම බලන්නම ඕනි වීඩියෝවක් තමා මෙන්න මේක. අපේ රට ජපන් වාහන වල සොහොන් පිට්ටනිය කියන්නෙ කට කහනවට එහෙම නෙමෙයිනෙ. අපි හැමෝම වගේ ට්‍රයි කරන්නෙ පරණ හරි කමක් නෑ ජපන් වාහනයක් අර  ගන්නනෙ. අන්න ඒ වගේ අපේ රටේ ජනප්‍රිය පරණ ජපන් වාහන මොඩල් කීපයකුත් මේ ටෙස්ට් එක ඉහලින්ම ෆේල් වෙනවා මේ අපූරු වීඩියෝවෙ හැටියට. ඒ විතරක් නෙමෙයි, හුන්ඩායි i10, walkswagan polo වගේ අපි බොහොම ආරක්ෂිතයි කියල හිතාගෙන ඉන්න budget කාර් මොඩල් කීපයකුත් අපූරුවට ඉහලින්ම ටෙස්ට් එක ෆේල් වෙන ආකාරය මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්. 





Saturday, August 18, 2018

Kolomba sanniya back??.....ඔන්න කොළඹ සන්නිය ආයෙත් එනවලු??

Kolamba sanniya was one of the most popular films in the Sri Lnka. This is not the original one but the remake depending on the previous one. The film is almost as good as the older one. You can laugh during most of film's run time.

ඔන්න කොළඹ සන්නිය ආයෙත් එනවලු??



අපි හැමෝම බොහොම ආශාවෙන් බලපු පරණ චිත්‍රපටියක් තමා කොළඹ සන්නිය. මේ සුපිරි කොමඩියෙ අළුත් කොටසක් ළඟදිම රිදී තිරයට පායනවළු. මේ තියෙන්නෙ ඒකෙ පූර්ව ප්‍රචාරක පටයලු. ඔන්න කලිං කොළඹ සන්නිය බලපු අයටයි නොබලපු අයටයි අපූරු අවස්ථාවක් උදාවෙලා ආපහු බඩ අල්ලගෙන හිනාවෙන්න.

Tuesday, August 14, 2018

දකුණු අප්‍රිකාවට ලංකාවෙ කොල්ලො බැටේ දුන්න මැච් දෙකේ HIGHLIGHTS මෙන්න!

දකුණු අප්‍රිකාවට ලංකාවෙ කොල්ලො බැටේ දුන්න මැච් දෙකේ HIGHLIGHTS මෙන්න! 

ලංකාව එකදිගට මැච් 11ක් පැරදුණාට පස්සෙ දකුණු අප්‍රිකා ටීම් එකට එරෙහිව පල්ලෙ කැලේ ක්‍රීඩාංගනයෙදි ජයග්‍රහණයක් වාර්ථා කලා. ඊළඟ මැච් එකත් දින්නෙ අපේ උන්ම තමා. මේ තියෙන්නෙ ඒ මැච් දෙකේ විශේෂ අවස්ථා. බලන්න බැරි වෙච්චි අය බලා ගන්න. බලන්නම වටින මැච් තමා අප්ප මෙව්වා.

4th ODI



5th ODI

Sunday, August 12, 2018

Toyota C-HR!!... දැනට තියෙන හොඳම SUV එක ද? හරියටම දැනගන්න මේක බලන්න!



 TOYOTA C-HR IS A TOP QUALITY VEHICLE. IT IS ALSO ONE OF THE STYLI EST VEHICLES IN THE MARKET. IT HAS ALMOST ALL THE COOL FEATURES ONE COULD EXPECT FROM A TOP LEVEL SUV INCLUDING SAFETY FEATURES. 

මේක මේ වෙනකොට ලංකාවෙ ජනප්‍රියවේගන යන වාහනයක්. ගොඩක් අය මේ වාහනේ පෙනුමට කැමැත්තක් දක්වනවා. පෙනුම වගේම වැඩත් හොඳද කියල කාටහරි හිතෙනවනවානම් මේ වීඩියෝම අනිවා බලන්න. මේ වීඩියෝව තරම් වෙන කිසිම වීඩියෝවකින් මේ වාහනේ ගැන සිංහලෙන් විස්තර දක්වන්නෙ නෑ කියන එකනම් මට ෂුවර්.




Tuesday, August 7, 2018

"Feast of love" "අප පිනවන ආදරය" සිනමා පටය ඔබ නැරඹිය යුත්තේ ඇයි?




 Feast of love is a brilliant romantic drama which tells us about the complexity of the LOVE. This excellent film shows how the LOVE affects our lives through multiple characters who are experiencing different prospects of love. Anyway, this not one of those serious movies no one can really understand. Instead, this moves has a great sense of humor as well as a great deal of romance in it. This film does not suitable for minors as it contains lots of nudity from the beginning to the end. 

ආදරය ගැන කියවෙන සිනමා සිත්තම් අප කොතෙකුත් නරඹා ඇත. ඇත්තෙන්ම සෑම සිනමා පටයකින්ම පාහේ ආදරයේ යම් පැතිකඩක් ගැන විග්‍රහ කරයි. "The feast of love" සිනමා කෘතිය, එහි නමින්ම කියවෙන්නාක් මෙන්, ආදරය, විවිධ කෝණවලින් විග්‍රහ කෙරෙන අපූර්වතම සිනමා කෘතියකි. මෙහි සිටින සියළු චරිත ආදරය විවිධාකාරයෙන් විඳින අයුරු, ආදරයෙන් සතුට මෙන්ම දුක තම ජීවිතයට ලඟාකරගන්නා අයුරු අපට පෙනේ. කෙනෙකුගේ සිතේ තවෙකෙකු වෙනුවෙන් උපදින ආදරය ඒ තැනැත්තා තුලම හෝ වෙනත් අයෙකුතුල තවත් කෙනෙකු කෙරෙහි උපදින ආදරයට කිසිසේත්ම සංසන්දනය කල නොහැක. ආදරය යනු එතරම්ම සංකීර්ණ දෙයකි. නමුත් අප සියළුදෙනා ආදරය ලැබීමට, ආදරය විඳීමට කැමැත්තෝ වෙමු. ආදරයේ සංකීර්ණත්වය සිනමාකෘතියකින් සරළව හා සම්පූර්ණව පැහැදිලි කිරීම කිසිදාකල නොහැක්කක් නමුත්, මෙම සිනමා පටයේ නිර්මාණකරුවන් ඒ සඳහා ඉතා විශිෂ්ඨ උත්සාහයක් දරා ඇතිවගනම් පැකිලීමකින් තොරවම පැවසිය හැක.

ඉතා සංකීර්ණ මාතෘකාවක් සාකච්ඡා කෙරෙතත්, මෙම අපූර්ව සිනමා පටය දිග හැරෙන්නේ ඉතා සරල හා වින්දනාත්මක ආකාරයෙනි. එමෙන්ම නරඹන්නන් සිනමා පටයට ඇඳ බැඳ තබා ගැනීමට අවශ්‍යය පදමට හාස්‍යය හා බෘංගාරයද මෙයට එකතු වී ඇත. අභව්‍ය සිද්ධි තාත්වීකරණය කරමින්, ප්‍රේක්ෂකයන් සිහින ලෝකයකට ගෙනයන බොහොමයක් චිත්‍රපට නිපදවන හොලිවුඩය තුලින් බිහිවූ - තරමක් වෙනස් මගක් ගන්නා නමුත් - අගනාම හා වටිනාම සිනමා දෘශ්‍යකාව්‍යයක් ලෙසට මෙම අපූරු සිනමා සිත්තම හැඳින්විය හැක්කේ එනිසාමය.

Sunday, July 15, 2018

මෙන්න අළුත්ම ඉලෙක්ට්‍රික් කාර් එක....Mahindra e2o Plus

 An awesome vehicle with all necessities for a Sri lankana family.
මම හිතන්නෙ මේක වැඩිවෙන ඉන්ධන වියදමට අපූරු විසඳුමක්. මේ කාර් එකේ මිලත් එහෙමකට වැඩි නෑ. ලංකාවෙ වෙළඳපොලේ නම් රුපියල් ලක්ෂ 25 විතර වගේ තමා වෙන්නෙ. පවුලේ වාහනයක් විදියට වගේම ටවුමේ වාහනයක් (ට්‍රැෆික් එකේ යන්න එන්න ඔබින) විදියටත් ලංකාවෙ අපිට ගැලපෙන වාහනයක් කියල මට හිතෙනවා. ගොඩක් විච්චූර්ණනම් නෑ. හැබැයි ඕනෙකරන උපාංග වගේම පහසුකම් අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝව බලල තීරණය කරන්නකො මම හරිද කියලා.




Friday, July 13, 2018

Some weird stuffs recorded by CCTV cams.....CCTV කැමරාවල සටහන් වෙච්චි අමුතු සිදුවීම් පෙලක් මෙන්න...

CCTV cams are almost everywhere. Some of these has captured some of the weirdest stuffs happens around us. Watch this video and you will be surprised to your core.
බලන්නම වටිනව බොලන්ල...
මේකෙ එක සිදු වීමක් තියෙනවා හාමුදුරුවරු දෙන්නෙක් ෆෝන් එකක් උස්සන. බෞද්ධයෙක් හැටියට ලැජ්ජාවට කාරණයක් උනත්, ඒ දෙන්න ලංකාවෙ දෙනමක් නොවීම ගැන සංතෝෂයි. සමහරු හිතනවනෙ පිටරට හාමුදුරුවරු ලංකාවෙ හාමුදුරුවරුන්ට වඩා ශීලවන්තයි කියල. ඒක එහෙමම නෑ කියන එක මේකෙන් ඔප්පු වෙනව වගේ.


Wednesday, July 11, 2018

"Cherry", a strangly odd love story...."චෙරි".... අමුතු ආදර කතාව.....



Cherry is a coming of age love story of a boy who fall in love with an older woman and with her young daughter. The story is simply awesome. Not only because it contains lots of nudity but also because this story has many twists and some of them are dreams of every living teenager on the planet.

 ඒරොන් කියන්නෙ ඉතාමත්ම දක්ෂ ඉංජිනේරු සිසුවෙක්. මෙයාගෙ දක්ෂතාවය නිසාම මෙයාට පුළුවන් වෙනවා අඩු වයසින් රටේ තියන ඉහලම පෙලේ විශ්ව විද්‍යාලයකට ඇතුල්වෙන්න ශිෂ්‍යත්වයක් දිනා ගන්න. හැබැයි මෙයාගෙ තවත් සැඟවුණු දක්ෂතාවයකුත් තියෙනවා. ඒ තමා චිත්‍ර ඇඳීමේ හැකියාව. මෙයාගෙ චිත්‍ර ටිකක් අමුතුයි. එයාටම ආවේණික සෛලියකට තමා මෙයා චිත්‍ර අඳින්නෙ. මෙයා චිත්‍ර වලට දක්වන ආශාව නිසාම එයා සිය කැමැත්තෙන්ම ඒ විද්‍යාලයේ චිත්‍ර පාඨමාලාවත් හදාරන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදි තමා මෙයාට මුණ ගැහෙන්නෙ ලින්ඩා කියන හරි අපූරු කාන්තාව. මෙයා වැඩිමල් කාන්තාවක්. කොටින්ම කියනවනම් ඒරොන්ගෙ වයසට ආසන්න වයසක් දුවක් ඉන්න අම්ම කෙනෙක්. ඒත් ඉතිං ඒවගේ දේකට පුළුවන්ද ආදරයකට භාදා කරන්න. හැබැයි මේක බොහෝ දුරට ඒක පාර්ශ්වික ආදරයක්. ඒ කියන්නෙ ලින්ඩා ඒරොන්ට සලකන්නෙ තමන්ගෙ හොඳ යාලුවෙකුට සමානව විතරයි කියන එක. හැබැයි ලින්ඩගෙ දුව, ඒ කියන්නෙ බෙත්, ඒරොන් දැක්ක දවසෙ ඉඳන් ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි මේකත් බොහෝ දුරට ඒක පාර්ශ්වික වෙච්ච ආදරයක්. ඒකට හේතුව තමා ඒරොන් බෙත්ව දකින්නෙ කුඩා දැරියක් විදියට වීම හා ඔහු තුල ලින්ඩාට තියෙන ආදරය. ඔය අතරෙ ලින්ඩාගෙ ආදරවන්තයා, ඒ කියන්නෙ වෙස් කියන පොලිස් නිළධාරිය වගේම ඒරොන්ගෙ විද්‍යාලයේම ඉන්න ඒරොන්ගෙ තාවකාලික ආදරවන්තිය ඩාර්සිත් ඉන්න්නවා. ඉතින් මේ චරිත අතරෙ සිදුවෙන විවිධාකාර වූ හැල හැප්පීම් අතරතුර මේ අමුතු ආදර කතාවත් හරි අමුතු විදියකට ගලාගෙන යනවා.

මූලිකවශයෙන් ගත්තොත්, මේක ප්‍රහසනයක්, ඒ කියන්නෙ කොමඩියක් කියලත් කියන්න පුළුවන්. නමුත් මේ කතාව ඇසුරින් අපිට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයකුත් තියෙනවා. කොහොම වුනත් මේ අපූරු කතාව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වෙච්චි චිත්‍රපටයක් බවත් කියන්නම ඕනි. මොකද මේකෙ තියන කතා සාරය වගේම ඇතැම් දර්ශණත් ඉතාම බෘන්ගාරාත්මකයි.

ඉතිං මේ අතිශය බෘන්ගාරාත්මක පස්කොන් ආදර කතාව කොයි අතකට යොමුවෙයිද කියලා ඔයාලට දැනගන්න ඕනෙනම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. ඔබ චිත්‍රපට ලෝලයෙක් නම්, මේක නැරඹීමට ගතකරන කාලය කිසිසේත්ම අපතේ නොගිය කාලයක් බවට පිළිගනු ඇතිබවට මට විශ්වාසයි. මේ ච්ත්‍රපටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 35ක් පමණ වෙනවා. ඒ වගේම මේ ච්ත්‍රපටයේ IMDb දර්ශක අගය 6.8 වැනි ඉහල අගයක් ගන්නවා.

Monday, June 25, 2018

මාතර ස්වර්ණාභරණ මංකොල්ලය - සැබැවින්ම සිදුවූයේ කුමක් ද?




2018 ජූනි මස 22 දා මාතර නගරයේ ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ලකෑමට පැමිණි කොල්ල කල්ලියක් හා මාතර පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. මෙහිදී එක් පොලිස් කොස්තාපල් වරයෙක් වෙඩි වැදී මිය ගිය අතර පසුව සිදුකල හෝදිසි මෙහෙයුම් වලදී කොල්ල කල්ලියේ බොහෝ දෙනෙකු අත් අඩංගුවටත් ගත්තා.

මෙම සිදු වීම දෙස විශ්ලේෂණාත්මකව බැලීමේදී පෙනී යන එක් කාරණයක් තමා මේ කොල්ල කල්ලි සතුව ඉතා නවීණ අවි ආයුධ තිබෙන බව. එසේම පොලිසිය සතුව කබා, හෙල්මට් වැනි (වෙඩි නොවදින) ආරක්ෂිත ආවරණ නොමැති බවත්, ඔවුන්ට මෙවැනි අවස්ථාවකට හොඳින් මුහුණ දීමට ප්‍රමාණවත් පුහුණුවක් නොමැතිබවත් මෙම සිදු වීම හරහා පෙනී යනවා. එවැනි දේ තිබුණානම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවනු ඇතිබව මගේ නම් හැඟීමයි.

Sunday, June 17, 2018

(පිස්සු කෙල්ලෝ) බිකිනි නැටුම ... Crazy girls Bikini dance...



(පිස්සු කෙල්ලෝ) බිකිනි නැටුම

කෝමද ඒක??

මේව තමා කෙල්ලන්ට කාලෙන් කාලෙට හැදෙන අමුතු ලෙඩ..... අනේ මන්ද අපේ කෙල්ලන්ටත් මෙහෙම ලෙඩ හැදෙයි ද?

Saturday, June 16, 2018

ජීවිතේනම් මේ වගෙයි!!....Anni Felici ...(Those happy days!)



For those who are looking for high quality artistic films, Anna Felici is a top level choice. It contains a story of a family which has a artist as the father and a woman who try to adjust her life to fit her husbands life style, as the mother. When she crosses boundaries while in this process of adjusting her life, everything changes up side down.
ලෝක සිනමාවේ රස තැන් සොයාගෙන යන සිනමා ලෝලීන්ට වැදගත්වෙයි කියල හිතෙන බොහොම රසවත් ෆිල්ම් එකක් තමා මේ තියෙන්නෙ. මේක හැබැයි අමෙරිකානු ෆිල්ම් එකක් නම් නෙවෙයි. යුරෝපයේ සිනමාව අමෙරිකානු සිනමාවට වඩා ගැඹුරු ඉසව් හොයාගෙන යන සිනමාවක් කියන දේ මේ සිනමා පටයෙනුත් මනාව පැහැදිලි වෙනවා. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ කලාකරුවෙක් හා ඔහුගේ බිරිඳගේ ජීවිතය. කලාකරුවෙකු නිසාම ඔහු ගතකරන ජීවිතය වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට වඩා වෙනස්. ඉතිං මේ වෙනසට අනුගතවෙන්න ඔහුගේ බිරිඳ දරන උත්සාහයත් ඒ නිසා ඇතිවෙන විවිදාකාර හැල හැප්පීම්නුත් මේ සිනමා පටයෙන් මනාව පිළිබිඹු වෙනවා. ගොඩාක් යුරෝපා සිනමා පට වලට ආවේනික වෙලා තියෙන නිරුවත නිදහසේ පෙන්වීම මේ චිත්‍රපටයටත් බෙහෙවින් අදාලයි. ඒ කොහොම උනත් කම්මැලි නැතුව රස විඳිමින් නරඹන්න පුලුවන් සිනමා පටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය. මේක නරඹල ඔයාලට පුලුවන් චිත්‍රපටය ගැන දල අදහසක් ගන්න. ටොරන්ට් අඩවිවල මේ චිත්‍රපටය ඇතුලත් වෙලා තියෙන නිසා මේ සිනමා පටය පහසුවෙන් ලබා ගන්නත් බැරිකමක් නෑ. 



 (Original name) - Anni Felici
 (English title) - Those happy days
 (Production year) - 2013
(country of origin) - Itali
 (IMDB rate) - 6.4

Thursday, June 7, 2018

රුසියානු රතු කිරිල්ලී.... Red sparrow.......




ජෙනිෆර් ලෝරන්ස් ( Jennifer Lawrence) කියන්නෙ ලොකෙ පුරාම නමක් දිනා ගත්ත ඉතා ජනප්‍රිය හොලිවුඩ් නිලියක්. මේ සුපිරි හොලිවුඩ් නිලිය ගොඩක්ම ජනප්‍රිය උනේ Hunger games  හා  X-men කියන චිත්‍රපටි මාලාවන් හරහා. මේ චිත්‍රපටි නරඹපු නැති කෙනෙක් නැති තරම්. මෙන්න මේ සුපිරි නිලියගෙ අළුත්ම චිත්‍රපටිය තමා Red sparrow කියල කියන්නෙ. මේ චිත්‍රපටියෙ මෙච්චර කාලෙකට මේ සුපිරි නිළිය ලෝකෙට හංගගෙන හිටපු එහෙම නැත්නම් හෙලි දරව් නොකරපු පැත්තක් පෙන්නනවා; නැත්නම් හෙලිදරව් කරනවා. ඒ තමා ඇගේ නිරුවත. කොහොම උනත් මේ චිත්‍රපටය සුපිරි ගණයේ හොලිවුඩ් චිත්‍රපටයක් වෙන්නෙ ඒ හේතුව විතරක් හින්දම නම් නෙමෙයි. මේක ඇත්තෙනම ත්‍රාශජනක් ජවනිකාවලින් පිරිච්ච (action packed) ෆිල්ම් එකක්. ඒ වගේම හිත කීරි ගස්වන ලේ වැගිරවීම් ගනනාවකුත් මේ ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා. කතාව කෙටියෙන් කියනවානම්, මේක ගොඩ නැගිල තියෙන්නෙ හදිසි අනතුරක් නිසා තමන්ගෙ ප්‍රොෆෙෂන් එක අහිමි වෙච්චි නැටුම් ශිල්පිණියක් තමන්ගෙ හා තමන්ගෙ ආබාධිත මවගෙ පැවැත්ම වෙනුවෙන් රුසියානු ඔත්තු කාරිණියක් බවටපත්වීම කියන කාරණය මුල් කරගෙන. මේ මූලික කතා සාරය වර්ණවත් කරන්න මේකට ඉතාම සාර්ථක විදියට තවත් කොටස් එකතු වෙලා තියෙනවා. මේක නිර්මාණය කරල තියෙන්නෙ ෆ්‍රැන්සිස් ලෝරන්ස්  (Francis Lawrence) කියන ඉතාම ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. මෙතුමා තමයි Hunger games චිත්‍රපට මාලාව නිර්මාණය කලෙත් කියලා මම නතර වෙන්නම්.

මේ වීඩියෝවෙ දැක්වෙන්නෙ මේ ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය එහෙම නැත්නම් official trailar  එක. මේක බලල ඔයාලට පුළුවන් චිත්‍රපටය ගැන දළ අදහසක් ලබා ගන්න. මේකෙ 1080P BLUE RAY පිටපත් මේ වෙනකොට ටොරන්ට් සයිට්වලින් බා ගන්න පහසුකම් සැලසිලා තියෙනවා.


Thursday, May 31, 2018

ගජමෑන් සමග සුපිරියට හිනා වෙමු! "GAJAMAN", the first 3D animated film in Sri Lanka...






මේක ශ්‍රී ලාංකික සිනමා ලෝලීන්ට වැදගත් වෙන සුවිශේෂී චිත්‍රපටයක්. ඒකට හේතුව තමයි මේක ලංකාවෙ හදපු පළමුවෙනි 3D animation චිත්‍රපටය වීම. මේ ගජමෑන් කියන අපූරු විකට චරිතය ගැන ලංකාවෙ චිත්‍රකතා, කාටුන් රසවිඳින හැමෝම දන්නවා. මේ චිත්‍රපටයෙ හැටියට මෙයා තමා මගෝඩිස්තුමාගෙ ගෝලය. මගෝඩිස්තුමා මෙයාට පවරන එක්තරා කටයුත්තක් ඉශ්ට කරන්න ගිහිල්ලා මෙයා අලි අමාරුවක වැටෙනවා. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා චිත්‍රපටිය බලලම හොයා ගන්න මම ඔයාලට ආරාධනා කරනවා. මේ චිත්‍රපටය වැටෙන්නෙ හාස්‍යයෝත්පාදක සිනමාපටි ගණයට. ඔයාලට මේක බලන ගමන් බඩ අල්ලගෙන හිනා වෙන්නත් ඒ නිසා පිළිවන් වේවි. මේ වීඩියෝවෙ තියෙන්නෙ ගජමෑන් චිතපටයේ පූර්ව ප්‍රචාරක පටය. ඒක බලල ඔයාලට මේ හරි අපූරු සිනමා නිර්මාණය ගැන දල අදහසක් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

 වීඩියෝව පහතින් නරඹන්න

Tuesday, May 29, 2018

නටඹුන් වූ ආදරයක්....Fragments of Love....





කොලොම්බියාව කියන්නෙ දකුණු අමෙරිකා මහද්වීපයට අයිති රටක්. මේ ලිපියෙ අරමුණ කොලොම්බියාව ගැන කතා කිරීම නෙමෙයි උනත්, මම කියන්න හදන මේ අපූරු චිත්‍රපටයේ මූලාරම්භය කොලොම්බියාව නිසා තමයි මම මේ ලිපිය එතනින් ආරම්භ කලේ. කොලොම්බියාව තවමත් දියුණු වෙමින් පවතින රටක් උනත් ඒ රටේ සිනමා කර්මාන්තය බොහොම ඉහල මට්ටමක පවතිනව කියල මේ චිත්‍රපටය නරඹපුවහම හිතා ගන්න පුළුවන්.

මේක ආදර කතාවක් මූලික කරගත්ත චිත්‍රපටයක්. ඒ උනත්, ඒක සරල රේඛීයව ගලාගෙන යන සාමාන්‍ය ආදර කතාවක් නම් නෙමෙයි. මේ කතාවෙදිත් කොල්ලෙකුට කෙල්ලෙක් මුණ ගැහෙනවා. හැබැයි මේ කෙල්ලට වෙන කොල්ලෙකුත් ඉන්නව. නිකම්ම කොල්ලෙක් නෙවෙයි විවාහ ගිවිසගත්ත කොල්ලෙක්. මේ කෙල්ල කතා ගොතන්න හරි දක්ෂයි. කෙල්ලගෙ කතා හැබැයි බොහොම භෘංගාරාත්මකයි. මේ හැම කතාවකම කතානායිකාව මේ කෙල්ලම තමයි. කතා නායකය කොල්ල උනත් කොල්ල ඒ බව දන්නෙ නෑ. එයා හිතන්නෙ මේ කෙල්ල ගොඩක් කොල්ලො එක්ක පැටලිච්ච නරක් කෙල්ලක් කියල. කෙල්ල එයාගෙ විවාහාපේක්ෂක කොල්ලව අත ඇරල, කොල්ල එක්ක එකට ජීවත් වෙන්න ගත්තට පස්සෙවත් කොල්ලට බැරි වෙනවා එයාගෙ හිතේ තියන සැකේ දුරු කරගන්න. ඉතින් මිනිහ කරන්න වෙන කෙනෙක් යවනව වගේ කෙල්ලට ලියුම් යවන එක. අන්තිමේදි මේ ලියුම්වල බලපෑම නිසා මේ දෙන්නා වෙන් වෙන තැනටම මේ ආදර කතාව දෙදරල යනවා.

මේ කතාව හරිම අපූරුයි; සුන්දරයි; ඒ වගේම භෘංගාරාත්මකයි. මේකෙ නිරුවත් දර්ශනත් මහ විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ ලිපිය කියවන ඔයා චිත්‍රපටි බලන, බලල රස විඳින කෙනෙක් නම් ටොරන්ට් සයිට් එකකින් භාගෙන මේ චිත්‍රපටිය බලන්න කියල මම ආරාධනා කරනවා. ඒකෙන ඔයාට කිසිම පාඩුවක් වෙන එකක් නෑ. මේකෙ භාෂාව වෙනස් නිසා ඉංග්‍රීසි උප සිරැසි සහිතව බලන එක තමා වඩාත් උචිත වෙන්නෙ. ඒකට ගැලපෙන උපසිරැසිය හොයාගන්න එක ටිකක් අපහසු කාර්‍යයක් නිසා ඒක මම මේ ලිපියට පහලින් දාන්නම්.

මේ වීඩියෝවෙ දැක්වෙන්නෙ මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය. ඒකෙනුත් ඔයාලට මේ  චිත්‍රපටය ගැන දල අදහසක් ලැබේවි.


 වීඩියෝව පහතින් නරඹන්න



ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයනුත් මුදලට තරඟ පාවා දීල? ලැජ්ජයි අප්පා....

මෙච්චර කාලයක් ලංකාවෙ ක්‍රිකට් ලෝකය ඉදිරියේ ඉස්සරහින් තියපු එක කාරණයක් තමා මුදලට තරඟ පාවා දෙන ක්‍රීඩකයො නොසිටීම. අපි තරඟ පැරදුනත් අපේ ක්‍රීඩකයො මහත්මා ක්‍රීඩාකයො නේද කියල හරි සතුටු වෙන්න අපිට පුළුවන්කම තිබුන. නමුත් මේ හෙලිදරව්වත් එක්ක ඒ සතුටත් අපෙන් ගිලිහිලා යනවා. මේක ඇත්තටම ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වෙච්ච දැවැන්ත කළු පැල්ලමක්.


Monday, May 14, 2018

ලෝකයේ විශිෂ්ඨතම ඩබල් කැබ් රථයේ හැකියාවන් මෙන්න.... The best double cab in the world....




ශ්‍රී ලංකාවෙ අපි අතරෙ ගොඩක්ම ජනප්‍රිය ඩබල් කැබ් රථ වශයෙන් හඳුන්වන්න පුළුවන් ටොයෝටා, නිශාන් හා මිට්සුබිෂි යන ජපන් සමාගම් වලින් නිපදවනු ලබන ඩබල් කැබ් රථ. මේවා හඳුන්වන්නෙ off road වාහන විදියට. ඒ කියන්නෙ මේවා වඩාත්ම උචිත වෙන්නෙ සාමාන්‍ය පාරවල්වල ධාවනයට වඩා දුෂ්කර පාරවල්වල ධාවනය කිරීමට. මේ හැකියාවන් වර්ධනය කිරීමට මේ රථවලට විශේෂාංග ගනනාවක් හඳුන්වාදීල තියෙනවා. මේ විශේෂාංග උපරිමයටම දියුණුකරල තියෙන off road තත්වයන්ට වඩාත්ම උචිතතම ඩබල් කැබ් රථය විදියට ලෝකයේ, විශේෂයෙන් යුරෝපයේ නමක් දිනාගෙන තියෙන්නෙ ඉහත නම සඳහන් ඩබල් කැබ් රථ වර්ග වලින් එකක්වත් නොවීම විශේෂත්වයක්. ඇත්තටම ඒ ගෞරවය හිමිවෙලා තියෙන්නෙ අමෙරිකානු සමාගමක් වන Ford සමාගම මගින් වෙළඳපලට හඳුන්වාදී ඇති Ford ranger ඩබල් කැබ් රථයට. මේ රථයේ හැකියාවන් විශේෂයෙන් off road හැකියාවන් ඉතාම පැහැදිලිව විදහා දක්වන වීඩියෝවක් තමා අද මම ඔයාලට ගෙනල්ල තියෙන්නෙ. මේ හැකියාවන් වෙනත් සියලුම ඩබල් කැබ් රථ වලට වඩා ගව් ගනනාවක් ඉදිරියෙන් තියෙන බව මේ වීඩියෝව නරඹුවහම ඔයාලටත් තේරේවි.

වීඩියෝව පහතින් නරඹන්න.......,


Sunday, May 6, 2018

The deadliest road in the world...


 The deadliest road in the world...





ලෝකයේ භයංකරම පාරවල්වල වාහන එලවන පිස්සු ඩ්‍රවාලා....මේව දැක්කම අපිටත් පිස්සු හැදෙනවා... Crazy drivers....



අපේ රටෙත් තියෙනවා කැඩිච්ච, බිඳිච්ච වගේම වල ගොඩැලි පිරුණු මාර්ග වලට වඩා වාරි මාර්ග වලට කිට්ටුවෙන් යන පාරවල් සෙට් එකක්. ඔයාල වාහන එලවන අයනම් දන්නව ඇති මේ වගේ පාරවල්වල වාහන එලවන එක කොච්චර ත්‍රාශජනක වගේම භයංකර අත් දැකීමක්ද කියල. අපේ ඒ පාරවල් මේ වීඩියෝවෙ පෙන්වන සමහර පාවවල් එක්ක සංසංදනය කරල බලපුවහම ගොඩක් දියුණුයි වගේම සුරක්ෂිතයි. මේ පාරවල් සමහරක් වැටිල තියෙන්නෙ මහා දිය ඇලි මැදින්. වාහනේක තියා පයිං යන්නවත් හිතෙන්නෙ නැති තරමට නොදියුණු හා භයංකර තත්වයක තමා සමහර පාරවල් තියෙන්නෙ. ඇත්තටම මේ ඩ්‍රවාලට පිස්සු නැත්නම් මේ වගේ අවධානම් පාරක තමන්ගේ වාහනය එලවන එකක් නෑ කියල ඕනෙම කෙනෙකුට හිතෙන එක පුදුමයක් නෙවෙයි. මේක මම කියනවට වඩා ඔයාලම බලල තීරණය කරන එක තමා වඩාත්ම සුදුසු. 


වීඩියෝව පහතින් නරඹන්න. Watch video below...



Thursday, April 19, 2018

Nymphomaniac (කාමයට ඇබ්බැහි වූ කෙල්ල)

 Nymphomaniac (කාමයට ඇබ්බැහි වූ කෙල්ල)




මේක ටිකක් විශේෂ චිත්‍රපටයක්. මේක විශේෂ වෙන්න එක හේතුවක් තමා මේකෙ අඩංගු වෙලා තියෙන ලිංගික දර්ශණවල තියෙන තාත්විකභාවය. ඇත්තටම sex කරන දර්ශණ අඩංගුවෙලාතියෙන ලෝක සිනමාවෙ ප්‍රධාන ධාරාවෙ චිත්‍රපට ගොන්නට මේක අයිති වෙනවා. එහෙම දර්ශණ අඩංගු වුනාට මේක පහත් පෙලේ කාම (porn) චිත්‍රපටයක්නම් නෙමෙයි කියන එකත් මතක තියාගන්න. මේකෙ versions කීපයක් තියෙනවා. සියලු දර්ශණ මඟ නොහැර බලන්නනම් uncut version  එක බලන්න වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ  Charlotte Gainsbourg කියන එංගලන්ත නිළිය විසින්. මේකෙ අඩංගු අධි තාත්වික ලිංගික ධර්ශණ වලට වෙනත් නිළියක් භාවිතා කරපු බවක් තමා ඇයනම් කියන්නෙ. මේකෙ අඩංගු වෙලා තියෙන්නෙ හරිම අපූරු කථා පුව්තක්. එකතරා මහළු පුද්ගලයෙකුට පාළු ස්ථානයක වැටිල ඉන්න තරුණියක් හමු වෙනවා. මේ තරුණිය එයාගෙ කතා පුවත මේ මහළු පුදගලයාට විස්තර කරල දෙනවා. මේ තරුණිය ලිංගික ආසාවන්ට වහල් වූ තැනැත්තියක්. එයා ඒ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. කොටින්ම කියනවා නම් මේ තරුණියගෙ මුළු ජීවිතේම sex මත තමා ගොඩනැඟිල තියෙන්නෙ. ඉතින් මේ කතා පුවත අහන මහළු පුදගලයා එක්තරා විදියකට තිරිහන් වෙනවා කිව්වොත් ඒක නිවැරදියි. කොහොම උනත් මේ කතා පුවත අහන මේ මහල්ලට අන්තිමට වෙන දේ නම් එච්චර සුන්දර සිදුවීමක් නෙවෙයි. මේ චිත්‍රපටය ඉතාම දිගු එකක්. ඒ නිසාම මේක එලි දක්වල තියෙන්නෙ වොලියුම්ස් දෙකකින්. ඒ කොටස් දෙකම 2013 වසරෙදි ලොක සිනමාවට එකතු වුනා. මේ වීඩියෝවෙ මේ චිත්‍රපටය ගැන කෙටි විවරණයකුත් චිත්‍රපටයේ කොටස් දෙකේ පූර්ව ප්‍රචාරක පටත් අඩංගු වෙනවා. ඔයාල බලලම කියන්නකො ඔයාලට මොකද හිතුනෙ කියලා. මේ චිත්‍රපටයේ කොටස් දෙකම ටොරට් වලින් බා ගන්න මේ වෙනකොට අවස්ථාව සැලසිලා තියෙනවා. 

 තව විස්තර බලා ගන්න ඕනිනම් මෙන්න මේ ලින්ක් හරහා ඔයාලට ඒක කරගන්න පුළුවන්.


වීඩියෝව පහතින් නරඹන්න





Thursday, April 12, 2018

Suzuki Swift ගැන ඔබ නොදැන සිටි නියම ඇත්ත මෙන්න...The real truth about Suzuki Swift; test drive and review..

Suzuki Swift ගැන ඔබ නොදැන සිටි නියම ඇත්ත මෙන්න...



Suzuki Swift කියල කියන්නෙ අද වන් විට ලංකාවෙ වාහන පාවිච්චි කරන අය අතරෙ ගොඩක් ජනප්‍රිය මෝටර් රථ මාදිලියක්. මේ මෝටර් රථය ගොඩක්ම උචිත වෙන්නේ නගර තුල මෝටර් රථ ධාවනය කරන්නන්ට. ඒක එහෙම වෙන්න හේතු අපිට මේ වීඩියෝව නැරඹීමෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තට ඒකට ප්‍රධාන හේතු විදියට කියවෙන්නෙ මේ මෝටර් රථයේ හුරු බුහුටි නිමාව, හැසිරවීමට ඇති පහසුව හා ඉන්ධන කාර්යක්ෂමතාවය. මෙහෙම කියන්නෙ මේ මෝටර් රථයේ නිෂ්පාදකයො. ඒක ඇත්තටම එහෙමද කියන එක වගේම මේ මෝටර් රථ මාදිලියේ ඇති වෙනත් වාසි හා අවාසිත් මේ වීඩියෝවෙන් මනාව පැහැදිලි කරල දෙනවා.

 වීඩියෝව පහතින් නරඹන්න..watch video below...

Tuesday, April 10, 2018

මෙන්න ටොයෝටා යාරිස් ගැන නියම ඇත්ත... Toyota Yaris test dreive and review; the hard truth...



ටොයෝටා යාරිස් (TOYOTA YARIS)  කියන්නෙ ලංකාවෙ ගොඩක් දෙනා අතරෙ බොහොම ජනප්‍රිය කාර් එකක්. මේ තමා මට හොයා ගන්න පුළුවන් වෙච්චි හොඳම යාරිස් රිවීව් එක. මේ රිවීව් එකේ කාර් එක ගැන හොඳ විස්තරයක් දෙනවා. හොඳ විතරක් නෙවෙයි අඩුපාඩුත් ලස්සනට පෙන්නල දෙනවා. බලලම කියන්නකො ඔයාල මොකද හිතන්නෙ කියලා.

 වීඩියෝව පහතින් නරඹන්න....Watch the video below..

Friday, March 30, 2018

එදිරිසිංහ ට්‍රස්ට් විශ්වාසය බිඳී... ගණුදෙනුකරුවෝ මූලස්ථානය වටලති.



එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතනයකි. ඊ.ටී.අයි. යනු ඔවුන් සතු මූල්‍ය සමාගමක් වන අතර එමගින් ආකර්ෂණීය පොලී අනුපාත ලබා දෙමින් ගණුදෙනුකරුවන්ගේ මුදල් තැන්පතු ලබා ගනී. අද වනවිට මෙම මූල්‍ය සමාගම බිඳ වැටීමකට ලක් වී ඇති බවක් පෙනී යයි. ඒ ඔවුන් සිය ගණුදෙනුකරුවන්ට නියමිත මුදල් හෝ පොලී ලබාදීමට අපොහොසත්ව ඇති තත්වයකට පත්ව ඇති නිසාය. මෙනිසා අපහසුතාවයට ලක්වූ ගණුදෙනු කරුවෝ ආයතනයේ මූලස්ථානය වටා රැස්වී උද්ඝෝෂණය කර මුදල් නැවත ඉල්ලාසිටින ඉතා අසරණ තත්වයකට පත්ව සිටිති. මෙමෙ වීඩියෝවෙන් දැක්වෙන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා කීපයකි. කණගාටුවට කරුණනම් අධික ලාභය පසුපස හඹායාම නිසා ශ්‍රී ලාංකිකයන් තවත් පිරිසක් නිකරුණේ අමාරුවේ වැටී ඇතිබව අපට පෙනී යාමයි. හිතවත් ශ්‍රී ලාංකිකයිනි! දැන්වත් මෙවන් රැවටිලිකාරයින්ට හසුවීම නවතා ගන්න. ලංකා බැංකුව, මහජන බැංකුව වැනි ලංකාවේ ඉහලම පෙලේ බැංකු වලට පවා ලබාදිය නොහැකිතරම් පොලියක් වෙනත් කුඩා මූල්‍ය සමගමක් විසින් ඔබට පිරිනමන්නේ කෙසේද? ඔබට සිතීමට කාලය දැන් එළඹ ඇත. පමා නොවී අදම ඔබේ මුදල් රාජ්‍ය බැංකුවක රැකවරණයට පත් කරන්න.

 වීඩියෝව පහතින් නරඹන්න...


Thursday, March 29, 2018

අළුත් අවුරුදු නැකැත් සීට්ටුව 2018






වීඩියෝව නැරඹීම සඳහා පහතින් ක්ලික් කරන්න...

 





Tuesday, March 13, 2018

Black sails... මුහුදේ මාරයෝ...

මුහුදේ මාරයෝ

මෙයනම් ඉතාම රසවත් රූපවාහිනී මාලා නාටකයකි. එහි, විශිෂ්ඨ ඝනයේ රූප රචනයක් අඩංගු විය යුතු සියලු අංගෝපාංග අඩු නැතුවම අඩංගු වී ඇතිබව පැකිලීමකින් තොරවම පැවසිය හැක. 

මෙහි කතා සාරය ගොඩ නැඟී ඇත්තේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ අති බිහිසුණුම, කෲරම හා විනාශකාරීම යැයි හංවඩු ගැහී ඇති ලොව පතලව සිටි හා ලෝකයේ සැබැවින්ම විසූ මුහුදු මංකොල්ල කරුවන් පිරිසක් වටාය. ඔවුන් සැබැවින්ම අප අසා තිබෙන පරිදි කිසිදු හිතක් පපුවක් නැති මිනීමරුවන් පිරිසක්ද එසේනම් ඔවුන් එසේ වීමට බලපෑ හේතු මොනවාද යන කරුණු මෙන්ම ඔවුන්ද අප මෙන්ම විවිද මානුෂීය ගුණාංගද කැටිවූ මානවයන් පිරිසක්මය යන කරුණද මෙම මාලා නාටකයෙන් මනාව පිළිබිඹු කර ඇත. කෲරතමයන් ඔවුන් පමණකම නොවේ; බලය හා ධනය හඹාගිය බටහිර ලෝකයේ සුදු අධිරජවරුන්ගේ දැඩි කෲරත්වයද මෙම නාටකයෙන් පෙන්වා දී ඇත. 

මෙයට අමතරව අප කවුරුත් අසා ඇති "සම්පත් දූපත නැතහොත් treasure island" නවකතාවේ චරිතද මෙම මාලා නාටකයේ විවිධ භූමිකා රඟති. ඇත්තෙන්ම මෙය එම නවකතාවේ පසුබිම් පිවිසුම ලෙසද ඇතැමුන් හඳුන්වති.

 මෙම මාලා නාටකය සීසන්ස් හතරකින් සමන්විතය. එසේම මෙහි නිරුවත් හා බෲන්ගාරත්මක දර්ශනයන්ද මහත් රාශියක් අඩංගුවේ. එසේම බිහිසුණු සටන්, කෲර හා මිලේච්ච ඝාතන හා ලේ වැගිරවීම් ආදියද හරි හරියට අඩංගුය. කොටින්ම කියතොත් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු රූපවාහිනී මාලා නාටකයකි.

 ඔබ ටොරන්ට් ගැන දන්නේ නම් මෙහි සියලු සීසන්ස් ටොරන්ට් හරහා භාගත කර ගැනීමට ඔබට පුලුවන. මෙහි අඩංගු ත්‍රාශය, භීතිය, බෘංගාරය හා කෘතුහලය දනවන බොහෝ දර්ශණ ඉහල පෙලේ හොලිවුඩ් චිත්‍රපටයක තරම්ම විශිෂ්ඨ බවින් යුතු බවද නොකියාම බැරිය. 

Friday, February 23, 2018

BELOVED SISTERS දෙසොහොයුරියන්ගේ ආදර අන්දරය....




අතිශය රූමත් වංශවත් සොහොයුරියන් දෙදෙනෙකි. ඇත්තෙන්ම ඔවුන් සතු එකම ධනය වන්නේද ඔවුන්ගේ රූමත් බවයි. මවගේ එකම අභිප්‍රාය ඔවුන්ව වංශවත් ධනවතුන්ට විවාහ කර දීමයි. වැඩිමල් දියණිය මවගේ අවවාදය පිළිපදිමින් එවැනි වංශවතෙකු හා විවාහ වේ. නමුත් එම විවාහයේ ආදරය රහිත විවාහයකි. ඔය අතර දෙසෝයුරියන්ගේ ලෝකයට එක් වන්නේ කඩවසම්, තරුණ ලේඛකයෙකි. ඔහු ධනවතෙකු නොවූවත් ඔහු සතුව ඇත්තේ විසල් හදවතකි. එය ආදරය උතුරායන හදවතකි. එම ආදරය සොහොයුරියන් දෙදෙනාටම පොදුවේ ගලා යයි. ඔවුන් දෙදෙනාම එකසේ ඔහුට ආදරය කරයි. ආරම්භය ඉතාම සුන්දරය. තිදෙනාම ආදර සෙල්ලම් වලින් මහත් වින්දනයක් ලබති. ක්‍රමයෙන් දෙසොහොයුරියන්ගේ ආදර සෙල්ලම ආදර යුද්දයක් බවට පෙරලෙන්නේ ඔවුන්ටද නොදැනීමය.

මෙය ජර්මානු චිත්‍රපටයකි. එහි කතා තේමාව ඉතාම ප්‍රභල අතර ප්‍රේක්ෂකයා මුළු කාලය පුරාම රඳවා ගැනීමට තරම් රසවත් බවකින්ද යුක්තය. ආදරය, බෘංගාරය, සිනහව, කඳුල මෙන්ම පළිගැනීම හා ක්‍රෝධය වැනි මානුෂ ගුණාංග ද මේ චිත්‍රපටය පුරාම මනාව විහිදුවා ඇත. කෙටියෙන් කියතොත් මේ වනාහි බලන්න වටින චිත්‍රපටයකි. මෙහි ඇත්තේ මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමනකි. එය නරඹා චිත්‍රපටය පිළිබඳ යම් අදහසක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

මෙම චිත්‍රපටය පහත ලින්ක් එක මගින් ඔන්ලයින් හරාහා සම්පූර්ණයෙන්ම නැරඹිය හැක. 

CLICK HERE TO WATCH THE FULL FILM, "BELOVED SISTERS"

Saturday, February 17, 2018

2017 වසරේ ලොව හෙල්ලූ චිත්‍රපටි 10ය මෙන්න...10 highest grossing films of 2017




2017 කියන්නෙ ලෝක සිනමාවට සුපිරිම චිත්‍රපටි ගනනාවක්ම එකතුවෙච්චි සුපිරි වසරක්. මේව බොහොමයක් අධායම් වාර්ථා සුණු විසුණු කරමින් තමා ලෝකෙ පුරාම තිරගත වෙලා තියෙන්නෙ. ඒවා අතරින් ලෝකෙ වැඩිම ආධායම් ලබා ගත්ත ඒ කියන්නේ ලෝකෙ පුරාම වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ට චිත්‍රපටි 10 ගැන තමා මේ වීඩියෝවෙන් කියවෙන්නෙ. මේවා ඔක්කොම හොලිවුඩ් චිත්‍රපට වීමත් විශේෂයක්. බහුතරයක්ම ඒවා මහ විශාල වියදමක් දරල තමා හදල තියෙන්නෙ. ඒ වගේම හොලිවුඩය හොල්ලගෙන ඉන්න නළු නිළියො තමා මේවයෙන් බොහොමයකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ. කොහොම උනත් මේවා එකක් නෑරම බලන්න හරි අපූරු චිත්‍රපටි පෙළක් වගත් කියන්න ඕනෙ. බලල නැත්නම් අනිවා බලන්න. ටොරන්ට් සයිට් වල මේ හැම ෆිල්ම් එකක්ම නොමිලේම බා ගන්න අවස්ථාව සලසලා තියෙනවා. ක්‍රමේනම් මම කියන්නෙ නෑ. දන්නෙ නැත්නම් පොඩ්ඩක් හොයල බලන්න. බයිස්කෝප් එල්.කේ වෙබ් අඩවිය හරහාත් මේ චිත්‍රපටි ලබා ගන්න ක්‍රම සලසලා තියෙනවා. ලෝකල් වීඩියෝ ෂොප් වලත් අනිවා ඇති.

Tuesday, February 6, 2018

The Warriors Gate...සරලයි...ත්‍රාසජනකයි....




මේක නම් හරිම අපූරු චිත්‍රපටියක්. මුල ඉඳන් අගටම, කිසිම කම්මැලිකමක් නැතුව බලා ඉන්න පුලුවන් චිත්‍රපටියක්. ඒ වගේම මේක චීන-ප්‍රංශ චිත්‍රපටියක්. ඒ කියන්නේ මේක හදන්න මේ රටවල් දෙකේම නිර්මාණකරුවන් දායක වෙලා තියෙනවා. මූලිකවම ගත්තොත්, මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ කියන්නෙ මෙකෙ අපිව කුල්මත් කරවන සටන් ජවනිකා රැසක් අඩංගු වෙලා තියෙනවා. ඒ එක්කම මේක විනෝදය, කෘතුහලය හා ත්‍රාශය ගෙනදෙන විද්‍යාප්‍රභන්ධ චිත්‍රපටියකුත් වෙනවා.

මේ අපූරු චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ඉස්කෝලෙ යන කොලු ගැටයෙක්. මේකා නිකම්ම නිකම් කොලු ගැටයෙක් නෙවෙයි වීඩියෝ ගේම් ඔස්තාද් කෙනෙක්. මෙයාට එයාගෙ චීන යාලුවෙක්ගෙන් හරි අපූරු තෑග්ගක් ලැබෙනවා. බැලූ බැල්මට ඒක වේවැල් වලින් වියපු පෙට්ටියක්. නමුත් මේක වෙනත් රාජධානියකට පිවිසෙන දොරටුවක් කියල පස්සෙ හෙලි වෙනවා. හැම කොල්ලෙක්ම වගේ මේ කොල්ලත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ලස්සන චීන කෙල්ලෙක් පස්සෙන් මේ දොරෙන් අර චීන රාජධානියට පිවිසෙනවා. එතන ඉඳන් තමා නියම කතාව පටන් ගන්නෙ. එයා දන්න ඔක්කොම වැඩයි තව අමතර වැඩයි පෙන්නල ඒ රටේ ඔටුන්න හිමි කුමාරිකාව මිලේච්ච හමුදාවකින් බෙර්‍රගන්න දරන උත්සාහය මේ කතාවෙන් හරි අපූරුවට පෙන්නල තියෙනවා.

කොහොම උනත් මේ අපූරු චිත්‍රපටයට මූල්‍යමය වශයෙන් නම් එච්චරම සාර්තක වෙන්න බැරි වෙලා තියෙනබවකුයි පේන්නෙ. ඇමරිකානු ඩොලර් මිලියන 48ක් වැය කලත් උපයගන්න සමත් වෙලා තියෙන්නෙ ඒ වියදමෙන් පොඩි කොටසක් විතරයි. හොලිවුඩ් චිත්‍රපටයක් තරම්ම අපූරුවට නිර්මාණය කරල තිබුනත්, ඒ තරම් ප්‍රචාරක හැකියාවක් නොතිබීම මේකට හේතුවෙන්න ඇති කියලයි මට හිතුනෙ. මම මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් මේ එක්කම දාල තියෙනවා. ඔයාල ඒක බලල තීරණය කරන්න මේක බලන්න තරම් වටින චිත්‍රපටයක්ද නෙවෙයිද කියල

  The Warriors Gate (2016) on IMDb

Thursday, February 1, 2018

Scarlet Diva ඉතාලියානු චිත්‍රපටය ගැන ඔබ නොදත් දේ.....

Scarlet Diva (2000) on IMDb



මේක චිත්‍රපට්යක් වගේම Asia Argento කියන ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරියගේ ජීවිත කතාවෙන් කොටසකුත් වෙනවා. හරිම අමුතු ක්‍රමයකට හදපු, බලපුවහම එකපාරටම තේරුම් ගන්නත් අපහසු සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන්. මේකෙ සරාගි දර්ශනත් ගොඩාක් අඩංගු වෙනවා. කොහොම උනත් මේක පහත් පෙලේ ලිංගික දර්ශන රැගත් චිත්‍රපටයක් එහෙම නම් නොවන වගත් කියන්න ඕනි. මේ අධ්‍යක්ෂක වරිය මත්ද්‍රව්‍යවල්ට තදින්ම ඇබ්බැහිවෙලා ඉන්න කෙනෙක්. එයාගෙ ජීවිතේ මේ හැමදෙයක්ම බැලන්ස් කරගෙන චිත්‍රපට ලෝකය සාර්ථකව ජයගන්න අඩිතාලම දාගන්නේ කොහොමද කියල අපිට මේ චිත්‍රපටය කියල දෙනවා.




  •  මෙම චිත්‍රපටයේ සම නිශ්පාදකවරයා වන්නේ ඇගේම පියායි.

    මෙම චිත්‍රපටය රූ ගත්කරන කාල වකවානුවේ මෙහි ප්‍රධාන චරිත රඟපාන Asia Argento සහ  Jean Shepard සැබෑ ආදරවන්තයන් ලෙසට කල් ගත කර ඇත.

    මෙහි ඇති බොහෝ ජවනිකා ඇය සැබැවින්ම මුහුණදුන් අත් දැකීම් ඇසුරින් නිපදවා ඇත.

පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න.


මේ වනවිට ඇය ඉතාම සාර්ථක අධ්‍යක්ෂිකාවක්, තිර රචිකාවියක්, චිත්‍රපට නිශ්පාදකවරියක් මෙන්ම නිලියක්ද වනවා. ඇය රඟපෑ ඉතාම ජනප්‍රිය චරිතයක් වන්නේ වර්ෂ 2002හිදී තිරගතවූ "XXX" චිත්‍රපටයේ "යෙලේනා" නම් රුසියානු ඔත්තුකාරියගේ චරිතයයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු "Vin Diesel" මහතායි.



ඇය පිළිබඳ වැඩි විස්තර පහත ලින්කුවෙන් කියවන්න.
https://en.wikipedia.org/wiki/Asia_Argento

 මෙම් චිත්‍රපටය පහත ලින්ක් එක තුලින් සම්පූර්ණයෙන්ම නරඹන්නත් ඔබට පුලුවන්
WATCH "SCARLET DIVA" full film BY CLICKING THIS LINK

click on "SKIP AD" to visit the movie page....
 The movie page is as follows...




Friday, January 26, 2018

COSMIC SEX බෙන්ගාලි චිත්‍රපටය ඔබ නැරඹිය යුත්තේ ඇයි?


මුලින්ම කියන්න ඕනෙ මේක ටිකක් නෙමෙයි ගොඩක්ම අමුතු චිත්‍රපටයක් කියල.
බොහොමයක් දෙනා කියන දෙයක් තමයි ඉන්දියාවෙ කලාත්මක චිත්‍රපටිවල උපත බෙන්ගාලය කියන එක. මේ චිත්‍රපටයත් ඒකට හොඳම උදාහරණයක්. වෙනත් බෙන්ගාල චිත්‍රපටවලට වඩා මේකේ තියෙන වෙනස තමා නිරුවත් දර්ශණ බොහොමයක් මේකෙ අඩංගු කරල තිබීම. ඒ නිසාම මේ චිත්‍රපටය ඉන්දියාව තුල ප්‍රදර්ශණය තහනම්. ඒ උනත් යූ ටියුබ් චැනලය ඔස්සේ පහත ලිංකුව තුලින් මුලු චිත්‍රපටයම නොමිලේම නරඹන්න ඔයාලට පුලුවන්. 
https://www.youtube.com/watch?v=MgVWqyA7tbo
මෙකේ කතාව හොඩනැඟිල තියෙන්නෙ තරුණයෙක් වටා. මෙයා මිනීමැරුමක් කරල ගෙදරින් පැනල යනවා. එහෙම යනකොට එයාගෙ උදව්වට මුලින්ම එන්නෙ ගණිකාවක්. ඒ ගණිකාව සමඟ එයාගෙ ගෙදරට යන තරුණයට නපුංශකයෙක් මුණ ගැහෙනවා. මේ නපුංශකයා මේ තරුණයට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. ඒ ආදරයෙන් බේරෙන්න මෙයා ඒ නපුංශකයවත් මරල එතනිනුත් පැනල යනවා. එහෙම යනකොට තමා එයාට හම්බ වෙන්නෙ එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වන අපූරු කාන්තාව. එයා මේ තරුණයට ජීවිතේ ගැන, ආදරය ගැන වගේම ලිංගිකත්වය ගැන බොහොම දේවල් කියා දෙනවා. නමුත් මෙයාලගෙ ශාන්ත නිස්කලංක ජීවිතේට කණකොකා හඬන දවසකුත් එනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඉතිං චිත්‍රපටිය බලලම තමා හොයාගන්න වෙන්නෙ.

ඔයාලත් ටිකක් සම්භාව්‍ය ගණයෙ ලස්සන චිත්‍රපටියක් බලන්න ආසනම් අනිවා මේක බලන්න. ඇත්තෙන්ම අපිට උනත් ඉගෙනගතයුතු දේවල් ගොඩක් මේ චිත්‍රපටය තුලින් කතා කරනවා. මේක ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් ගනනාවක් නියෝජනය කරපු ඒ වගේම සම්මාන උපයාගතපු චිත්‍රපටයක්.

මේ වීඩියෝවෙනම් තියෙන්නෙ ඒකෙ පූර්ව ප්‍රචාරක පටය විතරයි. චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වෙච්චි එකක් නිසා මම දැම්මෙ ලින්ක් එක විතරයි. මේ වීඩියෝව බලල හොඳයි කියල හිතෙනවනම් විතරක් ලින්ක් එකට ගිහින් චිත්‍රපටියත් බලන්න අමතක කරන්න එපා. 


මේක ගැන අන්තර්ජාලයේ පලවෙච්චි විවිධ අදහස් කීපයක් ඔයාල්ට පහත ලින්ක් වලින් බලා ගන්න පුලුවන්.


IMDb
Wikipedia

Tuesday, January 23, 2018

දවල් කෑමට ගිය මිතුරාට වූ දේ...A strange lunch with friend's wife...

මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු කෙටි චිත්‍රපටියක්. හරිම අමුතු කතාවක් තමා මේකෙන් කියවෙන්නෙ. විකෘති ආසාවන් තියෙන පුද්ගලයෙකුගෙ අහිංසක බිරිඳක් එයාගෙ පහත් ආසාවන් වෙනුවෙන් කරන එක්තරා විදියක කැප කිරීමක් විදියටත් මේක හඳුන්වන්න පුලුවන්. අපි ජීවත් වෙන සාමාජයේ මොනතරම් අමුතු දේවල් වෙනවද කියල මේක බලපුවහම මට හිතුන. ඔයාලත් බලලම තීරණය කරන්නකො මම හරිද වැරදිද කියල.