Friday, March 29, 2019

Super cool Audi A6 - 2019.....සුපිරි අවුඩි මෝටර් රථයක සුපිරි සවාරියක්!



Audi is known as one of the most comfortable vehicles in the world. The Audi is a product from Germany and they only produce high-lux cars. They are specially concerned about the safety options of their products. Only richest people are capable of afford an Audi.
අවුඩි කියල කියන්නෙ ජර්මනිය පාදක කරගත්තු සුපිරි මෝටර් රථ නිෂ්පාදක සමාගමක්. මේ ගොල්ලන්ගෙ නිශ්පාදනය කරන්නෙ අධි සුඛෝපභෝගී මෝටර් රථ පමණයි. ඒ වගේම ඒවායේ ආරක්ෂාවත් ඉතාම ඉහල මට්ටමක පවතිනවා. ඒ නිසාම මේ වර්ගයේ මෝටර් රථ පාවිච්චි කරන්නෙ ලෝකයේ ඉහලම පෙලේ ධනවතුන් පමණයි. (මේ මෝටර් රථ සමාගමත් ලංකාවට ළඟදි ඒමට නියමිත වොක්ස්වැගන් සමාගමේ අතු සමාගමක්. ඒ නිසා සමහරවිට අවුඩි නිපදවෙන කම්හලකුත් ඉදිරි අනාගත්යේදී ලංකාවෙ ඇතිවෙන්න යම්කිසි ඉඩකඩක් තියෙනවා. )

කොහොම උනත් මේ වීඩියෝවෙ පෙන්වන මෝටර් රථ වර්ගය හඳුන්වන්නෙ A6 sedan කියන සුරතල් නාමයෙන්. මේක ඇත්තෙන්ම අති සුඛෝපභෝගී මෝටර් රථයක්. ඒ වගේම අවුඩි සමාගමේ නිපදවෙන බොහොම ජනප්‍රිය මෝටර් රථ ඛාණ්ඩයක්. මේ වර්ගය මේ වෙනකොට 2019 වර්ශය සඳහාත් යාවත්කාල කිරීමට අවුඩි සමාගම පියවර අරන් තියෙනවා.  

Saturday, March 16, 2019

මාර ට්‍රික්ස් ඕයි මෙව්වා! Tricked her to take her cloths off!!

පුරුෂයා සිය බිරින්දෑට කඩය බාර දී මදකට එලියට යයි. ඒ අතර ඔහුව සොයා පැමිණෙන්නේ ණය කාරයෙකි. කඩේ සිටින ලස්සන කාන්තාව දකින ණය හිමියා සිය ණය මුදල පියවා ගැනීමට වෙනත් ක්‍රමයක් සොයා ගනී. තමාට වූ ණය නොපියවන ඒ පුරුෂයා ගැන ණය හිමියා තුල ඇත්තේ කෝපයකි. ණය මුදල වෙනුවට එම ස්ත්‍රිය රවටා ඇගේ නිරුවත බලා ගැනීමට ණය හිමියා උගුලක් අටවයි. මේ ස්ත්‍රිය ද එසේ මෙසේ ස්ත්‍රියක් නොවේ. හොඳින් පදම් වූ, කටසැර කතකි. ඇය ඔහුගේ උගුලේ අසුවේ ද? සිය නිරුවත මේ අමුත්තා ඉදිරියේ විදහා දක්වයි ද? දැනගන්න නම් දැන්ම මේ අපූරු වීඩියෝව බලන්න. 

Friday, March 1, 2019

රහස් හොයන චීන්නු ගැන කියවෙන Detective Chinatown 2018...

රහස් හොයන චීන්නු ගැන කියවෙන Detective Chinatown 2018



මේක සැබැවින්ම පට්ට (චීන) ෆිල්ම් එකක්. මේක බලනකම් මමනම් කවදාවත් හිතල තිබුනෙ නෑ චීන්නු ලෝකෙ වෙන දේවල් වගේම මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් කවදහරි දවසක අල්ල ගනිවී කියලා. මගේ සිතුවිල්ල වැරදියි කියල ඔප්පු කරපු බෙස්ට ෆිල්ම් එක තමා මේක. මේක ලොකෙවටේ හොයල තියෙන ආධායම විතරක් ඩොලර් මිලියන 544ක්. කජු ඇට ද කොස් ඇට ද අප්පා!!! ඩොලර් කිව්වම ඇඟ හිරිවැටිල යනව නේ ද??

හැබැයි එකක් කියන්න ඕනෙ.ඒ තමා මේක මේ තරම් විශාල ආධායමක් උපයගන්න සුදුසු මට්ටමේ සුපිරි ෆිල්ම් එකක්ම තමා කියන එක.

මේකෙ ප්‍රධාන චරිතෙ ඒ කියන්නෙ මේ කියන චීන රහස් පරික්ෂකයා අපි සාමාන්‍යයෙන් දැකල තියෙනෙ වෙනත් රහස් පරීක්ෂකයන්ට වඩා ගොඩාක්ම වෙනස් පොරක්. මෙයාට ඉන්නෙ ලෝකෙ කෙනෙකුට ඉන්න පුළුවන් ඉන්න පුළුවන් මෝඩම යාළුවෙක්. හැබැයි මේ මෝඩ යාළුවත් එක්තරා විදියක් වැඩකාරයෙක්. මූ කරන මැටි වැඩ වලිනුත් අපේ රහස් පරීක්ෂක යාළුවගෙ ඒ කියන්නෙ ප්‍රධාන පරීක්ෂකවරයාගෙ කටයුතු වලට නොසිතූ වාසි උදා වෙනවා. මෙයාලා අපි දැකල තියෙන වෙනින් රහස් පරීක්ෂකයන්ට වඩා ඒ කියන්නෙ ජේම්ස් බොන්ඩ්ලට වඩා වෙනස් වෙන තවත් ලක්ෂණයක් තමා කුපාඩියො නොවීම. මේ ගොල්ලන්ට යන යන තැන තියා කොහෙත්ම කෙල්ලො නෑ. ට්‍රයි කලත් වැටෙන්නෙත් නෑ. කෙල්ලෙක් පස්සෙන් ආවත් සෙට් කරගන්න තරම් පිනකුත් නෑ!! හැකියාවකුත් නෑ. හැබැයි රහස් හොයන්නනම් උපරිම දක්ෂතාවයක් උපතින්ම ගෙනල්ල තියෙනවා.

මේ ගොල්ලන්ගෙ හැකියාව වර්ධනය වෙලා තියෙන්නෙ එක්තරා ගේම් එකකට පින් සිද්ද වෙන්න. මේ ගේම් එක ප්ලේ කරන අය අතරින් හොඳම වැඩ්ඩො දහ දෙනාම මේ රහස් පරීක්ෂක වැඩේට සම්බන්ධයි. එක එක්කෙනාට එයාලටම අනන්‍ය වෙච්චි සුවිශේෂි හැකියාවන් තියෙනවා. හැබැයි මෙයාල වැඩ කරන්නෙ එක ටීම් එකක් හැටියට නෙවෙයි! වෙන වෙනම. මොකද මේ ගොල්ලන්ට භාර වෙලා තියෙන පරීක්ෂණය සාර්ථකව ඉවර කලොත් එහෙම කරන පළමු වැන්නට විශාල ත්‍යාග මුදලක් හිමි වෙනවා. ඉතින් ඒක ගන්න මෙයාල පුදුම රේස් එකක් තමා යන්නෙ.

ඉතින් මේ රේස් එක දිනන්නෙ කවු ද? මොකද්ද මේ ගොල්ලන්ට විසඳන්න ලැබිල තියෙන අරුම පුදුම පරීක්ෂණය? අන්තිමට මෙයාල මේක සාර්ථකව විසඳයි ද?  මේව දැනගන්න නම් මේ ෆිල්ම් එක ඔයාල බලන්නම වෙනවා.

මම මෙතන දාල තියෙන්නෙ මේ ෆිල්ම් එකේ දර්ශණවලට අදාල පොඩි වීඩියෝ එකක්. ඒක බලලා ඔයාලට ෆිල්ම් එක ගැන දල අදහසක් එයි කියල මම හිතනවා..