Friday, May 24, 2019

The other side of police trained dogs...පොලිස් නිල සුනඛය ගැන දන්න කථාවේ නොදන්න පැත්ත මෙන්න...

Dogs in the police forces are doing an important job under various categories. In fact, these dogs helps our police officers to identify illegal materials such as drugs and weapons. These dogs are specially trained.

ලෝකයේ තියෙන දියුණුතම උපකරණවලට හසු නොවෙන ඇතැම් දේ හසුකර ගන්න බල්ලන්ගෙ පිහිට පතන්න අපිට තාමත් සිද්ද වෙලා තියෙනවා. ඒ සඳහා ඇතිකරල තියෙන විධිමත් ආයතනය විදියට තමා මේ පොලිස් නිල සුනඛ කොට්ටාශය හඳුන්වන්න වෙන්නෙ. සාමාන්‍ය බල්ලෙක් සුවිශේෂී හැකියාවන් සහිත නිල සුනඛයෙක් කරන්න මේ කොට්ටාශයේ ඉන්න නිළධාරීන් සමත්. ඉතිං මේ අපූරු ක්‍රියාවලිය සිද්දවෙන ආකාරය පැහැදිලිකරගන්න තමා මේ වීඩියෝව නිර්මාණය වෙලා තියෙන්නෙ. මේක ඇත්තෙන්ම බලන්න වටින හරිම අපූරු වීඩියෝවක්.


Wednesday, May 8, 2019

සරත් ෆොන්සේකා, විමල් වීරවන්ශ, උදය ගම්මන්පිල හා ඩිලාන් පෙරේරා මැතිසබයේදී දැක්වූ උණුසුම්ම අදහස් කීපය මෙන්න....

මේ ඉන්න මන්ත්‍රීවරු කීපදෙනා විවිධ පක්ෂ කීපයකට අයිති, මතවාදයන් කීපයක් නියෝජනය කරන කණ්ඩායමක් උනත්, මේ කට්ටිය අතරෙ තියෙන අපූරු සමානතාවයක් මම දකිනවා. ඒ තමා මොවුන් සියළුදෙනාම එකසිතින් අපේ රටට ආදරය කරන, අපේ රට ගැන කැක්කුමක් තියන අය වීම. මම විතරක් නෙමෙයි; අපේ රටේ බොහෝ දෙනා මේකට එකඟයි කියන එකත් මම දන්නවා. අපි මේ ගතකරන්නෙ මේ වගේ අයගෙ සේවය අපේ රටට අත්‍යාවශ්‍ය කාලයක්. මේ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් උපරිමය මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න අපේ රටේ නායකයො කටයුතු කරයි කියලා මම හිතනවා. විශේෂයෙන් ෆෝන්සේකා මහත්මයාගෙ සේවය අපිට මේ වෙලාවෙ හරිම වැදගත් .


Saturday, May 4, 2019

Mitsubishi EK Wagon Review (video)...අඩු මිලට ගන්න පුළුවන් නියම ජපන් වාහනයක් මෙන්න...

Mitsubishi EK wagon is a non-hybrid Economy vehicle. It is not one of those high end Japanese vehicle but a base model with basic facilities. anyway, this vehicle is suitable for a family who are in search of a Japanese vehicle for a very low budget.

අපිට දැං වාහන ගන්න එක බොහෝ දුරට හීනයක්; විශේෂයෙන්ම ජපන් වාහනයක්. කොහොම උනත් දැං දැං ජපානෙ නිපදවෙන economy වාහන වලට යම් ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. වාහන විකුණන අය දැං දැං මාර්කට් කරන්න උත්සාහ කරන්නෙ ඒ වගේ වාහන. මේකත් ඒ ජාතිය වාහනයක්. මේකෙ ඉන්ධන කාර්යක්ෂමතාවයත් ගොඩක් හොඳයි කියලත් කියවෙනවා. කොහොම උනත් තියෙන පහසුකම් නම් අවමයි. එහෙම උනත් ඉතිං මේක ජපන් වාහනයක්නෙ. අඩු ගානෙ මේ ජාතිය වාහනයක් ගන්න පුළුවන් උනොත් අපිට ජපන් වාහනයක් තියෙනවා කියලාවත් සතුටු වෙන්න පුළුවන්නෙ; හා නැද්ද?




Friday, May 3, 2019

මෙන්න මේ ගොල්ලො දැං කියන දේ බලනකො

මේ කට්ටියම ඒ කාලෙ උත්සාහ කලේ සාධාරණ සමාජයක් ගොඩ නගන්නනෙ. දැං එයාලම කියනවා දැං එහෙම එකක් ගොඩ නැගිල නෑ කියලා. මේ මහත්තුරු දැං කතා කරන්නෙ කොයි පැත්තෙන්ද කියලා මටනං හිතා ගන්නවත් බෑ අප්පා!!

Wednesday, May 1, 2019

හරිම බරපතලයි!!

මේ වීඩියෝව බැලුවහම අපේ රටේ දේශපාලනය ගැන හරිම කලකිරීමක් ඇති වෙනවා. මේ ඇමතිතුමා කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එතුමාට පුළුවන්ද එතුමාගෙ අමාත්‍යාංශය යටතෙ තියෙන ආයතනයක වෙන දේවල් ගැන වගකීමෙන් මිදෙන්න? වෙන රටකනම් අදාල ඇමතිවරයා ඉල්ලා අස්වෙන්නත් අදාල නිළධාරීන් ඉවත් කරන්නත් තරම් බරපතල වැරැද්දක් මේක. අපි බලා ඉමු; ඉස්සරහට මොනවා වෙයි ද කියලා.