Sunday, October 23, 2016

The secret life of pets (best scenes) - සුරතල් සතුන්ගේ රහස් සංගමය?


The secret life of pets is one of the funniest and most successful animations films released on 2016. This is also a project from the team "Minions" (Illumination Entertainment). This 1-hour 27-minute long blockbuster animation film has earned around $858 million worldwide. It is a record-breaking performance because it is the highest profit earned by an Animation film other than from Pixar or Disney studios.


 2016 කියල කියන්නෙ Animation films ලෝලීන්ට කදිම වසරක් කියල නිසැකවම කියන්න පුලුවන්. මේ වසර ඇතුලත දැවැන්ත නිර්මාණ කීපයක්ම ඔවුන් වෙනුවෙන් පිරිණැමුනා. Secret world of pets කියල කියන්නෙ Minions film එක හදපු කට්ටියම හදපු, 2016 වසරෙදි එලිදැක්වෙච්චි අති දැවැන්ත වගේම අතිශයින්ම සාර්ථක වෙචිචි Animation film එකක්. මේ වීඩියෝ වල තියෙන්නෙ ඒ film එකෙන් තෝරගත්තු කොටස් කීපයක්. film එකනම් ඉල ඇදෙනකම් හිනා වෙවී බලන්න පුලුවන් සුපිරිම Animation film එකක්. මේ කොටස් ටික බලපුවහම ඔයාලත් නිසැකවම මේක හොයාගෙන බලන්න පෙලඹේවි. මේ film එකේ Blue-Ray version එක මේ වෙනකොට torrent sites වලින් නොමිලේම බා ගත කරගන්න පුලුවන්. හැබැයි ඉතින් පුලුවන්නම් මේක හදපු අයට කරන අනුග්‍රහයක් විදියට මුදල් ගෙවලම film එක හොයාගෙන බලන්න කියලත් මම පොඩි ඉල්ලීමක් කරනවා.







more info = https://en.wikipedia.org/wiki/The_Secret_Life_of_Pets
                    http://www.imdb.com/title/tt2709768/








Wednesday, October 19, 2016

Vikings 4th season's Official trailer - වයිකින්ග්ස්; රැග්නර් ලෝත්බ්‍රෝක් රජතුමාගෙ ජීවිත කතාව

 VIKINGS is one of the most popular TV series in the recent history. So far, 4 season were aired and this video shows the official trailer for the 4th season. 

වයිකින්ග්ස් කියල කියන්නෙ මෑත කාලයේදී ඉතාම ජනප්‍රිය වෙච්චි ටෙලි කතා මාලාවක්. මේක විකාශණය වෙන්නෙ "HISTORY කියල කියන පිටරට චැනෙල් එකක. ඔයාල Dialog TV එහෙම බලනවනම් අනිවා මේ චැනල් එක ගැන යමක් දන්නව ඇති. කොහොම උනත් යුරෝපා ඉතිහාසයටත් සම්බන්ධ මේ අපූරු කතාව HISTORY චැනල් එකේ ජනප්‍රියත්වය වැඩිකරන්න දක්වපු දායකත්වය ඉතා ඉහලයි.

මේ කතාවෙ කියවෙන්නෙ රැග්නර් ලෝත්බ්‍රෝක් කියන වයිකින්ග් රජතුමාගෙ ජීවිත කතාව කියලයි HISTORY චැනල් එකේ අය කියන්නෙ. මේක ඉතිහාස කතාවකට වඩා ත්‍රාසජනක චිත්‍රපටියක් සිහිගන්වනව කියලයි මටනම් හිතෙන්නෙ.

කොහොම උනත් වයිකින්ග්ස් කියන්නෙ එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන් ත්‍රාසය, භීතිය වගේම කුතුහලය හරිහරියට එකතු කරල හදපු දැවැන්ත නිර්මාණයක් බවනම් නිසැකවම කියන්න පුලුවන්.

දැනට මේකෙ Seasons 4ක් විකාශණය වෙලා අවසන්. මේ වීඩියෝව වයිකින්ග්ස් 4වෙනි season එකේ trailer එක. මේක බලල රස වින්දානම් කතාවත් හොයාගෙන බලන්න කියල ආරාධනා කරමින් මම නවතිනවා.




  
related links.


Thursday, October 13, 2016

Bull fighting is a dangerous sport - අනේ මෙහෙමත් ගොන්නු!

Bull Fighting accidents from Tinh on Vimeo.



Some say that bullfighting is a sport. Some say it is just madness. This particular video shows some of most fatal accidents faced by bullfighting fans. I can't say ENJOY! Anyway ENJOY if you could!!

ඇත්තටම මම මේකෙන් අදහස් කලේ කකුල් හතරෙ ගොන්නු නෙවෙයි කකුල් හතරෙ ගොන්නුන්ව අවුස්සල අමුතුම ෆන් එකක් ගන්න හදන කකුල් දෙකේ ගොන්නුන්ව.
ගවපොර කියල කියන්නෙ ස්පාඤ්ඤෙ බොහොම ප්‍රකට, ආදි කාලෙ ඉදන් පැවතගෙන එන ඒ ගොල්ලන්ගෙ ජාතික ක්‍රීඩවක්. කොහොම උනත් මේ වීඩියෝව බැලුවහම ඔයාලට තේරෙයි කොයි තරම් භයානක ක්‍රීඩාවක්ද මේක කියල. මේ විඩියෝවෙ පෙන්නන්නෙ ගව පොර නරඹන්නො මූණ දෙන භයානක අනතුරු කීපයක්.ඔයාලත් බලලම තීරණය කරන්නකො නියම ගොන්නු කව්ද කියල..