Wednesday, October 19, 2016

Vikings 4th season's Official trailer - වයිකින්ග්ස්; රැග්නර් ලෝත්බ්‍රෝක් රජතුමාගෙ ජීවිත කතාව

 VIKINGS is one of the most popular TV series in the recent history. So far, 4 season were aired and this video shows the official trailer for the 4th season. 

වයිකින්ග්ස් කියල කියන්නෙ මෑත කාලයේදී ඉතාම ජනප්‍රිය වෙච්චි ටෙලි කතා මාලාවක්. මේක විකාශණය වෙන්නෙ "HISTORY කියල කියන පිටරට චැනෙල් එකක. ඔයාල Dialog TV එහෙම බලනවනම් අනිවා මේ චැනල් එක ගැන යමක් දන්නව ඇති. කොහොම උනත් යුරෝපා ඉතිහාසයටත් සම්බන්ධ මේ අපූරු කතාව HISTORY චැනල් එකේ ජනප්‍රියත්වය වැඩිකරන්න දක්වපු දායකත්වය ඉතා ඉහලයි.

මේ කතාවෙ කියවෙන්නෙ රැග්නර් ලෝත්බ්‍රෝක් කියන වයිකින්ග් රජතුමාගෙ ජීවිත කතාව කියලයි HISTORY චැනල් එකේ අය කියන්නෙ. මේක ඉතිහාස කතාවකට වඩා ත්‍රාසජනක චිත්‍රපටියක් සිහිගන්වනව කියලයි මටනම් හිතෙන්නෙ.

කොහොම උනත් වයිකින්ග්ස් කියන්නෙ එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන් ත්‍රාසය, භීතිය වගේම කුතුහලය හරිහරියට එකතු කරල හදපු දැවැන්ත නිර්මාණයක් බවනම් නිසැකවම කියන්න පුලුවන්.

දැනට මේකෙ Seasons 4ක් විකාශණය වෙලා අවසන්. මේ වීඩියෝව වයිකින්ග්ස් 4වෙනි season එකේ trailer එක. මේක බලල රස වින්දානම් කතාවත් හොයාගෙන බලන්න කියල ආරාධනා කරමින් මම නවතිනවා.




  
related links.


No comments:

Post a Comment