Monday, April 8, 2019

All about the Flash..ෆ්ලෑෂ් ගැන නියම පැටිකිරියම මෙන්න

All about the flash...
ෆ්ලෑෂ් ගැන නියම පැටිකිරියම මෙන්න 


The flash is the fastest man in the world. But he had never run for the Olympics and he never will as he is only live in the world of comics. 



මේ කියන්නෙ ඇඩෝබ් ෆ්ලෑෂ් ගැන නම් නෙමෙයි; මේ කියන්නෙ අර බොහොම වේගෙන් දුවන හාදයා, ආං ඒ ෆ්ලෑෂ් ගැන. මෙයා ලංකාවෙත් එක්තරාකාලයක රූපවාහිනිය හරහා අපේ ආලින්දයට ආව කියන එක මටනම් මතකයි. අපි ඒ කාලෙ මේ වේගෙන් දුවන පොරගෙ කතා හරිම ආශාවෙන් නැරඹුවත් මට මතකයි. කොහොම හරි දැන් නම් මෙයාගෙ අළුතෙන් විකාශනය වෙන රූපවාහිනී මාලා නාටකය අපේ නාලිකාවක් හරහා නම් විකාශනය නොවෙනවා කියලයි මම හිතන්නෙ. කොහොම උනත් මේ කියන්න හදන්නෙ ඒ රූපවාහිනී කතා මාලාවල් දෙකම ගැන නෙමෙයි; ඒකෙ ඉන්න වීරයා ෆ්ලෑෂ් ගැන. මෙයා දුවන දිවිල්ලට අපේ ඇඟේ මයිල් ස්මයිල් වෙනවා. හැබැයි මෙයා ජීවත් වෙන්නෙ හා උපත ලැබුවෙ කොමික් කලාව හරහා. ඇමරිකාවෙ චිත්‍රකථා කලාව තමා මේ කොමික් කලාව විදියට විකාශනය වෙලා අද වෙනවිට හොලිවුඩයත් ආක්‍රමණය කරන්න තරම් ප්‍රභල වෙලා තියෙන්නෙ.. හැබැයි ඉතිං ඇමරිකාවෙ එහෙම උනාට ලංකාවෙනම් කීයටවත් එහෙම වෙන්නෙ නෑ.  ලංකාවෙ චිත්‍රකථා ශිල්පියො ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්නෙ. කොහොම හරි අපි ආයෙත් ට්‍රැක් එකෙන් පිට පැන්නා නේද?

හරි මෙන්න එහෙනම් කෙටියෙන්ම පූර්විකාව. මේ වීඩියෝවෙන් කියවෙන්නෙ මම අර මුලින් කියපු ෆ්ලෑෂ් වීරයගෙ උපත, එයාගෙ බලයන් හා එයා මෙතෙක් ගත් කරපු රහසිගත හා අපූරු ජීවිතේ ගැන අපූරු තොරතුරු කීපයක්. බලලම රස විඳින්නකො එහෙනම් ඔහේලා.     







No comments:

Post a Comment