Saturday, April 13, 2019

Secrets of the real Shaolin temple... ෂැවොලින් ආරාමයේ නියම රහස් මෙන්න...

Secrets of the real Shaolin temple....
Shaolin temple is the heart of martial arts. Almost all kind of martial art styles in the current world has some kind of connection to this amazing temple. (even karate). Visiting this temple and training in it is a dream of almost all martial artists in the world.



මාෂල් ආර්ට්ස් නැත්නම් සටන් කලා පිලිබඳ උනන්දුවක් දක්වන හැම කෙනෙක්ම හොඳින්ම වගේම හොඳටම අහල තියෙන තැනක් තමා ෂැවොලින් ආරාමය (Shaolin Monastery/Shaolin Temple) කියලා කියන්නෙ. මේක ගැන අහල තිබුනට මේක ගැන ඇත්තම තොරතුරු දන්න ඈයොනම් බොහොම ටික දෙනයි ඉන්නෙ කියලයි මම හිතන්නෙ. ඒකට හේතුව තමා මේ ආරාමය සටන් කලා ශිල්පයන් වගේම ශිල්පීනුත් බිහිකරන ආයතනයක් විදියට විවිධ කෝණ වලින් විවිධ චිත්‍රපට මඟින් අපට පෙන්වලා තිබීම. මේ අතරෙ මේ ආරාමය හා ඒකෙ විස්තර ගැන ඇත්තම පෙන්වන අවස්ථා තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්.

මේ ආරාමය පිහිටලා තියෙන්නෙ අපි කවුරුත් දන්න විදියට චීන රටෙ. මේකෙ මුල ක්‍රි.ව. 5වන සියවස දක්වාම දිවෙනවා කියලයි ඉතිහාසයේ තියෙන්නෙ. මෙන්න මේ ඓතිහාසික වටිනාකම නිසාම ෂැවොලින් ආරාමය මේ වෙනකොට යුනෙස්කෝ (UNESCO) සංවිධානය මඟින් ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. (හරියට අපේ සීගිරිය වගේ). බෞද්ධ ආරාමයක් වෙන මේ ආරාමයේ ආදිකතෘ වරයා ලෙස කියවෙන බටෞ (Batuo) කියන ස්වාමීන් වහන්සේ පැමිණිලා තියෙන්නෙ ඉන්දියාවෙ ඉඳන් බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්න කියලා මේකෙ ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඈත අතීතයේ ඉඳලාම අධිරාජ්‍යවරුන්ගේ අනුග්‍රහය ලබලා තියෙන මේ අපූරු ආරාමයට සටන් කලාව හඳුන්වාදීල තියෙන්නෙ 17වන සියවසේදී පමණ බෝධිධර්ම කියන හිමිනම විසින් කියලයි ඉතිහාසය දෙස් දෙන්නෙ. එදා ඉඳන් අද දක්වාම මේ ආරාමය මෙන්න මේ සටන් කලාවන් ගැන නමගිය ශිල්පීන් වගේම සටන කලා උපක්‍රම බිහිකරපු ආයතනයක් විදියට මුළු ලෝකය පුරාම ප්‍රචලිතව තියෙනවා. මේ ස්වාමීන් වහන්සේත් ඉන්දියාවේ ඉඳලා තමයිලු චීන රටට ගිහින් තියෙන්නෙ.  

ඒ වගේම මේ අපූරු ආරමයට සතුරු කරදර වලිනුත් අඩුවක් වෙලා නෑ. ඒ නිසාම මේක කිහිප වරක්ම විනාශ වෙලා ගිහින් නැවත ඒ නටඹුන් මතම ගොඩ නැඟිලා තියෙන බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

කොහොම නමුත් ලෝකය පුරාවටම සටන් කලාවන් ප්‍රචලිත කරන්න, ප්‍රචාරය කරන්න මේ ආරාමයෙන් ඈත අතීතයේ ඉඳන්ම වෙලා තියෙන්නෙ අනගිභවනීය සේවයක්. ඒකට හොඳම උදාහරනය තමා ජපානය මූලික කරගෙන බිහිවෙලා තියෙන කරාතේ සටන් කලාව. මේ සටන් කලාවේ පවා ඇතැම් ශිල්පීය ක්‍රම ලැබිල තියෙන්නෙ මේ ෂැවොලින් ආරාමය මඟින් බවට මේවෙනවිට සාක්ෂි සහිතව ඔප්පුවෙලා තියෙනවා.

මේ අපූරු ආරාමය ගැන ඇත්තෙන්ම කියවෙන, ඇත්තෙන්ම පෙන්වන වැඩසටහන් බිහිවෙලා තියෙන්නෙ ඉතාම ස්වල්පයක් කියල මම මුලින් කිව්වනෙ. මම අද මෙතන ඉදිරිපත් කරලා තියෙන්නෙ ඒවගේ එක වැඩසටහනක්. මේ වැඩසටහන මඟින් මේ ආරාමය ගැන හොඳ වැටහීමක් අපිට ගන්න පුළුවන් කියන් එකයි මගේ හැඟීම. ඔයාලට බලල මට කියන්නකො මම හරිද වැරදිද කියලා. ඒ වගේම මේවගේ වෙනත් වැඩසටහන් තියෙනවනම් comment එකකින් ඒ ගැන සඳහන් කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment